ඉදුනිල් නුගවෙල මෙි දවස්වල හිරු වියන හරහා ජාතික නාලිකාවෙන් ඔයාලා ලගට එනවා.පහුගිය දවසක එයාගෙයි-ඉදුනිල්ගෙ ආදරණීය සැමියා චන්දනගෙයි ලස්සන පින්තූර ටිකක් දකින්න ලැබුනා.ඉතින් ඉදුනිල් ගොසිප්ලන්තයට ගොඩවුනේ එ් ගැන විස්තර අපිට කියන්නයි.
ඉදුනිල්ගෙයි චන්දනගෙයි ලස්සන දවසක් ගැන අපිට ආරංචි වුනා
ඔව් ඒ අපේ හතරවැනි ඇනවසරි එක.
ජාතික නාලිකාවෙි ගීත ඉල්ලන වැඩසටහන් අතර හිරු වියන මුල් තැන තියෙන වැඩක් කරනව නේද?
ඇත්තටම ඔව්.ඒ ගැන සතුටුයි.මෙි වැඩසටහන ලංකාවෙි හැම ප්‍රේක්ෂකයෙක් වෙනුවෙන් ම වෙන් කරපු එකක්.
ඉදුනිල්ට එයාව හම්බවුනෙ කොහොමද?
එයා මුලින්ම වැඩ කලේ රන් එෆ් එම් එකේ.මම ශ්‍රී එෆ් එම් එකට වොයිස් කරන්න ගියා.මුලින්ම ඇහුවෙ එයා.මම එකපාරම කැමතිවුනේ නෑ.මම කීවා ගෙදරින් අහන්න කියල.පස්සෙ කැමතිවුනා.මම හිතන්නෙ අපි හරියටම ආදරේ කරන්න පටන්ගත්තේ විවාහ වුනාට පස්සෙ.අපි හැමදාම ආදරවන්තයෝ.
දෙන්නම මාධ්‍ය ක්ෂෙත්‍රයේ නිසා හොද තේරුම් ගැනීමක් තියෙනව ඇතිනේද?
චන්දන කොයිවෙලෙත් බිසී.
ඔය අතරෙ චන්දන පුංචිම දේවලිනුත් ඉදුනිල් ව පුදුම කරවනවලු නේද?
ඉදුනිල් චිත්‍රපටි වල රගපාන්න එන්නෙ නැත්තෙ ඇයි?
විශාරද විභාග කටයුතු හින්දා කිහිපයක්ම මඟහැරිල ගියා.ගොඩක් ආසයි රගපාන්න.දැන් මගේ මාස්ටර් එකත් ඉවරයි.

ඒකියන්නෙ දිගටම සංගීතයෙන් වැඩ පෙන්වයිද?
මම අවුරුදු හතරක්ම වෙිදිකාවෙි සිංදු කියනව.නෙතු දැහැන කියල මගෙම ප්‍රසංගයකුත් කලා.මෙි අවුරුද්දෙ තව සිංදුවක් කරනව
චන්දනයි ඉදුනිලුයි එකට වැඩසටහනක් කරන්න අදහසක් නැද්ද?
ආසයි.ඒත් මෙි කුහක සමාජය ඒකට ඉඩ දුන්නෙ නෑ.එකම චැනල් එකේ වැඩ කරත්දි අපිව කැපුව විතරයි.වැඩ ගත්තෙ නෑ.
එහෙම වැඩ කරපු අය ආපහු වැඩ වලදි හම්බවෙලත් ඇති?
ඔව් මම එහෙම දේවල් නොවුනු විදියට ඉන්නවා.චන්දනත් ගොඩක් දක්ෂයි.මම සිංදු වල වැඩත් කරගෙන අපේ ගමන පාඩුවෙ යනවා.




0 Comments :
Post a Comment