රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සදහා සෑම රටකම විශේෂ අවධානයක් ලැබුනද අප රටෙි මෙම තත්වය දක්නට නොලැබීම කාලාන්තරයක් තිස්සේ ඇති ප්‍රශ්න වලට හේතුවකි.විශේෂයෙන් ම රටක මූල්‍ය මරමස්ථානය යම් කිසි ආකාරයකට ඉලක්ක කරගෙන සිටින ආයෝජකයන් බිහිවීම එදා සිට සෙමින් සෙමින් සිදුව පැවතින.අහස උසට ඉදිවෙන ගොඩනැගිලි දකින අප සතුටු වුවද ඒ තුල ඇති යම් යම් ප්‍රභල බලවෙිගයන්හි තුන්වෙනි ආණ්ඩුවක් දකින්නට හැක.
අප මනාප ඡන්දය හරහා බලයට පත් කරන ලද ආණ්ඩුව ට අමතරව දෙවන ආණ්ඩුවක් ඇති බව මිනිසුන් නිතර විශ්වාස කරයි.එ් විපක්ෂයයි.එයට අමතරව සෑම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක වන තුන්වෙනි ආණ්ඩුවක් ඇත.අප එලවළු අලෙවිය ගැන කතාකලොත් එහි මැදිහත් කාර පාර්ශවයන් විසින් ගොවියාව මෙන්ම පාරිභෝගිකයාවද සූරා කෑම සිදුකරයි.එහෙත් මෙය කිසිම ආණ්ඩුවකට වැලැක්වීමට නොහැකි වූ කාරණාවකි.ප්‍රවාහන ක්ෂේත්‍රය තුල පෞද්ගලික බස් රථ තම ඒකාධිකාරයක් අත් කරගෙන සිටී.ආණ්ඩුවෙි බස් එහෙමත් නැත්නම් CTB බස්වලට තවමත් මාර්ගයේ තැනක් ලැබී නැත.සමහර තැන්වල එම බස් රථ වල සේවකයන් ප්‍රයිවට් බස් කාරයන්ගෙන් සන්තෝසම් ලබයි.එයද අයත්වන්නේ තුන්වෙනි ආණ්ඩුව යටතටය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වන කප්පම් කල්ලි ද ගණනාවකි.ඔවුන් විසින් යම් යම් සුළු පරිමාණයෙහි සිට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන්ද කප්පම් ලැබීමට පුරුදු ව ඇත.ඔවුන්ද අයිතිවන්නේ තුන්වෙනි ආණ්ඩුව යටතටය.මෙම ව්‍යාපාරිකයන් තමන්ගෙ ව්‍යාපාර වර්ධනය කරගැනීමට යට කී පාර්ශව බලපෑම් කරයි.මෙය කාලාන්තයක් තිස්සෙම සිදුවන කාරණාවකි.අනික් අතට ඒවා පාලනය කිරීමට ආණ්ඩුව ලෙස පත්වන කිසිම පාර්ශවයක් හෝ විපක්ෂය ඒ ගැන කතා නොකරති.ඒ අනුව බලන කල මෙම කල්ලිද නිල නොලත් තෙවන ආණ්ඩුව බවට පත්වෙයි.
කෙසේ වෙතත් මොවුන්ගේ නැගී ඒම වැලැක්වීම මහජනතාවට නොහැක.එය හුදෙක් ආණ්ඩුව සතු කටයුත්තකි.එය ඔවුන් පසක් කරගත යුතු අතර වැඩවර්ජන ආදියද මෙහෙයවන අයද මෙම තුන්වෙනි ආණ්ඩුවට අයත්ය.ඔවුන් මෙි ආකාරයට වෙනවෙනම සිටියද එකවිටෙක ඒක රාශීවුවහොත් සිදුවන දෙය බියකරු ය.මෙි නිසාම ආණ්ඩුව ඊට පියවර ගත යුතු අතර දෙවන ආණ්ඩුව ලෙස විපක්ෂය ඒ සදහා මතවාදයක් තැනිය යුතුය.

0 Comments :
Post a Comment