ads
News
Loading...

තුමිදුගෙ මුහුණ දාගත්ත හොරෙක්


රංගනයේ කවුරුත් හදුනන තුමිදුට ලොකු අකරතැබ්බයක් වෙලා.කවුද පුද්ගලයෙකු ඔහුගෙ සේයාරුව යොදාගෙන වංචාවක නිරත වෙන බවයි ඔහු පවසන්නේ.

මා හිතවත් මිතුරනි. මම සුසන්ත සාගර චන්ද්‍රසිරි නොවන බව සත්‍යයකි. ඒ අප ගොඩනැගූ චරිතයයි. එනමින් මිනිසෙකු මෙලොව ජීවත් වනවාද යන්නත් මම නොදනිමි. එහෙම එකෙක් සත්‍ය ලෝකයේ හිටියත් ඌට මගේ මූණ තිබෙන්නට බැරිබවනම් හොදින්ම දනිමි.

සුසන්ත සාගර චන්ද්‍රසිරි නමින් පෙනීසිටින මෙම Facebook Profile එක දැන් වසර ගණනක සිට තම මවට බෙහෙත් ගැනීමට යැයි පවසමින් මුදල් එකතුකරයි. වෙනත් රටවල සිටින බොහෝ දෙනා මේ පුද්ගලයා මා යැයි සිතා මුදල් යවා ඇත.

කරැණාකර අම්මා විකුනාගෙන කන මෙවන් සොරැන්ට නෙරැවටෙන්න. මේ ගැන අවස්තා කීපයකදීම Facebook report කලත් වැඩක් උනේ නැත. එබැවින් මේ පිළිඹද ඔබේ මිතුරන් දැනුවත් කරන්න.

මම සුසන්ත සාගර නොවන බවත්, එනමින් පෙනීසිටින අය හා සම්බන්දයක් නොමැති බවත්, මම 2018 දීම කිව්වෙමි. එවිට බොහෝ අය එය ආතල් එකක් කර ගත් අතර, මේ ජිඩිටල් ලෝකයේ හැටි ඔහොම තමයි කියමින් උපදෙස් දුන් හැටි මතකය. එහෙත් මේ ජිඩිටල් ලෝකයේ දැන දැන රැවටෙන්නටත්, රවටන තුරැ බලාසිටින්නටත් බැරිය.

කූඹියෝ නැරඹූ සැම දෙනාම තුමිදු කෙනෙකු නොදැන සිටිය හැකිය. එහෙත් ඔවුන් සියළු දෙනා මගේ රැව හදුනයි. ඉතින් මෙවන් වංචාවකට හසුවීම සාමාන්‍යය. එහෙත් පරෙස්සම් වන්න. අපි වැඩියෙන්ම රැවටෙන්නේ අප වැඩියෙන්ම ආශා කරන දෙයටම විය හැකිය.






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :