ads
News
Loading...

කිරළ කැලෙත් විකිණෙයි



සියවස් ගණනක් පුරා රජරටට සිය අභිමානය මුසු කල දැදුරු ඔය නිම්‍නයේ ඇත් පරපුරේ අවසන් පුරුක් කිහිපය මේ වනවිට සිය උපන් බිම් අහිමිව සරණාගතයන් ලෙස නවගත්තේගම, ගල්ගමුව , කලාවැව ආශ්‍රිතව ඉතිරිව ඇති අප්‍රකට කුඩා වනගහනය තුල ජීවත් වෙති.

වැව් තාවුලුවල ඉතිරිව ඇති පෝෂක ප්‍රදේශයන් ද සංවර්ධනය මුවාවෙන් විවිධ පාර්ෂවයන් අත්පත් කරගනිමින් සිටිති. මරණය පෙනි පෙනී රක්ෂිත මායිමේ ඇති වගාවන් තුලට රාත්‍රියේ එන අලි ඇතුන් දහවල් කාලයේ සැඟවී සිටින කිරලව රක්ෂිතය , ජාතික නාමල් උයන – කහල්ල පල්ලෙකැලේ රක්ෂිත මායිමේ පිහිටි අලි මංකඩක අවසන් කොටසයි. මෙම කිරලව රක්ෂිතයේ කොටසක් මහවැලි සංවර්ධන අධිකාරිය මගින් අඹ වගා ව්‍යාපෘතියක් සඳහා “ප්‍රයිම් සයිට්” නම් පුද්ගලික සමාගමට ලබා දීමට කටයුතු කරමින් සිටී. ආහාර හා වාසස්ථාන ගැටලුව උග්‍ර ලෙස බලපා ඇති කලාවැව අලි ඇතුන්ගේ අලි මංකඩක ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම ව්‍යාපෘතිය නිසැකවම අලින්ගේ මරණ වරෙන්තුව ලියනු ඇත.

කලාවැව ජාතික උද්‍යානයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට යෝජනා වී වසර ගණනක් ගත වී තිබේ. එහෙත් නෛතිකව කලාවැව – කහල්ල පල්ලෙකැලේ ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර නැත. එවන් පසුබිමක් තුල මෙම ආසන්න වනාන්තර ප්‍රදේශයන්ද පෞද්ගලික ව්‍යාපෘති සඳහා ලබාදීම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍ර කරවනු ඇත. සාමාන්‍ය ජන ජීවිතයත්, අලි ඇතුනුත් වනසා දැමීමට මහවැලි සංවර්ධන අධිකාරිය කටයුතු කරන්නේ ඇයි . . ?

වසර දහස් ගණනක් රජරටට ජීවය දුන් කලා – බළලු මහ වැව් මරණය සම්මුඛව සිටී. වැව් තාවුල්ලේ උණුසුම් බර අඩි තබමින් ඇවිද ගිය ” වළගම්බා ” වැනි ඇතුන් අද එහි නැත. නොවිසඳුණු අපරාධයක අංශු මාත්‍රයක් හෝ ඉතුරු නොකර වළගම්බා සමුගෙන තිබේ . මේ මොහොතේත් අප්‍රකට වැව් තාවුල්ලක ” රේවත , බරණ , දීඝදන්තු ” වැනි රජරට කිරුළු නොපළන් මහ ඇතුන් කඳුළු සළමින් බලා සිටිති .

Shashikalana Ratwtte


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :