ads
News
Loading...

යුගයේ ගාන්ධර්වයාගේ මතකය හොද අතට



විශාරද වික්ටර් රත්නායක පිලිබදව අපි ගොසිප්ලන්තය තුල නිතර කතාකලා.ඒ මහතාට දැන් සුවයෙන් පසුවන අතර පහුගිය දිනෙක ඒ මහතාගේ මතකය පිළිබදව විමසන අවස්ථාවෙි සිදුවූ සිදුවීමක් ගැන කතාබහක් අපට දක්නට ලැබුනා.

බුද්ධි ගලප්පත්තිගේ සටහන

" වික්ටර් රත්නායක ගේ පිසියොතෙරපිස්ට් ( Physiotherapist) පසුගිය දවසක ප්‍රතිකාර කරමින් සිටිය දී වික්ටර්ගේ මතක ශක්තිය පිළිබඳ ප්‍රශ්න කළ බව ආරංචියි. පළමුවෙන් ම ඔහු කවුද කියා ඇසූ විට තමා වික්ටර් රත්නායක බවත්, ජනප්‍රිය පුද්ගලයකුගේ නමක් කියන්නැයි කී විට මහින්ද රාජපක්ෂ කියා කී බවත් සැළයි.එම නිවැරදි පිළිතුර දීමෙන් පෙනෙන්නේ වික්ටර්ගේ මතකය ඉතා හොඳ බවයි. අද දවසේ ජනප්‍රිය පුද්ගලයා මහින්ද රාජපක්ෂම බව කීම සමග වික්ටර්ගේ දේශපාලනයක් ඈඳා ගැනීම විසුලු සහගත ය. මහින්ද රාජපක්ෂගේ දේශපාලනය පසෙක තබා මෙරට ජනප්‍රිය පුද්ගලයා ඔහු බව කීමට කවුරුන් හෝ මැළි වන්නේ නම් හේ කුහකයෙකි.
ඉන් පසුව, වික්ටර්ගෙන් චිකිත්සකයා විමසා ඇත්තේ මෙරට අගමැති, ජනාධිපති හා හිටපු අගමැති කවුරුන් ද කියායි.ඔහු ඉතා නිවැරදිව, මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන නම් පවසා ඇත. මේ නම් කිනම් අපූරු මතකයක් ද?
මේ සිදුවීම සම්බන්ධ කොට ගෙන සති අන්ත පුවත්පතක පළ වූ කටකතාව පිළිබඳ කිසිවක් නොකියමු. එහෙත්, වික්ටර් රත්නායකගේ මෙම ස්මරණ ශක්තිය පිළිබඳව නම් අපි සතුටට පත් වෙමු. ඔහු ඉක්මනින් සුවපත් වී පෙර පුරුදු වික්ටර් අය්යා ලෙස අප අතරට එන්නැයි ප්‍රාර්ථනා කරමු "


තවත් ලිපි




                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :