රංගනය නර්තනය නිවෙිදනය මෙි හැමදේකදිම දක්ෂ ඇය අද ගොසිප්ලන්තය තුලදි මුණගැහෙන්නෙ තමන්ගෙ කලා පවුලත් සමඟයි.ඇය අංජලී බුදවත්තයි.
මෙි කාලෙ පුංචි තිරය නරඔන අය අංජලීව දන්නෙ නිවෙිදිකාවක් විදියට නමුත් ඔබ රංගනය තුල නිහඬවම දිගු කාලයක් ගමනක් ආව කෙනෙක්?
වරින් වර විවිධ චරිත කලා,ඒත් මම ප්‍රමුකත්වය දුන්නෙ නිවේදන වෘත්තියට ,ඒ නිසාම සමහර රගපෑමේ අවස්ථා මගහැරියා,ඒකයි නිහඩ ගමනක් කියල හිතෙන්නෙ
අංජලී මුල් කාලෙ තෝරගත්ත චරිත තුල ලොකු කියවීමක් තිබුන.ඇත්තටම පිටපත ඊට බලපෑවද?
මුල් කාලෙ එහෙම තේරුමක් තිබුනෙ නෑ ලොකුවට ඒ ගැන ,මම ඒ කාලෙ බැලුවෙ ප්‍රතිරූපයට හානියක් නොවන චරිත තෝරගන්න විතරයි ,නමුත් දැන් හිතෙනව එහෙම හොද නිර්මාණ සදහා දායකත්වය දීම අහම්බයක් උනත් මගෙ විදිහට ගැලපෙන දේවල් ටිකක් කලා කියලා,හැබැයි දැන් නම් නිර්මායකට දායක වෙන්නෙ ගොඩාක් හිතල,අර කිව්ව වගේ පිටපත, අධ්‍යක්ෂ වගේ දේවල් අනිවාර්යයෙන් බලනවා.
ඔය අතරේ සිනමාව පැත්තෙනුත්් ආරාධනා ලැබෙන්නෙ ඇති ඒ කාලෙ?
නැහැ ,එහෙම කැපී පෙනුන චරිතයක් නෙමේ මම එදා වගේම අදටත්....මතක විදිහට එහෙම ආරාධනා ලැබුනෙ නෑ
ඒ කාලෙ ගොඩක් හැදුන යම් විදියක වෘත්තාන්ත ටෙලිනාට්‍ය. යම් හොද නිර්මාණ තිබුනත අද එතැන හැඩැසක්?
අනිවාර්යයෙන් ,ඒ ගැන අපි මාධ්‍ය තුල නිරතුරුවම කතා කරනවා,ඒක කතාවකට පමණක් සීමා වෙනවා මේ වකවානුවේ , ඉල්ලුම පුරවනවා ඇරෙන්න අපේ නිර්මාණ කරුවන්ට අද වෙන option එකක් නෑ,සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් මාධ්‍ය නාලිකා ඉල්ලන්නෙ ගැලරිට හරියන නාට්‍ය,නමුත් රසිකත්වය වෙනස් මානයකට අරන් යන්න බැරි කමක් නෑ,හැමෝම අත්වැල් බැදගන්නවනම්.
නිවෙිදනය තුල කලක් දකින්න ලැබුනෙ නෑ දෙවන පුනරාගමනය වුනෙ නුගසෙවන
ඔව් සිරස ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහනෙන් නුග සෙවන ට සම්ප්‍රාප්ත වෙන්න අවුරුදු පහකට වැඩිය ගියා,ඒ වසර කිහිපය මං කැප කළේ මගේ දුව වෙනුවෙන්
ඔබට ප්‍රේමය මුණගැසෙන්නෙත් කලාව තුළ
හිතුවෙ වත් නැති විදිහට කලාව තුල පවුල ගොඩ නගා ගන්න මං වසනාවන්ත වුනා.කෙටියෙන් කිව්වොත් කලා පවුලක්.
අධ්‍යක්ෂකවරයාගේ භූමිකා තුල නිරන්තරයෙන්ම බිරිද සිටි අවස්ථා අතීතයේ තිබුනා.ඔබෙි අත්දැකීම ඒ ගැන
ඇහුවොත් කියයි එයාගේ සෑම නිර්මාණයකම මම කොයිතරම් දුරට ඉන්නවද කියල,අද මේ මොහොතෙත් ඔහු රූගත කරන නිර්මානයේ මගේ දායකත්වය වැඩිපුර තියෙනව,රංගනයෙන් හැර අනෙක් සියලු කටයුතු තිර රචනයේ සිට මූල්‍යමය කටයුතු දක්වා මම ඔහු පසුපස,ඔහු හොද නිර්මාණ කරුවෙක් වෙන්න නම් ඔලුව නිදහස් වෙන්න ඕනෙ,ඒ නිසා මම ඒ හැමදෙයක්ම ආසාවෙන් කරනවා.
දියණිය තුල ඔබ දෙදෙනාගේම කලාව උත්තේජනය වෙනව විය හැකියි.ඇය එවන් පෙරනිමිති පෙන්වනවාද?
ඔව්,හැම දෙමාපියෙක් වගේම අපි දෙන්නත් ඒ සතුට විදිනව,අපි කරන දේවල් එයත් කරනව දැකල,ඒත් අපි දෙන්නගෙ බලාපොරොත්තුව අපිට වඩා ඇය ඉදිරියට යා යුතුයි කියලා.ඒක හැම අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ අහිංසක අසාවක්.
ඩිෆෙන්ඩරයෙන් හැප්පිල මැරිච්ච පොලිස් නිලියන්ගෙ කතාව
ඩිෆෙන්ඩරයෙන් හැප්පිල මැරිච්ච පොලිස් නිලියන්ගෙ කතාව


0 Comments :
Post a Comment