( මැතිවරණ කිටිටු කොට සංවිධාන අටවා ගැනීමෙි උගුල හෙවත් රත් වූ තැටියක රොටිය කරකර ගැනීම ) 1956 "මනමෙි " බිහිවු දා පටන් මෙි රටෙි නාට්‍යය කාරයො තම වෘර්තීමය අයිතින් දිනා ගැනීම සදහා විවිධාකාර අන්දමින් සංවිධානය ගත වි ඇති අයුරැත් ඉතා කෙටි කලකදි ඒ සියලු සංවිධානය කඩා වැටි දියවි ගොස් ඇති බවට ආසන්න මෙන්ම ඈත අතීතයද දෙස් දෙස්. මෑතකදි බිහිවු ටැග් ලංකා (2001) මෙන්ම (2015) බිහිවූ නැප්ටා හොදම උදාහරනය, ඒවා ඉතා උද්යෝගයෙන් පටන්ගෙන ඉතා ටික කලකදි ඈලි මෑලිව දියව ගොස් ඇත. එසේ වීමට බොහෝ සාමාජීය පුද්ගල කාරනා මෙන්ම තද බල දේෂපාලන කාරනාද ඇති බව අපි දනිමු. එසේ සංවිධාන කඩා වැටී හෝ වටිටා දියකරන හැම මොහොතක් පාසා..නැවත සංවිධානය නොවි සිටියොත් වෙන නස්පැත්තිය ගැනද මෙි නව කොරෝනා වසංගතයත් සමග නාට්‍යය කාරයන්ට අලුතෙන් සිතන්නට අපිට බලකලා. අනිත් සියලු සහෝදර කලා මාධ්‍යවල යෙදෙන සහෝදරයන්..සිනමා..ටෙලි කෙසේ හෝ ඔලුව උස්සන්න දරන වෑයමද නාට්‍යය කාරයන්ට පමනක් තව මාස ගනනාවක් යනතෙක් කරකියා ගන්න දෙයක් නැතිව ඔහේ බලා සිටිමට සිදුව ඇත. රගහලවල් වසා ඇත. ඒවට සෙනග ඇදෙන කාලයක්ද කිව නොහැක. නාට්‍යය පුහුනුව කෙසේ කොතන පටන් ගන්නවාදැයි සැක සහිතය. මෙි සියල්ල අස්සෙ පහුගිය දිනක මෙරට අගමැති වරයා කලා කරැ හමුවකදි නාට්‍යය කරැවන් සමිබන්දයෙන් කරන ලද ප්‍රකාශයක් හේතු කොටගෙන නාට්‍යය කරැවන්ගෙ සංවිධානයක උවමනාව අන් කවර දාකටත් වඩා කරලියට නැවතත් පැමින ඇත. එකල සංවිධාන ගත වි නාට්‍යය කරැවෝ ඉල්ලිමි ඉල්ලන විට ඒවා කුනු බක්කියට විසි කරන දේෂපාලන නායකයොම මෙකල යූනියන් හදාගෙන ඇවිත් ඉල්ලීමි ඉල්ලපල්ලා යනුවෙන් කෑමොර දීම නාට්‍යය බාසාවෙන් කිවහොත් පුදුම උත්ප්‍රසයක් දනවන්නකි. ප්‍රස්නය වන්නේ මෙි මොහොතේ දිනෙන් දින උනුසුම් වන චන්ද සටන අස්සෙ මොකක් හරි සංවිධානයක් අටව ගෙන ගොස් තැටිය රත්වෙන වෙලේ පුච්චා ගන්න ගිහින් සුපුරුදු පරිදි රොටිය කර ගන්නවද, වඩා නිදහස් සැනසිලි දායක කාල වකවානුවක සැබෑ නාට්‍යය කලා අබිලාෂ සමග සංවිධානය ගත වනවාද යන්නය. නාට්‍යය කලාවෙි යෙදෙන අප විසින් අද දවසේ මෙම ප්‍රස්නයට විසදුමක් වහා සොයා ගත යුතුව ඇත. එසේ නැතහොත් මෙවරද අපට අත්වන ඉරනමට අතිතයෙන් උගත හැකි පාඩමි එමට ඇත.. ගැටලුව වන්නේ අතීතයෙන් එම පාඩමි අපි වර්තමානයට ඉගෙන ගන්නවාද යන්නය..එම අතීතය හදාරනවාද යන්නය..?
බුද්ධික දමයන්ත
දෙදරන පාතාලය පළමු කොටස
0 Comments :
Post a Comment