ads
News
Loading...

නෙත් නොපෙනෙන අසරණ පවුලක සිහින සැබෑකළ මොරටු සරසවියේ උතුම් දූ පුතුන්


මේ කතාව පොලොන්නරුව වැලිකන්ද ග්‍රාමයේ ජීවත් වන අන්ධ පවුලක් ගැන. පුංචි නිවසක නොයෙක් අඩුපාඩුකම් සහිතව ජීවිතය ගෙවපු මෙයාලගෙ එකම ආදායම් මාර්ගය උනේ ලොතරැයි ටිකට් අලෙවි කිරීම උනාට මෙයාලගෙ ධෛර්‍යවන්තකමින් සහ හීනවලින් නම් අඩුවක් තිබ්බෙ නෑ. නොපෙනෙන මාවතක ජීවිතය ගැටගහගන්න මෙයාල වෙනුවෙන් යම්කිසි පුංචි දෙයක් හෝ කිරීමේ අරමුණින් එකතු වුනු මොරටුව විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ සහෝදර සහෝදරියෝ නන් දෙසින් මේ සඳහා ආධාර උපකාර හොයන්න පටන් ගත්තා.

ඒ ආධාර උපකාර වලින් ගොඩනැගුනු ඔවුන්ගේ හීනයක ප්‍රතිඵල ඔබට පහත ඡායාරූ වලින් පෙනේවි. ඒ වගේම ඔවුන් එම ගමේ පුංචි ලමුන් වෙනුවෙන් ද යමක් කිරීමට අමතක කළේ නෑ.

මේ කටයුත්ත සඳහා මාසයක පමණ කාලයක් කොළඹ සිට පොලොන්නරුවට යමින් එමින් ඔවුන්ගේ වියදම් දරාගනිමින් ගමේ සමිති ශාලායේ නැවතී සිට මේ අන්ධ පවුල වෙනුවෙන් කළ කැපකිරීම ඔබ අප අගය කළ යුතුම ය.
ඉතිං මොරටු සරසවි සහෘදයන්ට සහ නන් අයුරින් උදව් උපකාර කළ සියළුම දෙනාට පිං. ❤️

උපුටනය - කැම්පස් පිටුව









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :