ads
News
Loading...

ඒ දෙන්නගෙන් එහෙම යෝජනා එන එකක් නෑ


  
ප්‍රේමය ගැන හිතලා නෑ තාම.මට විසිදෙකයි

මගේ ගම මාතර.අම්මයි, තාත්තයි දෙන්නම සේවය කරන්නෙ ගුවන් හමුදාවෙි.එකම නංගි තවම පාසැල් අධ්‍යාපනය ලබනවා.මම ඉගෙන ගත්තෙ මාතර සුජාතා බාලිකාවෙි.දැන් පුද්ගලික සරසවියක තොරතුරු තාක්ෂණික අංශයේ උපාධිය හදාරනවා.මගේ වයස අවුරුදු 22 යි.

ජීවිතය ඇතිතුරා නා⁣ට්‍යයෙන් ඔබ හමුවට එන සංජානා ඒ විදියට තමන් ගැන කියන්න පටන්ගත්තෙ සතිඅන්ත පුවත්පතකට.සංවාදෙ ඉතිරි ටිකත් අපි කියවලම ඉමු.

හිමිදිරි ඉඩංගොඩ ගැන කිව්වොත් ?
ජීවිතය අැතිතුරා මගේ පළමු ටෙලිනාට්‍ය රංගනයයි.මෙි චරිතයට විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියා අන්තිමට තේරුනේ මම.ඒක ලොකු අවස්ථාවක්.හිමිදිරි කියන්නෙ පොහොසත් විදියට හිතන සහ හැසිරෙන චරිතයක්.එයාගෙ අමිමා උපතින්ම පොහොසත් පවුලකින් පැවක එන කෙනෙක්.තාත්තා බොහොම පොඩි තැනකින් එන කෙනෙක්.තාත්තා බොහොම පොඩි තැනකින් ඇවිත් පොහොසත් වන චරිතයක්.හිමිදිරිගෙ තාත්තගෙ සාම්ප්‍රදායික අදහස් වලට එච්චර කැමති නැහැ.එයා වැඩියෙන් සමීප අම්මාට.මෙහි ම⁣ගේ තාත්තා ලෙස රඟපාන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් සර්.අම්මට ඉන්නෙ ගයත්‍රි ඩයස් මහත්මිය.මුලින්ම මට ඒ දෙන්නා එක්ක රගපාන්න ගියාම ලොකු බයක් ඇතිවුනේ


සංජානිට මෙි අවස්ථාව ලැබුනේ මොන විදියට?
මීට පෙර රූපවාහිනී දැන්වීම තිහකට ආසන්න සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා.ඒ අතරේදී 2018 හිරු අවුරුදු කුමරිය තරගයට ගිහින් අන්තිම 12 දෙනා අතරට ආවා 2019 දී දෙරණ අවුරුදු කුමරිය තරගයට සාභාගි වී 3 වැනි ස්ථානය දිනා ගත්තා.මෙි ගමන ආවෙි ඒ විදියටයි.ශාන්ත සොයිසා මහතා සහ මහේෂ් සත්සර මද්දුමආරචිචි මහතා එක්ව කරන ජීවිතය ඇතිතුරා මගේ ජීවිතය අතිතුරාවට ලැබුනු විශාල අවස්ථාවක්.

ශ්‍රියන්ත මෙන්ඩිස් තාත්තා වී ගයත්‍රි ඩයස් අම්මා වුණාම අැතිවූ හැඟීම මොන වගේද?
ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්නට බැරි සතුටක් එයාලට.මම හරි ගරු කරනවා.ඒ වගේම මෙහි සිටින ප්‍රවීනයන් ඔක්කොමලා හරිම හොදයි.මතියෙන්නේ දිග නමක් නිසා " සංජානා " කියලා ඒ නම කෙටි කරගන්න කියලා උපදෙස් දුන්නේ ශ්‍රියන්ත සර්.දර්ශන තලයේදී රූගත කිරීම් වලට යාමට පෙර විවෙිකයක් ලැබුණාම ඒ අවස්ථාවලදීත් මම ඒ ඒ දෙන්නට අම්මෙ - තාත්තෙ කියනවා.ඒ දෙන්නා මට ෂූටින් නැතිවෙලාවලදී කතා කරන්නෙ  " බබා " කියලා

මෙහි පෙම්වතාට රගපාන්නෙ?
චානුක ප්‍රබුද්ධ,නාට්‍යයේ එයාගෙ නම පැහැසර,අනිත් කෙනා පැතුම් රුක්ෂාන් එනව.මෙි දෙන්නගෙන් කාටද හිමිදිරි හිමිවෙන්නෙ කියලා නාට්‍යය නරඔලා දැනගන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට කියනවා.

මෙි දෙන්නාගෙන් සංජානා කැමති කාටද?
කතාව අනුව පැහැසරට
සැබෑ ජීවිතයේ දී ?
  මෙි දෙන්නම සහෝදරයො වගේ.මමත් එයාලට සහෝදරියක්

දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් හැබෑ ජීවිතයේ යෝජනාවක් ආවොත්?
එහෙම වෙන එකක් නෑ දෙන්නම මට සහෝදරයින්

චානුක ගැන කිව්වොත්?
මෙි කතාවෙි වගේම සැබෑ ජීවිතයේදීත් එයා අහිංසක කෙනෙක්.එයා එක්ක වැඩකරන්න හරි ලේසියි.වැරදෙන තැන් පවා කියල දෙනව.ඇත්තටම එයා හොද අයියා කෙනෙක්.

සංජානා සැබෑ ජීවිතයේ මොන වගේද?
අධ්‍යාපන කටයුතු එක්ක රංගන කටයුතුකරගෙන යනවා.මෙි නාට්‍යයට අමතරව තව නාට්‍යයක් ලැබිල තියෙනව.ලැබෙන දේ හැකිතාක් හොදට කරලා රගපෑමෙන් දුර ගමනක් යන්න ආසයි.

සැබෑ ජීවිතයෙදි සංජානා?
මම නිතරම නිහතමානී වෙන්න ආසයි.ඒ වගේම හැමෝටම ගරු කරමින් සරලව ජීවත්වන චරිතයක්

සංජානාගේ ප්‍රේමය?
  මම අවුරුදු 22 ක පොඩි ළමයෙක්.ප්‍රේමය ගැන හිතලා නෑඅද මගේ ප්‍රේමය රගපෑමටයි.එදා මෙි නාට්‍යයේ චරිතයකට තෝරාගත්තාම මට පුදුම හිතුනා

දර්ශන තලයේදී මුහුණ දුන් සිදුවීම් ගැනත් කියමු?
  මම අලුත් නිසා සෑම නිවසක්ම හරි පුදුමයෙන් ගෙවන්නෙ.කැමරාව ඉදිරියට මුලින්ම ගියේ පණ බයේ ගැහෙමින්.දැන් නම් ටිකක් හුරුයි.කට්ටිය වතුර බොත්දි වතුර එකට ලුණු එහෙම දාලා දුන්නා.ඒ වගේ රසමුසු විහිළු තහළු මැද්දෙ ගෙවන කාලය හරිම රසවත්.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :