ads
News
Loading...

කාන්ස් සිනමා උළෙලට නිර්දේශවුනු කෙටි චිත්‍රපටිය



ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂකවරියගේ කෙටි චිත්‍රපටය "මහසෝනා" මෙවර ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේ "කාන්ස් කෝනර්" අංශයට තේරීලා.ගොසිප්ලන්තය ඇයට සුභ පතන අතර ඇයව අපි මෙලෙස සම්බන්ධ කරගත්තා.

මෙි වෙලේ සතුටු හිතෙන පුවත එක්කකම මහසෝනා ඇරඔුන හැටි ගැනත් කියමු

අලුතින් වැඩක් කරන්න හිතමින් ඉන්න වෙලාවක මේ චිතපටියේ සහය රචනයෙන් සම්බන්ද වුන රන්සිරි පෙරේරා ටික කාලෙකට කලින් ලියපු පිටපත් වගයක් කියවන්න ලැබුණා. ඒ අතර තිබුන කතාවක් තමා මේ මහසෝනාගේ කතාව. මම ඒ කතාවේ වස්තු බීජයට තමයි කැමති වුනේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලා ඔහුගේ වස්තු බීජය අලුත් ආකෘතියකට ආපහු ගොඩනැගුවා. නමුත් දෙබස් නම් සම්පූර්ණයෙන්ම ඔහුගේ මුල් පිටපතේ තිබුන ඒ්වාමයි.



ඉතින් මහ සෝනා ගැන සුභ පුවතක් තමයි අහන්න තියෙන්නෙ එහෙම නේද

ඔව්නේ. මේ අවුරුද්දේ ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ කෑන්ස් කෝනර් අංශයේ චිත්‍රපටිය තියෙනවා.
මෙික මුල්ම අවස්ථවෙද

ඔව්.. මහසෝනා චිත්‍රපටයේ පළවෙනි උ⁣ළෙල



චිත්‍රපටියට සම්බන්ධ වුනු අය ගැනත් කියමු

මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ ලමා නලු හේසර රන්මින කපුගේ. මේ ඔහුගේ පළවෙනි සිනමා රංගනය. අනෙකුත් චරිත නිරූපණය නිස්මං රණසිංහ, අසංක සායක්කාර, අමරදාස පෙරේරා, කුමුදු කුමාරසිංහ සහ අමිල කොඩිතුවක්කු. කැමරා අධ්‍යක්ෂක චානක විජේමුනිගේ, සංස්රණය සහ ශබ්ධ නිර්මාණය නන්දා නන්දි ජයකොඩි, වේශ නිරූපනය ප්‍රේම්ජයන්ත කපුගේ, සහය අධ්‍යක්ෂණය චතුරංගි රසිකලා පතිරගේ, නිශ්පාදන කලමනාකරණය හිමාෂි මොරිස්, විශේෂ ප්‍රයෝග අකිල වනිගරත්න, වර්ණ සංයෝජණය ලහිරු මධුශංක, උපසිරැසි උපාලි අමරසිංහ, කලා අධ්‍යක්ෂණය ලක්මා වීරසේකර, තිර රචනය මම සහ රන්සිරි පෙරේරා. ඒ වගේම විශාල පිරිසක් විශේෂයෙන් ස්තුති කරන්න ඕන අය ඉන්නවා.

මෙිදවස්වල කලා කටයුතු ගැනත් කිව්වොත්

මේ දවස්වල කලා කටයුතු සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. ගෙදරට වෙලා චිත්‍රපට බලන එක තමයි කරමින් ඉන්නේ. හෙමින් හෙමින් ලියන වැඩ කීපයකුත් කරමින් යනවා ඒ අතර. ලංකාවේ දැන් තියන තත්වේ එකක තව ටික කාලෙකට කලා කටයුතු සාමාන්‍ය විදිහක කරන්න අමාරු වෙයි කියලා තමයි හිතෙන්නේ. ඒ නිසා මිත්‍රයෝ කීප දෙනෙක් එකක විකල්ප විදි අත්හදා බලමිනුත් ඉන්නවා.


මහසෝනා අධ්‍යක්ෂණය කරමින්

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :