ads
News
Loading...

දරුවෙකුගේ අයිතිය හා සම්බන්ධ නීතිමය තත්වය


Goss
01.ලංකාවේ පුද්ගල නීතියට අනුව, දරුවකුගේ නෛතික භාරකාරත්වය ඇත්තේ දෙමාපියනට නොව අධිකරණය ට ය.
02.ඒ අනුව දරුවාගේ උපරිම යහපත තකා ඔහුගේ ස්ථිර හෝ තාවකාලික භාරකාරත්වය ලබා දිය යුත්තේ, මවට ද,පියාටද, නොමැතිනම් වෙනත් ආසන්න ඥාතියකු ට ද, එසේත් නොමැතිනම් පරිවාස දෙපාර්තමේන්තුව වැනි ආයතනයකටද, යන්න තීරනය කිරීමේ බලය ඇත්තේ අධිකරණයටය.
නමුත් මේ කිසිම අවස්ථාවක දරුවා පන්සලකට හෝ වෙනත් ආගමික ආයතනයකට බාර දීමේ බලයක් අධිකරණය ට නැත.
03.දරුවෙක් ස්වභාවික මව්පියන්ගේ කැමැත්ත මත වෙනත් පවුලකට හදා වඩා ගැනීමට ලබා දෙන්නේනම් , ඒ සදහාද කුලවද්දා ගැනීමේ පනතට අනුව නඩුකරයක් පවරා ඒ සදහාද අධිකරණයේ අවසරය ලබා ගත යුතුය.දරුවාගේ උපරිම යහපත ,අනාගත සුරක්ෂිතතාවය ,අාදී කරුනු රාශියක් සැලකිල්ලට ගැනීමෙන් පසුවය ,අධිකරණය එවැනි නියෝගයක් ලබා දෙන්නේ.
04.එසේ නොමැතිව දරුවන්ගේ භාරකාරත්වය හිතු මනාපයට බැහැර කිරීමෙන්, අපහරණය ට අනුබල දීම, ස්ත්‍රී දූෂනයට අනුබල දීම හා ලමා හිංසනයට වරදකරුවන් වීමට දෙමාපියනට සිදු වන අවස්ථාවන් එමටය.

05.එසේම කෙනෙක්ට දරුවකුට භාරකරුවකු හරහා දේපල පැවරිය හැකි නමුත් ලංකාවේ දේපල නීතියට අනුව දරුවකුගේ දේපල බැහැර කිරීමට අධිකරණයේ අවසරය ලබා ගත යුතුය.

06.අපරාධ නීතිය අනුවද අවු.16 ට අඩු ගැහැනු දරුවකු සමග ඇයගේ කැමැත්ත මත වුවද, ලිංගිකව සම්බන්ධ වීම බරපතල ගනයේ අපරාධයක් ය.

ඒ සෑම නීතියක්ම සැකසී ඇත්තේ, දරුවෙකුට ස්වාධීනව තීරන ගත නොහැකිය යන මූලික සිද්ධාන්තයට අනුවය.

07.දරුවන්ට අතවර කිරීමේ නඩු වලින් සැලකිය යුතු ප්‍රතිශතයකට චූදිතයින් වී ඇත්තේ විහාරාධිපති හිමිවරුන් සහ එයිනුත් වැඩිමනක් ⁣වින්දිතයින් ගෝල හිමිවරුන් වීමත්, පන්සල් ඇතුලේ වෙන බොහොමයක් දේවල් එලියට නොඑන බවත්, මේ රටේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් ය.

08.එසේ තිබියදී, දරුවන් කැමති වුනාය, හතර වරිගෙටම ලාබෙට නිවන් යතෑකිය විකාර විශ්වාස කරමින්,දරුවකුගේ ලමා විය ඔවුන්ට අහිමි කරමින්, දෙමාපියන් ගේ හිතුමතේට දරුවන් මහන කරද්දී, අර කී නීති රීති බලාත්මක කල නොහැක්කේ මන්දැයි, සැබවින්ම දරුවන් ට ආදරේ කරන සියලු දෙනා රජයෙන් විමසිය යුත්තේය.

ඒ අනුව දරුවෙක් සසුන් ගත කරන්නේනම්..

* දරුවා සම්බන්ධ පරිවාස වාර්තාවක්,
* මනෝ වෛද්‍යවරයෙකුට දරුවා ඉදිරිපත් කර ලබා ගත් වාර්තාවක්,
* පවුල් උපදේශකවරයකු වෙත පවුලේ සියලු දෙනා ඉදිරිපත් කර ලබා ගත් වාර්තාවක්,
*දරුවා ගෘහය තුල හිංසනයකට ලක් වන්නේද යන්න සම්බන්ධ පොලිසිය හරහා ලබා ගනු ලබන රහස්‍ය වාර්තාවක්,
* අධ්‍යාපනය ලබන දරුවෙක්නං , පන්තිභාර ගුරුවරයා හා විදුහල්පතිවරයා විසින් නිකුත් කරන වාර්තාවක්,
*දරුවා පැවිදි කිරීමට නියමිත පන්සලේ විහාරාධිපති හිමි විසින් , දරුවා පැවිදි වන්නේනම් දරුවාගේ අත්‍යවශ්‍ය විය හියදම්,ආරක්ෂාව හා රැකවරණය ලබා දිය හැකි බවටත්,අධ්‍යාපනය ලැබීම අැතුලු සියලු අයිතීන් සුරකින බවට වන දිව්රුම් ප්‍රකාශයක්,
*බෞද්ධ කොමසාරිස්වරයා විසින් එකී විහාරය හා විහාරාධිපති හිමි ගැන කරනු ලබන පරික්ෂණ වාර්තාවක්... සමග ඉහත කී අයගේ නිරීක්ෂන හා නිර්දේශ අැතුලත් සියලු වාර්තාද සමග....

කොමසාරිස්වරයා විසින් සිය වියදමින් පවරන ලබන නඩුවක් හරහා අධිකරණයේ අවසර ලබා ගෙන මිසක, ආවාට ගියාට බල්ලෝ බලල්ලු පන්සල් වල අතෑරලා යනවා වගේ කරන මේ සසුන්ගත කිරිල්ල වහාම නවත්වන ලෙස ද, ඒ සදහා මා යෝජනා කල ඉහත සඳහන් නිර්දේශ හා වෙනත් වෘත්තිකයින් හා නීතිපතිවරයා විසින් දෙනු ලබන නිර්දේශ හා උපදෙස් මත ද විෂයභාර අමාත්‍යවරයා විසින් නිසි නියාමනයක් සහ ක්‍රමවේදයක් ඇති කල යුතු බවට ද, සියලු දෙනා රජයට බල කල කල යුතු ය.

සසුන රැක ගැනීමට පෙර අපි අපේ දරුවන් රැක ගත යුතුය.

මන්ද යත් මටනං මගේ දරුවන් සේම ,මේ රටේ හැම දරුවෙක්ම දරුවන් ය.
සසුන නෙවෙයි, වෙන ඕනෑම දෙයක් රැකෙන්නේ දරුවන්ට හිමි ලමා විය ඔවුන්ට ලබා දී, ඒ හරහා ඉදිරි දැක්මක් හා ප්‍රබල පෞරුෂයක් හිමි පුරවැසියන් පිරිසක් මේ රටට දායාද කිරීම තුලින් පමනි.

By Wasantha Siri Watagoda01.ලංකාවේ පුද්ගල නීතියට අනුව, දරුවකුගේ නෛතික භාරකාරත්වය ඇත්තේ දෙමාපියනට නොව අධිකරණය ට ය. 02.ඒ අනුව දරුවාගේ උපරිම යහපත තකා ඔහුගේ ස්ථිර හෝ තාවකාලික භාරකාරත්වය ලබා දිය යුත්තේ, මවට ද,පියාටද, නොමැතිනම් වෙනත් ආසන්න ඥාතියකු ට ද, එසේත් නොමැතිනම් පරිවාස දෙපාර්තමේන්තුව වැනි ආයතනයකටද, යන්න තීරනය කිරීමේ බලය ඇත්තේ අධිකරණයටය. නමුත් මේ කිසිම අවස්ථාවක දරුවා පන්සලකට හෝ වෙනත් ආගමික ආයතනයකට බාර දීමේ බලයක් අධිකරණය ට නැත. 03.දරුවෙක් ස්වභාවික මව්පියන්ගේ කැමැත්ත මත වෙනත් පවුලකට හදා වඩා ගැනීමට ලබා දෙන්නේනම් , ඒ සදහාද කුලවද්දා ගැනීමේ පනතට අනුව නඩුකරයක් පවරා ඒ සදහාද අධිකරණයේ අවසරය ලබා ගත යුතුය.දරුවාගේ උපරිම යහපත ,අනාගත සුරක්ෂිතතාවය ,අාදී කරුනු රාශියක් සැලකිල්ලට ගැනීමෙන් පසුවය ,අධිකරණය එවැනි නියෝගයක් ලබා දෙන්නේ. 04.එසේ නොමැතිව දරුවන්ගේ භාරකාරත්වය හිතු මනාපයට බැහැර කිරීමෙන්, අපහරණය ට අනුබල දීම, ස්ත්‍රී දූෂනයට අනුබල දීම හා ලමා හිංසනයට වරදකරුවන් වීමට දෙමාපියනට සිදු වන අවස්ථාවන් එමටය. 05.එසේම කෙනෙක්ට දරුවකුට භාරකරුවකු හරහා දේපල පැවරිය හැකි නමුත් ලංකාවේ දේපල නීතියට අනුව දරුවකුගේ දේපල බැහැර කිරීමට අධිකරණයේ අවසරය ලබා ගත යුතුය. 06.අපරාධ නීතිය අනුවද අවු.16 ට අඩු ගැහැනු දරුවකු සමග ඇයගේ කැමැත්ත මත වුවද, ලිංගිකව සම්බන්ධ වීම බරපතල ගනයේ අපරාධයක් ය. ඒ සෑම නීතියක්ම සැකසී ඇත්තේ, දරුවෙකුට ස්වාධීනව තීරන ගත නොහැකිය යන මූලික සිද්ධාන්තයට අනුවය. 07.දරුවන්ට අතවර කිරීමේ නඩු වලින් සැලකිය යුතු ප්‍රතිශතයකට චූදිතයින් වී ඇත්තේ විහාරාධිපති හිමිවරුන් සහ එයිනුත් වැඩිමනක් ⁣වින්දිතයින් ගෝල හිමිවරුන් වීමත්, පන්සල් ඇතුලේ වෙන බොහොමයක් දේවල් එලියට නොඑන බවත්, මේ රටේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් ය. 08.එසේ තිබියදී, දරුවන් කැමති වුනාය, හතර වරිගෙටම ලාබෙට නිවන් යතෑකිය විකාර විශ්වාස කරමින්,දරුවකුගේ ලමා විය ඔවුන්ට අහිමි කරමින්, දෙමාපියන් ගේ හිතුමතේට දරුවන් මහන කරද්දී, අර කී නීති රීති බලාත්මක කල නොහැක්කේ මන්දැයි, සැබවින්ම දරුවන් ට ආදරේ කරන සියලු දෙනා රජයෙන් විමසිය යුත්තේය. ඒ අනුව දරුවෙක් සසුන් ගත කරන්නේනම්.. * දරුවා සම්බන්ධ පරිවාස වාර්තාවක්, * මනෝ වෛද්‍යවරයෙකුට දරුවා ඉදිරිපත් කර ලබා ගත් වාර්තාවක්, * පවුල් උපදේශකවරයකු වෙත පවුලේ සියලු දෙනා ඉදිරිපත් කර ලබා ගත් වාර්තාවක්, *දරුවා ගෘහය තුල හිංසනයකට ලක් වන්නේද යන්න සම්බන්ධ පොලිසිය හරහා ලබා ගනු ලබන රහස්‍ය වාර්තාවක්, * අධ්‍යාපනය ලබන දරුවෙක්නං , පන්තිභාර ගුරුවරයා හා විදුහල්පතිවරයා විසින් නිකුත් කරන වාර්තාවක්, *දරුවා පැවිදි කිරීමට නියමිත පන්සලේ විහාරාධිපති හිමි විසින් , දරුවා පැවිදි වන්නේනම් දරුවාගේ අත්‍යවශ්‍ය විය හියදම්,ආරක්ෂාව හා රැකවරණය ලබා දිය හැකි බවටත්,අධ්‍යාපනය ලැබීම අැතුලු සියලු අයිතීන් සුරකින බවට වන දිව්රුම් ප්‍රකාශයක්, *බෞද්ධ කොමසාරිස්වරයා විසින් එකී විහාරය හා විහාරාධිපති හිමි ගැන කරනු ලබන පරික්ෂණ වාර්තාවක්... සමග ඉහත කී අයගේ නිරීක්ෂන හා නිර්දේශ අැතුලත් සියලු වාර්තාද සමග.... කොමසාරිස්වරයා විසින් සිය වියදමින් පවරන ලබන නඩුවක් හරහා අධිකරණයේ අවසර ලබා ගෙන මිසක, ආවාට ගියාට බල්ලෝ බලල්ලු පන්සල් වල අතෑරලා යනවා වගේ කරන මේ සසුන්ගත කිරිල්ල වහාම නවත්වන ලෙස ද, ඒ සදහා මා යෝජනා කල ඉහත සඳහන් නිර්දේශ හා වෙනත් වෘත්තිකයින් හා නීතිපතිවරයා විසින් දෙනු ලබන නිර්දේශ හා උපදෙස් මත ද විෂයභාර අමාත්‍යවරයා විසින් නිසි නියාමනයක් සහ ක්‍රමවේදයක් ඇති කල යුතු බවට ද, සියලු දෙනා රජයට බල කල කල යුතු ය. සසුන රැක ගැනීමට පෙර අපි අපේ දරුවන් රැක ගත යුතුය. මන්ද යත් මටනං මගේ දරුවන් සේම ,මේ රටේ හැම දරුවෙක්ම දරුවන් ය. සසුන නෙවෙයි, වෙන ඕනෑම දෙයක් රැකෙන්නේ දරුවන්ට හිමි ලමා විය ඔවුන්ට ලබා දී, ඒ හරහා ඉදිරි දැක්මක් හා ප්‍රබල පෞරුෂයක් හිමි පුරවැසියන් පිරිසක් මේ රටට දායාද කිරීම තුලින් පමනි. By Wasantha Siri Watagoda
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :