ads
News
Loading...

ජාතික රෝහලේ එහෙම වෙන්නෙ ඇයි?



 අත්‍යවශ්‍යම සේවා අතර ලේඛනගත නොවුනද සෞඛ්‍යය ක්ෂෙත්‍රයේ ඒ යටතට ගත හැක.කෙසේ වෙතත් අගනුවර ප්‍රධානම රෝහල වන කොළඔ ජාතික රෝහලේ අඩුපාඩු ගණනාවක් වරින් වර අහන්න ලැබුනා.මෙවර ගොසිප්ලන්තයේ අපිට දැනගන්න ලැබුනේ එහි  නේවාසිකව නවාතැන් ගන්නට පැමිණෙන රෝගීන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න පිළිබදවය.එහි ගිය අප වාර්තාකරුවකු හට දැනගන්නට ලැබුනේ වාට්ටු වල ඇති ඇඳන් හිඟය නිසාම අැඳක් ලබාගැනීමට ඇතැම් සුළු සේවකයන්ට හා හෙදියන්ට රු 200-500 වැනි මුදලක් ලබා ගන්න පෙළඔිලා.මෙි තත්වය තව තවත් උග්‍රව තියෙන්නෙ  වාට්ටු පරිශ්‍රය තුල යම් යම් සොරකම් සිදුවීම ද එක්කමයි.
        කෙසේ වෙතත් තවමත් ⁣රෝහල් පාලන අධිකාරිය  හෝ අධ්‍යක්ෂක මණ්ඩලය මෙම තත්වයන් පාලනය කිරීමට පියවරක් ගෙන නැත.මීට පෙර දඔුල්ල රෝහලේ ද මෙවන් දේවල් සිදුව ඇති අතර කුරුණෑගල ද තත්වය වෙනසක් නැත.ඇතැමි විට රෝහල තුල ඉඩකඩ උපරිමයෙන් පාවිච්චි  නොකිරීම සහ නිසි සැලසුමක් නැති බව ඇදන් හිඟ වීමට හේතුවක් බව පැවසේ.එහෙත් අහිංසක රෝගීන්ගෙන් ඇඳක් සදහා මුදල් අය කරගන්නා සේවකයන් ට එරෙහිව වහාම පියවරක් ගත යුතුය.එමෙන්ම රෝහලේ  විමසීම් අංශයද  හදිසි අවස්ථාව මැනවින් තේරුම් නොගෙන කටයුතු කරනු දක්නට ලැබෙි.සෞඛ්‍ය අමාත්‍ය රාජිත  සේනාරත්න මහතාගෙ වැඩපිවැඩපිලියෙල අතර තුර මෙවන් ප්‍රශ්න එතුමා හට නිවැරදිව දැනුම්  නොදීම පිළිබඳව අදාල පාලන නිලධාරීන් වගකිව යුතුය.නිලධාරීන් ද ඒවා  නොදන්නා  සේ සිටිනවාදැයි සොයා බැලීම සෞඛ්‍යය අමාත්‍යංශය විසින් කඩිනමින් කල යුතුය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :