ads
News
Loading...

රොක් ගිටාර් හා වාදක බ්‍රයන් මේ හදවත් රෝගයට



මතකනෙ පහුගිය දවසක ලංකාවෙි ඇන්ජලා සෙනවිරත්න ප්‍රවීන රංගන ශිල්පිනිය
     බදුන් වෙල තියෙන බව අපි කිව්වා.මෙි කියන්න යන්නෙ ගායන ක්ෂේත්‍රයේ විශ්වීය වැඩකාරයෙක් ගැන.ලිපිය ලියන්නෙ මහේෂ් හපුගම්මන

ලොව බිහිවූ විශිෂ්ට ම රොක් ගිටාර් වාදකයෙක් වූ බ්‍රයන් මේ (Brian May) හදිසි හදවත් රෝගයකට ගොදුරු වූ බව බටහිර ජනමාධ්‍ය වාර්තා කරනවා. ලෝ ප්‍රකට රොක් ගායක කණ්ඩායමක් වූ ක්වීන් (Queen) හි මුල් පෙළ සාමාජිකයෙක් වූ බ්‍රයන් ටික කලක සිට රෝගී තත්වයෙන් පසුව තිබෙනවා. මේ වනවිට සෑහෙන පමණ සුවය ලබා ඇති බ්‍රයන් දැනට අත් වාරුවක ආධාරයෙන් ගමන් කරමින් සිටිනවා.

ඔහුගේ අභ්‍යන්තර මස්පිඩු අක්‍රිය වීම නිසා මින් පසු ආධාරකයක් නොමැතිව ගමන් කිරීම අපහසු බව සඳහන් කරන බ්‍රයන් මේ අද එලිමහන ට පැමිණ තම සංගීත ලෝලීන් ට ආයුබෝවන් යයි පවසා තිබෙනවා. ස්නායු සංකුලතාවයක් හේතුවෙන් තම මොළය අකර්මණ්‍ය වී ඇති බව පවසන ඔහු මේ එළබි ඇත්තේ නපුරු රාත්‍රියක් බව ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

'අද තමයි මුල් වතාවට මට දෙපයින් ඇවිදින්න පුලුවන් වුනේ. නැවුම් වාතාශ්‍රය ලැබෙන කොට නව පණක් ලැබෙනවා. නිල් අහස. ඉර පායනවා පැහැදිළිව පේනවා. ආලෝකවත්. උණුසුම්. සීතල සුළං රැල්ලක් හමනවා. සුදු පාට ලොම් වගේ වලාකුළු මගේ හිසට ඉහළින්. මම අත්වාරුවෙන්. අත්වාරුවේ පිහිටෙන් හිටගන්නවා. හැමදාම මොකක් හරි අවහිරයක් තිබුණ. ඒත් ඒවා හැමදාම තිබුනේ නැහැ. මම හිතන්නේ මේකත් වැඩිකල් තියෙන එකක් නැහැ. ඒ බාධා තිබුණ හැම වෙලාවක ම හිටියටත් වඩා ශක්තිමත් ව මම නැගිට්ටා. මැරුණේ නැත්නම් නැගිටිනවා ම තමයි. දැන්ම ම යන්නත් මම ලැහැස්ති නැහැ. තව මට පුළුවන් ගිටාර් එක සෙල්ලම් කරන්න... දිගටම සෙල්ලම් කරනවා'.

We will rock you, I want it all, Fat bottomed girl, Hammer to fall, I want to live forever සහ The show must go on තමයි බ්‍රයන් ගේ සදා නොමැකෙන රොක් පුරාවෘත්ත. මම මේ කිව්වේ කිහිපයක්.

අන්තර් ග්‍රහලෝක දුවිලි වල ප්‍රවේගය ආශ්‍රිත තාරකා භෞතික විද්‍යා ආචාර්ය උපාධියකට හිමිකම් කියන බ්‍රයන් තම ආචාර්ය උපාධිය ලන්ඩන් රාජකීය විද්‍යාලයෙන් ලබාගෙන ඇත්තේ 2007 වසරේ දී.

රෝලින් ස්ටෝන් සඟරාවට අනුව ලොව බිහිවූ විශිෂ්ට ම රොක් ගිටාර් වාදකයන් අතර 26 වැනි තැන වැජඹෙන බ්‍රයන් කුමන නිර්ණායක වලින් සැලකුව ද ලොව අමරණීය රොක් වාදකයෙක් බව අවිවාදිත ය. ඔහුගේ ජනප්‍රිය ම ගිටාර් නාද අතර Bohemian Rhapsody සහ Hammer to fall වගේම We'll rock you අමතක කරන්න බැහැ. මතකද Bohemian Rhapsody (2018) චිත්‍රපටය?

බ්‍රයන් ඔයාල කතා කලේ පරාජිතයෝ ගැන නොවෙයි. ජයග්‍රාහකයෝ ගැන. චැම්පියන්ස් ල ගැන. 1985 Live Aid ෂෝ එක ඉවර කළේ චැම්පියන්ස් ල විදියට. අන්තිම සිංදුව උනෙත් ඒක. ඔයාගේ යාළුවා ඊට පස්සේ මේ ලෝකේ දාල ගියා. පරාජිතයින් ට මේ ලෝකේ තැනක් නැහැ කියල තමයි එයා ගියේ. බ්‍රයන් ඔයාල සිද්ධ කරපු Live Aid වගේ ප්‍රාතිහාර්යමය සිද්ධියක් (miraculous event) ආයේ මේ ලෝකේ සිදු වෙන එකක් නැහැ. දැන් ඉන්නේ එහෙම ප්‍රාතිහාර්ය සිද්ධ කරන්න ආස අය නෙවෙයි. ඔහේ ජීවත් වෙලා මැරිලා යන්න සුදානම් වෙච්ච අය.

ඉතිං බ්‍රයන්... පුළුවන් නම් ඉතුරු පොඩි කාලේ ඇතුලේ තවත් මේ කරපු ඔක්කොම පසුකරලා යන ජාතියේ වැඩක් දෙකක් කරන්න....එහෙම කලත් නැතත් ඔව් ඔබ අමරණිය යි.

ඇත්තටම ආදරෙයි.

ඉක්මන් සුවය!


මහේෂ් හපුගොඩ



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :