ads
News
Loading...

නීති කඩන්නෙ නැතිව වීසා උපදේශනයට ගියොත් යුරෝපාගමන පහසුයි



අපේ රටෙන් හරි විදියට වීසා එකක්හදාගෙන යුරෝපා ලෝකයේ ප්‍රබල රටවල් වන ඇමරිකාව ,කැනඩාව,ඔිස්ට්‍රෙිලියාව ,නවසීලන්තය සහ යුරෝපා රටවල අධ්‍යාපනයට නැතිනම් රැකියාවකට යන්නෙ කොහොමද මෙි ගැටලුව තියෙන අයට ඒ ගැන කතා කරන්න අපි අද එකතුකරගත්තෙ ගුවන් ප්‍රවෙිශපත්‍ර ක්ෂේත්‍රයේ වසර දහයකට අධික විධායක ක්ෂේත්‍රයේ ඉහල අධ්‍යක්ෂිකාවක ලෙස අත්දැකීම් ඇති හෂාන්ති බොරලැස්ස මහත්මියයි.

හෂාන්ති බොරලැස්ස

* ගුවන් ප්‍රවෙිශපත්‍ර කර්මාන්තය මෙි වෙනකොට පත්ව තියෙන තැන ගැන කතාබහකින්ම අපි පටන් ගමු?

රටෙි පවතින තත්වය නිසා මෙි වෙනකොට ගුවන් ප්‍රවෙිශපත්‍ර කර්මාන්තය ඒ කියන්නෙ (Ticking )සේවයේ දෙලක්ෂ විසිදාහක විතර පිරිසකට මෙි දේ බලපාලා තියෙනව.මෙි ක්ෂේත්‍රයේ ගැටලු ගැන විෂය භාර ඇමති කෙනෙක් ඉන්නව.ඉතින් විෂය භාර ඇමතිට පුළුවන් මෙි ගැන හොයල බලන්න.
ලංකාවෙි ගුවන් ටිකට් පත් ආයතනයක් කරගෙන යන්න civil Aviation හි රෙජිස්ටර් වෙන්න ඔිනා.එහෙම රෙජිස්ටර් වෙලා ඉන්නකොට අවුරුද්දකට සැරයක් අපි දත්ත යවනව එහෙට.ඉතින් එයාලට පුළුවන් ඔිනැකමක් තියෙනවනම් අපි වෙනුවෙන් දෙයක් කරන්න.මොකද ඔවුන් දන්නව සේවකයන් ගන්න වැටුප් ප්‍රමානය ගැනත් දන්නව.ඉතින් යම් කිසි සහනයක් ලබාදෙන්නෙ නෑ.මාධ්‍යත් ස්ට්‍රක් කරන මිනිස්සුන්ගෙන් විතරයි ප්‍රශ්න අහන්නෙ

* ලෝකෙ සෑම ක්ෂේත්‍රයකටම වෘත්තියකට යම් කිසි රක්ෂණාවරණයක් තියෙනව.මෙි ක්ෂේත්‍රයේ එවන් දෙයක් තියෙනවද?

මෙි ක්ෂේත්‍රයේ රක්ෂණාවරණයක් කිසිම විටෙක නෑ.එහෙනමනම් ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට හරි තියෙන්න ඔිනා.එහෙම වුනානම් යම් කිසි සහනයක් හරි තියෙනව.මට මතකයි මම A 1 travel හි අධ්‍යක්ෂිකාව විදියට වැඩ කරගෙන යද්දි යම්කිසි පෞද්ගලික රක්ෂණ සමාගමකින්මෙහෙම යෝජනා වලියක් ගෙනාව.මම ඒක ආයතනය එකක් සාකච්චා කරද්දි මාසිකව ගෙවන මුදලට ආයතනය 50% ක් හා 50 % පඩියෙන් කැපෙන විදියට කරගන්න මම යෝජනා කලා.ඒ වුනත් ඒක ක්‍රියාත්මක වුනේ නැත්තෙ සේවකයන්ගෙ කැමැත්තක් නොතිබුන නිසයි.

ඒ වුනත් මෙික නීතියක් විදියට ගෙනැත් ඉන්ෂුවරන්ස් එකක් ඔිනා කියන තැනක හිටියනම් සේවකයො කැමති වෙයි.හැමෝටම ඒ වගේම ආයතන හිමිකාරිත්වයටත් ,සේවකයන් ට වන්දියකු ගෙවීමෙිදී මෙය පහසුවක් වෙන්න ඉඩ තිබුන⁣.හැබැයි මෙි දේවල් නීති ගති කලාට සමහර කම්පැනි සේවකයන් ගෙන් විතරක් කපන එක කරන්න නම් හොද නෑ.ඉතින් අර civil Aviation ලයිසන්එක අලුත් කරද්දදි චෙක් ලිස්ට් එකට මෙවැනි දේවලුත් ඇතුලත් කරන්නම ඔිනා.අන්න එතනදි තමයි සේවකයට සම්පූර්ණයෙන් රැකවරණය ලැබෙන්නෙ.

* වර්තමානයේ රජය විසින් මෙි ගැන යම්කිසි හෝ සොයා බැලීමක් කරල ඇත්ද

අද වෙනතුරු ගුවන් ටිකත් පත් අලෙවි කරන අය ගැන රජය තියා සිවිල් ගුවන් සේවා ආයතනය ,ටුවරිස් බෝඩ් එක හෝ Travel Association එක හෝ කිසිවෙක් මෙවැනි අය ගැන දත්ත අරගෙන රජයට භාර දීලාවත් නෑ.ඉතින් මෙවැනි සංගම් තිබිලත් වැඩක් නෑ.අපි වාර්ෂිකව ගෙවනව විතරයි.මෙි ක්ෂේත්‍රයේ ඉන්නෙ තරුණකොටස්.ඒමිනිස්සු ට මෙි දේවල් හිතාගන්න බෑ.ගොඩක් අය මාස හයකින් ,අවුරුද්දකින් හරි යයි කියල හිතුව වුනේ නෑ.සමහර ආයතනය වෙිතන දීලා පවත්වගෙන ගියා.⁣දැන් වෙද්දි වන්දි මුදල් ඇතිවහෝ නැතිව අයින් කරන තැනකයි ඉන්නෙ.ඉතින් වන්දි දුන්නෙ නැතිවම එයාලා කම්කරු දෙපාර්තමෙින්තු වට ගිහින් හරි නැවත මුදල් ගන්න කොච්චර කාලයක් යනවද.

මීට මාස දෙකකට පෙර මගෙ ලග හිටි සේවකයෙකුගෙ ලෝන් එකකට ගැරෙන්ටර් කෙනෙක් විදියට ඉදිරිපත් වුන⁣.ඒත් එයාගෙ සෑම ලියකියවිල්ලක්ම බලල අන්තිම මාස හය මුදල් නොලැබුනු නිසා ලෝන් එක හම්බුනෙ නෑ.අද දැන් බැංකුවත් ලෝන් දෙන්නෙ බැංකුවල තියෙන පිළිගත් ආයතන අඩංගු ලයිස්තුවේ රැකියාව කරන සේවකයෝ සහ රජයේ රැකියා කරන අයට පමණයි .මේ ක්ෂේත්‍රයේ අයට කිසිම සහනයක් නෑ අපිට හරියට පඩියකුත් නෑ.


* මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිනෙන අයට සේවා ලබා දීමට ආයතන දෙකකට විතරක් හැකියාව ලැබුණේ කොහොමද

පහුගිය කාලවල් වල civil Aviation අවසර ලත් අයට විතරයි ටිකට් විකුණන්න පුළුවන් වුනේ ඒ කියන්නෙ සාමාන්‍ය විදියට civil aviation ලයිසන් තියෙන අයට කමයි ටිකටින් කරන්න පුළුවන් වෙන්නෙ.එහෙම වුනත් මගෙ කස්ටර්මස්ල කිහිපදෙනෙක් මුහුණ දුන්නු අත්දැකීමක් තමයි එයාලා ලංකාවෙන් යද්දි අපෙන් Return Tickets (යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්)
අරගෙන ගියත් එයාලට ඒ Return Tickets වලින් ආපහු එන්න හැකියාවක් තිබුනෙ නෑ.ලොක්ඩවුන් එක වුනු ගමන්ම ඒ අය එම්බසි වලට කතාකලාම දැනගන්න ලැබිල තියෙන්නෙ කලින් මිලට ගත්තු ටිකට් පාවිච්චි කරන්න බැරි බවත් අලුතින් පත්කර ගත් ඒජන්තවරුන් දෙතුන් දෙනෙක්ගෙන් නැවත පැමිණීමට ටිකට් මිලදී ගත යුතු බවයි.ඒක අනිවාර්ය දෙයක් කරල තියෙනව අනිත් ඒජන්තවරුන් ට දැනුම් දීමක් නොකරම.ඒක හරිම අසාධාරණ වැඩක්.අනික් ඒජන්තවරුන් ට විතරක් නෙවෙි මගීන්ටත් කරන අසාධාරණයක් එය මොකද ඒ අයට සිදුවෙනව එකම ටිකට් එක දෙපාරක් මිලට ගන්න.සාමාන්‍යයෙන් අදාල දවසට මගීන්ට ඒ ටිකට් එක පාවිච්චි කරන්න බැරි වුනාම මගීන්ට දිනය වෙනස් කර ටිකට් පත පාවිච්චි කරන්න ඔිනෑම එයාර්ලයින් එකකින් අවසර ලැබෙනව.ඒ සදහා පොඩි අයකිරීමක් කලත් සමහර වෙලාවට අයකිරීමක් නැතිවමත් ඒ දේ කරන්න පුළුවන්.සමහර ටිකට් තියෙනව දින මාරු කරගන්න බැරි ඒවා.මම කියන්නෙ දිනය මාරු කරගන්න පුළුවන් සේවය තියෙන ටිකට් පත් ගැනයි.හදිස්සියෙ රජය විසින් කල මෙි රෙගුලාසිය අනුව කොහෙත්ම දින මාරු කරගන්න බැරුව එම මගීන්ට සම්පූර්ණයෙන් මුදල් ගෙවා නැවත අලුතෙන් ටිකට් එකක් ගන්න සිදුවෙලා තියෙනවා.සිහි වෙද්දි airline සමාගම් වලින් ගමනාගමනය සීමා කරලා තිබුණු නිසා ටිකට් වල මිල ගණන් ගනන් ඉතාම ඉහළ මට්ටමකයි තිබෙන්නේ.ඒක ඉතාම අසාධාරණ රෙගුලාසියක් වුණා .ඒ සම්බන්ධව මගේ ලග සාක්ෂි තියෙනවා.වෙන් ටිකට් ගත්ත ඇමරිකාවෙ ඉඳන් එන්න බැරුව හිටිය සමහර අය තාම ඉන්නේ ඒ රටවල් වල.

ආරංචි විදිහට මේ වැඩේ රජයට සම්බන්ධ ඇමතිවරුන්ගේ සුහද ආයතන කියලත් දැනගන්න ලැබෙනවා.මෙහෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන නිසා cvil civilation ලයිසන් තියාගෙන වැඩක් නෑ.

මේ වන විට වෘත්තීය වශයෙන් ලොකු සැලසුමක් තියාගෙන වැඩ කරනවා නම් මේ ක්ෂේත්‍රයේ හදන්න ගොඩක් දේවල් තියෙනවා නේද

ඇත්තටම මම හිතන්නේ Travel fair එකක් තියෙන්න ඕනේ ටිකේ හැමෝටම හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ කියලා.කොමිස් දීමත් එහෙමයි.කලින් ආණ්ඩුව තියෙද්දි srilankan airlines ශ්‍රී ලංකන් එයාර් ලයින් කොමිසන් මුදල 10% එක 7% කලා 5% කලාට පස්සෙ 0 කලා.ජාතික දේ අපිට මෙහෙම කළා ම එයාර්ලයින්ස් පවා අපේ commission නැවැත්තුවා රුපියල් 100 ටත් ඒ විදිහට ටිකට් දෙන්න ගත්තා.පින්ස් ටිකට් ටිකේ අවම මිල වගේ දේවල් නොහැදෙන තාක් කල් මේ ගැටලුව තියෙයි ඕවා ලොකු ප්‍රශ්න මේ ක්ෂේත්රයේ හොරකම ඇතිවෙනවා හතු පිපෙනවා වගේ travel agency බිහිවෙනවා බිහි වෙනවා සල්ලි අරන් රට පනිනව.ඒවා වැහිලා යනව. රටවල් වලට යන්න කැමති අය එහෙම රටකට යන්න මුදල් දෙන්නත් බයයි එච්චරටම හොරකම වැඩි වෙලා මෙි ක්ෂේත්‍රයේ.

තවත් මෙතනදි තැනදි තියෙන ප්‍රශ්නයක් තමයි inbound tours වල මිල ගණන් වල ලොකු පරතරයක් තිබීම.උදාහරණයක් වශයෙන් වැඩිපුර tours ප්‍රමාණයක් හෝ ලොකු සංචාරකයන් කණ්ඩායම් ගෙනෙන travel agent කෙනෙකුට හොටෙල් වලින් අඩු අඩුම මිල ගණන් තමයි ලබා දෙන්නේ.පොඩි චාරක කණ්ඩායම් හෝ කුඩා ප්‍රමාණයෙන් tours කරන ඒජන්ත වරුන් ට හොටෙල් වලින් දෙන මිල ගණන් ගනන් ගොඩක් වැඩියි.සංචාරක ව්‍යාපාර වලට ම මුල් තැන දීලා තියෙන තායිලන්තය වගේ රටවල් වල ඕනෑම agent කෙනෙකුට දෙන මිල ගනන් සාමාන්‍යයි ඒක එහෙම වෙන්න ඕනනේ.මොකද හැම travel agent කෙනෙක් කෙනෙක්වම රටට එන්න සංචාරකයන්ට උපරිම සේවයක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ ඒත් මෙහෙම මිල ගණන් ගනන් මෙහෙම වෙනස් උනාම ඒක සංචාරකයන්ට වුණත් වුණත් අසාධාරණයට හේතුවක් වෙනවා. මගේ අදහස අනුව සංචාරක මණ්ඩලයට පුළුවන් මිල නියමයක් මේ සම්බන්ධව සියලුම හොටෙල් වල ඒ ඒ අදාල තරු පන්ති වලට අනුව ලබා දෙන්න.




* සංචාරක ව්‍යාපාරයේ කොටසක් වන මෙි ක්ෂේත්‍රයේ ඔබ දිගු කාලීන අත්දැකීම් ඇති කෙනෙක් නේද

මම තායිලන්තයේ තමයි මුලින්ම සේවය කලේ. 2010 තමයි මම එයාර්ලයින් වෘත්තීය අධ්‍යක්ෂකවරියක් විදියට වෘත්තිය පටන්ගත්තෙ.ඒ වගේ ම අධ්‍යක්ෂිකාවක් හැටියට  හොඳ රෝල් එකක් කලා නිහඬවම ඒ වගේම දන්න අය ඒ ගැන දන්නවා.දැන් visa වීසා උපදේශිකාවක් ලෙස වීසා ලබා දෙන පිළිගත් පුද්ගලික ආයතනයක මම වැඩ කරනවා.මගේම මම අලුත් විදිහකට ක්ෂේත්‍රයට එන්න සූදානම්ව ඉන්නවා visa කවුන්සිල්  හරි විදිහට කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම මුලාවේ වැටිල තියෙන රටවල රැකියාවේ හෝ අධ්‍යාපන කටයුතු වලට යන්න කැමති අයට අපි මෙතන දී නිවැරදි උපදේශන සේවයක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.මගේ අලුත් සේවාව හරියට ඔස්ට්‍රියා, ඕස්ට්‍රේලියා ඩුබායි ,ඇමරිකාව ,නවසීලන්තය ,එංගලන්තය වැනි රටවල් වල අපේ නියෝජිතයන් නියෝජිතයන් ගේ සහය අපෙන් එම රටවල්වලට යන්න බලාපොරොත්තු වෙන අයට ලබා ගන්න ලබාගන්න පුළුවන් වෙනවා එතනදි අපි කරන්න යන්නේ පැය 24 ම විසිහතරම ඕනෙම වෙලාවක අපේ ආයතනයෙන් එම රටවල් වලට ගිහින් ඉන්න අයට අපිව සම්බන්ධ කරගන්න හැකි ක්‍රියාවලියක් නිර්මාණය කරන්න ඒ වගේම zoom online තාක්ෂණය හරහා උපදේශනය සපයන්න අපි බලාපොරොත්තු වෙනවා අලුත් මුහුණුවරකින් ක්ෂේත්‍රයේ අයට රැකියාව ලබා දීලා දෙයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ

අපේ රටේ කෙනෙකුට නිසි ලෙස විදේශගත වෙන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධ කාරණා වලදී ඔබ සහය වෙනවා නේද විදේශ ගතවෙන්න කලින් ආසියාවේ රටකට යන්න වගේම නොවෙයි යුරෝපා හෝ ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් වලට කියද්දී යද්දි යනකොට ගොඩක් දේ බලනවා එතකොට එයාලා ඔයාගේ travel කරපු දේවල් ගැන බලනවා ලංකාවට එන එක ගැනයි පවුලේ අයගේ වෘත්තීය ගැනයි බලනව මේකේ එක් එක්කෙනාගේ හැකියාව සහ අදාළ personal profile එක අනුව වෙනස් වෙනවා මේ ඉස්සර consultant කෙනෙකු හරහා උපදෙස් ගැනීමයි වඩාත් හොඳ වෙන්නේ.ගොඩක් ආයතන මුදල් පරමාර්ථයෙන් විතරක් දෙයක් කරන්නෙ. ඒත් ඉතින් consultant කෙනෙකු නම් අදාළ කෙනාගේ පසුබිම මත තමයි උපදෙස් දෙන්නෙ

වර්තමානයේ රටෙි ඇතිව ඇති තත්වයත් එක්ක අපේ රටෙි අයට වැඩි අවස්ථාවන් ඇති රටවල් ගැනත් කිව්වොත්

මෙි වෙලාවෙ ගොඩක් කෝල් එන්නෙ skills Migration වලට.ලංකාවෙි එහෙම Skills තියෙන අයට හොද ප්‍රවනතාවයක් තියෙනව කැනඩාව ඔිස්ට්‍රෙිලියාව,නවසීලන්තය ,ඇමරිකාව වගේ රටවල් වලට අවස්ථාව තියෙනව.එහෙම අයට අපිට උපදෙස් දෙන්න පුළුවන්.අවුරුදු 32 පැන්නට පස්සෙ මෙි අවස්ථාවන් අඩු නිසාම අඩු වයසින් තමයි මෙිවාට අයැදුම් කරන්නඔිනා.ඒක නිසා skills Migration යන්න බලාපොරොත්තු වෙනව නම් අවම වශයෙන් අවුරුදු 24 - 25 වගේ කාලයේ උපදෙස් අරගෙන ඒ සදහා යොමු වෙන්න පුළුවන් .

අපි ලගට එන සමහර අය අවු21 දී තීරණය කරල තියෙනව අවුරුදු 26 -27 වෙද්දි මොන රටෙිද ඉන්න ඔිනා කියල.අන්න එහෙම අයට ගොඩක් අවස්ථාව තියෙනව.එහෙම වැඩ කරන අයට අපිට පුළුවන් උපදේශන සපයන්න.

මෙි සම්බන්ධයෙන් කැමැත්ත ඇති අයෙක් මුලින් සිදුකල යුතුවන්නේ කුමක්ද

මුලින්ම කරන්න ඔිනා අවුරුදු 21 -22 දී ලෑස්ති වෙන්න.නැතිව අපේ අය ලක්ෂ විස්සක් විතර පෙන්නලා ටුවරිස් වීසා හදාගෙන ඉන්න්ව ඒකෙදි අපේ අය ගොඩක් බෑන්ඩ් වෙල ඉන්නව.මෙි නීති කඩල යන එක නිවරැදි නෑ.PR එක ගන්න නම්අදාල උපදෙස් අරගෙනයි තමන්ගෙ මාර්ගය හදාගන්න වෙන්නෙ


හෂාන්ති බොරලැස්ස මහත්මියව සම්බන්ධ කරගත හැකි ආකාරය

0777775878
විද්‍යුත් ලිපිනය hashanthi@gmail.com



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :