ads
News
Loading...

උපකාරක පන්ති ගැන ආන්දෝලනයක්

  

කොවිඩ් නිසා පාසැල් ළමුන්ට වැඩිපුර අපහසුතාවයට පත්වන නිසා තාක්ෂණය යොදාගෙන පන්ති සිදුවන්නේය.නැවත උපකාරක පන්ති පැවැත්විය යුතුද යන්න අද සමාජයේ කතාබහට ලක්ව තිබෙි.මෙි පිළිබදව ආර්ථික විද්‍යා ප්‍රවීන දේශක අමරනාත් බටගොඩ තැබු සටහනක් පහළින්

උපුටනය
ගෙදරක සිසුන් 5 දෙනෙකුට පවත්වමින් සිටි පංතියක් වැටලූ පොලිස් කණ්ඩායමක් අහසට වෙඩිතබා සියළුම දෙනා මර්ධනය කර අත් අඩංගුවට ගනී....!!!!!😠

කලබළ වෙන්න එපා.. වෙච්ච එකක් නෙවෙයි ..වෙන්න යන එකක්..දරුවන් ඉගෙනීමට කැමති නම්, දෙමවිපියන්ගේ දැඩි උවමනාවත් දරුවන්ට ඉගැන්වීම නම්, ගුරුවරුන් ඊට කැමති නම් අැයි මේ අනිත් අයට නැති කෙනෙහිලිකම් අපට..

ජනමාධ්‍ය අැතුළු බොහෝ කණ්ඩායම් දරුවන්ගේ ඉගෙනීමත් දරුවන්ට ඉගැන්වීමත් මේ දිනවල මහා අපරාධ ඝනයේ ලා කතා කරනු පෙනේ. කරුනාකර මේ අශීලාචාර ක්‍රියා නවතා දැමිය යුතුයි. ඔබේ වෘත්තියට ගරහනවාට ඔබ අකමැතිවාක් මෙන්ම මගේ වෘත්තිටය ගරහනවාට මමද අකමැතියි.

පාසැල් ගුරුවරුන් මවා තිබෙන්නෙ දෙවියන් විසින් වන අතර ටියුෂන් ගුරුවරුන් මවා තිබෙන්නේ යක්ෂයින් විසින්..එ් නිසා පාසැල් වසා දැමුවත් දෙවියන්ගේ කැමැත්තට අනුව පාසැල් ගුරුවරුන්ට වැටුප් ගෙවීමට නියම කර තිබෙනවා..ජීවත් වීමේ අයිතිය ලබාදී තිබෙනවා. යක්ෂයින් විසින් මැවූ හෙයින් ටියුෂන් ගුරුවරුන් ඉදිරියේදී නිරාහාරව දුක්විඳ මිය යාතුයි..ඔවුන්ට හොඳ වැඩේ මෙච්චර කල් කරපු අපරාධ වලට..

පාසැල් ගුරුවරුන් දෙවියන් බවට පත්වී ටියුෂන් ගුරුවරුන් සමාජයට යක්ෂයන් වූයේ කෙසේද? එ්යට හේතුව සරලයි..මුදල්..විශාල පංති කරන ගුරුවරුන් විසින් උපයන මුදල් ප්‍රමාණය සහ ලබාගන්නා අාකර්ෂනය මත ඔවුන් යක්ෂයන්ගේ දරුවන් බවට පත්වෙනවා..හරි එය එසේ යැයි සිතමු. නමුත් සිසුන් දහ දෙනෙකට ..සිසුන් විසිදෙනෙකුට උගන්වන පුංචි ටියුෂන් ගුරුවරුන් පාසැල් ගුරුවරුන් හා සමතැනේ ලා සැලකිය හැකියි නේද? යක්ෂයින්ගේ දරුවන්වන විශාල ලෙස මුදල් උපයන ගුරුවරුන් දඬුකඳේ ගසා හෝ මේ කුඩා ගුරුවරුන්ව නිදහස් කර රැකගත හැකියි නේද?

කොරෝනා බෝඋනේ වල්ගා තරුවකින් කියන කතාව සම්පූර්නයෙන්ම වැරදි සහගතයි..😂😂
කොරෝනා බෝවුනේ ටියුෂන් පංතියකින්..එ් ටියුෂන් පංතියෙ නම තමයි "වල්ගා තරුව"..😂 එ්කනෙ මේකට මෙච්චර බය. නෑ මේ සැලකීමට කියන්නෙ මිලේච්චත්වය කියල..

කුඩා පරිමානයෙන් දරුවන් 20,30,40 වගේ ප්‍රමාණයේ පංති ගනනාවක් කරමින් කිසිවෙකුට අත නොපා තම ජීවිතය ගොඩනගා ගැනීමට වෙර දරන ගුරුවන් බොහෝ පිරිසක් මමද හඳුනමි. මේ සමහර ගුරුවරුන් කුඩා මොටර් රථ මිලදී ගෙන සාර්ථකව තම වෘත්තියේ නියැලෙමින් , පවුල් ජීවිතය අාරම්භ කර, කුඩා නිවෙස් තැනීමට අත්තිවාරම් දමා අනාගතය පිළිබඳ සුබ සිහින දකිමින් සිටි ස්වාධීන මිනිසුන් කණ්ඩාමක්. මාස තුනක් තිස්සේ ඔවුන්ගේ අාදායම බින්දුවයි. මේ වන විට ලීසිං ගෙවීමට පවා ලබාදී තිබුනු බැංකු සහන කාලය අවසන්. දැං කරන්නේ කුමක්ද? අනුකම්පා කිරීමද? ගුරුවරුන්ට අවශ්‍ය අනුකම්පාව නොවේ. අවශ්‍ය වන්නේ ජීවත් වීමට තිබෙන අයිතිව සාධාරණව තහවුරු කිරීම පමනයි. බොහෝ දිස්ත්‍රික්ක වල කොරෝනා අවධානමක් නැහැ. එවැනි පළාත් වල මෙවැනි කුඩා පංති අාරම්භ කිරීමට බැරි අැයි? බස් වලින් යා හැකි නම් , කර්මාන්ත ශාලා විවෘත කළ හැකි නම් සමාජයේ දැඩි අධ්‍යාපනික අවශ්‍යතාවයකුත් තිබේ නම් ගුරුවරයෙක් නිවෙසක හෝ කුඩා පංතියක ඉගැන්වීමේ වරද කුමක්ද?

අප සමාජයක් වශයෙන් කළ යුත්තේ එක් එක් කණ්ඩායම් වලට ක්‍රමක්‍රමයෙන් නැගිටීමට අතහිත දීම නොවේද? රටේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර වී කම්කරුවන්, පෙදරේරුවන්, වඩුවැඩ කරන්නන් වැනි බොහෝ දෙනෙකුට රැකියා නොමැතිව සිටින බව රහසක් නොවේ. අප කළ යුතු වන්නේ ඉදිකිරීම් කටයුතු අාරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම නේද? එවිට නේද රටේ අාර්ථිකය ශක්තිමත් වී සියළුම දෙනාට යහපත් කාලයක් නැවත ළගාවන්නේ..

මා දැක තිබෙනවා පෞද්ගලික බෙහෙත් ශාලා පවා විවෘත කර මිනිසුන් පිරී සිටිනවා. සෞඛ්‍ය මූලිකයි. අාරෝග්‍ය ශාලාත් විවෘත විය යුතුයි. එය හොඳ දෙයක්. නමුත් ප්‍රශ්නය මේකයි, එතන හැදෙන්නෙ නැති කොරෝනා පුංචි පංති කාමරයක් තුළ හැදෙන්නේ කෙසේද යන්නයි. මෙතන තිබෙන්නේ වෙන කිසිවක් නොව අනෙකාගේ ප්‍රශ්න ගැන තම පපුවේ තෙතමනයක් නොමැතිවීමයි. මේ වෙලාවේදී තිරණ ගනිමින් සිටින දේශපාලකයින්ගේ සහ සෞඛ්‍ය අංශ බලධාරීන් තුළ පවතින මුග්ධ බව සහ ද්වේෂ සහගත බවයි.

පාසැල් ගුරුවරුන් අැතුළු රජයේ සේවකයින් වන ඔබ දැනගත යුතු සත්‍ය නම් මේ දම්වැලේම පුරුකක් ලෙස ඔබද මෙයට අැමිණී සිටින බවයි. පෞද්ගලික අංශය මේ අාකාරයට අක්‍රීය වී තවත් මාස කිහිපයක් ඉදිරියට ගියහොත් සියල්ල කඩා වැටෙන බවයි. රජයේ බදු අාදායම අහිමි වී ඔබේ වැටුපද ඔබට අහිමි වනු අැත. එදිනට හදවත කම්පනය වේවි තමාගේ වේදනාවෙන්..

විශාල පංති වලට පටන් ගන්න දෙන්න එපා. ඔවුන් දැං හම්බ කර ගත්තා අැති. කමක් නෑ අපි එහෙම හිතමු. කරුණාකර මේ කුඩා පංති අාරම්භ කර අාර්ථිකය ශක්තිමත් වීමට තවත් එක් පුරුකක් දම්වැලට අමුනන්න. කුඩා පංති කරන ගුරුවරුන් සංවිධානය වී තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී යථාර්තය පහදා දෙන්න. ඔබේ ප්‍රශ්නය විසඳීමට ලොකු ගුරුවන් පසු පස යන්න එපා. එය නිරර්ථක වැඩක් . ඔබේ ප්‍රදේශය තුළ සංවිධානය වී බලපෑම් කරන්න. මෙය රටේ අාර්ථිකය හා බැඳුනු බරපතල ගැටළුවක්. පාසැල් අැරීම හෝ වැසීම දේව කාර්යයක් නිසා එය වැදගත් නැහැ. පාසැල් විවෘත වුවත් නැතත් කුඩා උපකාරක පංති හෝ අාරම්භ විය යුතුයි. අනිවාර්යෙන්ම එය විය යුතුයි..

මෙවැනි අති දුෂ්කර වූ කාල පරිච්ඡේදයක් තුළ කළ යුතුවන්නේ කුමක්ද? අප නිරහාරව මිය යන්නේ නම් අනෙකාද නිරාහාරව මිය යුතු යැයි ප්‍රාර්ථනා කිරීමද.. නැතිනම් අනෙකාට හෝ ජීවත් වීමේ මාර්ගය සකසා ගැනීමට උදව් කිරීමද? ඔබ දන්නා මනුෂ්‍යත්වය කුමක්ද?

අමරනාත් බටගොඩ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :