ads
News
Loading...

මැතිසබයට කලින් පෝරකයට යන චොකා



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.මොහු කාලයක් තිස්සේ දේශපාලනය තුල මැර වැඩ සදහා ප්‍රකට අයෙක් ලෙස සැලකේ.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන්ය.ඒකාලයේ දී සිදුවී ඇති මෙම අපරාධය පිලිබදව පූර්ණ නඩුවිභාගය අවස්ථාවෙි මෙම දඩුවම් නියම කිරීම සිදුවිය.

   කෙසේවෙතත් පහුගිය කාලේ පොදුජන පෙරමුණෙහි අපේක්ෂිකාවක් වන ඔිෂදී හේවාමද්දුමගේ ට පමණක් චෝදනා එල්ල වූයේ ඇය එවන් දෙයකට නුසුදුසු බවයි.නමුත් දැන් ඇස් පණාපිටම පෙනෙන්නේ ඇයට පක්ෂය තුලින්ම මඩ ගසන බවත් නුසුදුසු අය ඇති බවත්ය.මන්ද අපරාධකාරයෙක් ලෙස චොකා මල්ලි මරණ දඩඅවමට ලක්වීම ලාංකීය දේශපාලනයේ කැටපතක් වැනි නිසාමය.  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :