ads
News
Loading...

ඔයාගේ චූටි දුව දාලායත්දි මතක්වුනේ නැද්ද



අද ජාත්‍යන්තර කාන් තා දිනය.ඉතින් රංගන ශිල්පිනියක් වූ රොෂානා ඔන්ඩච්චි තමන්ගෙ පෙර ස්වාමි පුරුෂයා මන්ත්‍රී මනූෂ නානායක්කාර ට පලකල සටහන ට මෙි විදිහේ ප්‍රතිචාරයක් දක්වා තිබුනා.

මනූෂ පලකල සටහන පහළින්

ජාත්‍යන්තර කාන්තා දිනය අපි අද සමරනවා. කාන්තා දිනය දවසේදී විතරක් නෙමෙයි, අවුරුද්දේ හැම දවසකම මගේ ජීවිතය පිටුපසින් සිටින, කාන්තාවන් දෙදෙනෙක් මට මතක් වෙනවා.

එක් අයෙක් තමයි මගේ අම්මා. අනෙක් කෙනා තමයි මගේ බිරිද.

දේශපාලනය කිරීමේ වරදට මට මගේ පියා අහිමිවුනේ මට අවුරුදු එකොළහේදී. එතකොට මගේ මල්ලි ගොඩක් පොඩියි. එදා ඉදලා මමටයි, මල්ලිටයි, අක්කටයි හොද අධ්‍යාපනයක් ලබාදීලා සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත් කරන්න අම්මා නොවිදි දුකක් නැහැ. ගුරුවරියක් විදියට සමාජයේ තවත් දූ දරුවන් රැසකගේ දෑස් පෑදූ ඇය මගේ ජීවිතය ඉදිරියට යන්න, මා පිටුපස සිටි සෙවනැල්ල වුනා. තාත්තා අහිමි අපේ පවුලේ බර කරට ගත් ඇය සැබෑම දිරිය කාන්තාවක්.

කාන්තාවන්ගේ ධෛර්ය ඒ තරම් ශක්තිමත්. සමාජයක් විදියට අපි කාන්තාවන්ට නිසි ඇගයීම, ගරුත්වය ලබාදිය යුතුමයි.

ඒ වගේම තමයි මගේ බිරිද, ශානිකා. ජීවිතයේ ජය පරාජයන්, දුක සැප හමුවේ එක ලෙසම මා හට ශක්තිය ලබාදෙන්නී ඇයයි. මට ආදරණීය බිරිදක් වන අතරම මා දරු තිදෙනාට ආදරණීය මවක් වන ඇය අපේ ජීවිත සෙවනැල්ලමයි. ඇය අපට ශක්තිය ලබාදෙන්නේ දහසක් දුක් කම්කටොළු විද දරාගැනීමට කාන්තාවට ඇති ශක්තිය පෙන්වමින්.

මවක්, බිරිදක්, දියණියක් වන කාන්තාව, සමාජයක් ලෙස අප අවබෝධ කරගත යුතු වන්නේ සමාජයේ ඇයට හිමි නිසි තැන ලබා දෙමින්. කුඩා වරදකදී පවා, කාන්තාවන් වෙත, අපවාද, අවලාද, චෝදනා ගොන්නක් ගොඩගසනවා වෙනුවට ඔවුන්ට නිසි ඇගයීම, වටිනාකම ලබාදීමට අප හුරුවිය යුතුයි.

ඒ වගේ දිරිය කාන්තාවන් වෙන්වූ ජාත්‍යන්තර කාන්තා දිනය අපි සැමරුවත්, කාන්තාවන් වෙනුවෙන් අපේ වගකීම අද දවසට සීමා කරන්න බැහැ. වෘත්තීමය දේශපාලඥයෙක් ලෙස මම හැමදාමත් ප‍්‍රතිපත්ති සම්පාදනය ඇතුළේ කාන්තාවන් වෙනුවෙන් කළ හැකි දේ කළා. හෙටත් ඒ වෙනුවෙන් වන ප‍්‍රතිපත්තිමය දායකත්වය ලබා දෙනවා.

ඒ පවුලක් පමණක් නොව යහපත් සමාජයක තිර පැවැත්ම තීරණය වන්නේ කාන්තාව විසින් ඉටු කරන මහගු කාර්යභාරය නිසා බව හොදින්ම අවභෝධ කරගෙන සිටින නිසා. ඒ වෙනුවෙන් කැපවූ ලාංකේය කාන්තාවන්ට ලොව දිනන්ට ශක්තිය ලැබේවායි ජාත්‍යන්තර කාන්තා දිනයේදී සුබ පතනවා.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :