ads
News
Loading...

ගුවන්විදුලියෙ අකටයුතුකම් හින්ද කෙහෙලිය තදින් සිටී


නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීලා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල 11 වැනිදා) පස්වරුවේ දැනුම් දී තියෙනව.

සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිපුන වාහලතන්ත්‍රී, ගාමිණී විජේසේකර මෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයන්ට මෙලෙස ඉවත් වන ලෙසට දැනුම් දී තියෙනව. නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගැනීම මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව වෙලා තියෙනව.

එම ව්‍යාපාරිකයා විකාශනාගාර භූමිය ඩෝසර් කර ඇති බවද එම ආරංචිමාර්ග කීවේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු සංඛ්‍යාතයක් අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට ද සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කටයුතු කර ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කලා.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :