ads
News
Loading...

මහාධිකරණයේ දරුවට මව්කිරි දෙන්න තැනක් නෑ


තමන්ට වරෙන්තු ලබාදුන් කතාව පිළිබදව හිරුණිකා විසින් මෙලෙස අදහස් දක්වා තිබුනා.

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත් කර ඇත. පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුල නොසිටීමට හේතු පැහැදිලි කල පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කල වරෙන්තුව අවලංගු කරන ලදී. එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කලේ මින් පෙර කෙදිනකවත් උසාවිය මග හැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුල නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් වරෙන්තුව අවලංගු කරන බවය.
කෙසේ හෝ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත. ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය. ස්තූතියි


උපුටනය අවසන්


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :