ads
News
Loading...

ඉන්දියාවෙන් ආව වගේ වැඩ පෙන්නපු කොල්ලා


දැන් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ උසස් අධ්‍යාපනය හදාරනවා

fb එකට මොකක් හරි ආතල් වීඩියෝ එකක් දානවා.




කලාව කියන්නෙ හරි අමුතු දෙයක්.මෙි දවස්වල සමාජ ජාලවල දකින්න ලැබුන අමුතු විදිහෙ කවර් ⁣සෝංග් එකේ අයිතිකාරයා සදරු දසුන් සත්සරත් අන්න ඒ වගේ කෙනෙක්.හැම රසයක්ම තියෙන ගොසිප්ලන්තය Viral hits හිතුවා සදරුට කතාකරන්න.

සදරු මෙි දවස්වල කරපු කවර් සිංදුවක් හින්දා හැමෝම කතාකරන්න පටන්ගෙන.මෙි විදිහෙ දෙයක් කරන්න හිතුනෙ?

එහෙම ලොකු අදහසකින් නෙවෙයි කරේ. මං ඉඳලා හිටලා fb එකට මොකක් හරි ආතල් වීඩියෝ එකක් දානවා. ඉතින් අලුතෙන් මොකක්ද කරන්නෙ කියලා කල්පනා කරද්දි තමයි මේ වගේ අදහසක් ආවෙ.

ඉංදියාවෙන් ආපු කෙනෙක් කියලත් ගොඩක් අය හිතල තිබුන නේද?

ඔව්. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ අය ඉංග්‍රිසි උච්චාරණය කරන විදිහක් තියෙනවනෙ. මං මේ සිංදු ටික කිව්වෙත් අන්න ඒ විදිහට. ඒකයි ගොඩක් අය මං ඉන්දියාවෙ කෙනෙක් කියලා හිතලා තියෙන්නෙ.



එහෙම වැඩ කරන සදරු ට සංගීතය සම්බන්ධ ඉතිහාසය ගැන නොහැව්වොත් අඩුපාඩුවක් වෙනව

ස්කෝලෙ යනකොටත් සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. දැන් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ උසස් අධ්‍යාපනය හදාරනවා. පොඩිකාලෙ ඉඳන් විනෝදාංශයක් විදිහට සංගීතය සම්බන්ධ වැඩ තමයි කරන්නෙ. හැම දවසක්ම ගෙවෙන්නෙ ඉතින් මේකත් එක්ක තමයි.

ඒත් නවකයෙකු විදියට ඉදිරියට එන ඔබ අලුත් රංගන මෙන්ම ගායනයෙනුත් වැඩ පෙන්වන් තෝරගත්තෙ සමාජ මාධ්‍ය ?

ඔව්. සමාජ මාධ්‍ය කියන දේ ගොඩක් ප්‍රබල දෙයක්. ඒක මාත් හොඳටම පිළිගත්තෙ මගෙ මේ වීඩියෝ ටික viral ගිය නිසා තමයි. අනිත් එක තමයි ඉතින් ටීවි, රේඩියෝ වගේ විද්‍යුත් මාධ්‍ය වලින් දෙයක් හදුන්වලා දෙන්න අමාරුයිනෙ නවකයන්ට. විද්‍යුත් මාධ්‍යට අතගහන එකනම් හිතන්නවත් බෑ මේ වගේ නිර්මාණ වලින්. (මං කිව්වෙ මගෙ අදහස)

අලුත්ගීතයක් මෙි දවස්වල සැලසුම් කරගෙන යනවද?

දැනට කරා වගේම තව වීඩියෝ කිහිපයකට අදහස් ටිකක් තියෙනවා. ළඟදිම අලුත් එකක් කරන්නයි ඉන්නෙ

ඔයාගෙ රසිකයන්ට අවසාන වශයෙන් කියන්න දේකුත් ඇති?

කොච්චර ලොකු Fan baae එකක් මට ඉන්නවද කියලා මටවත් හිතාගන්න බෑ. ඉන්න පිරිසට ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මගෙ videos ශෙයා කරපු හැමෝටම. මේ විදිහට viral යන්න හේතුව ඉතින් එයාලම තමයි.



සදරුගෙ නිර්මාණ නරඔන්න පුළුවන් විදියත් කියන්න

මගෙ youtube චැනල් එකෙන් සහ Facebook Page එකෙන් හැම නිර්මාණයක්ම බලන්න පුළුවන්.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :