ads
News
Loading...

අඩිය ගෙවිච්ච සෙරෙප්පුව පිටින් තාත්තා පොලේ ගියා



වාසනා මෛත්‍රී මහත්මිය බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ කලා අංශයෙන් ඒ සාමාර්ථ හතරක් ලබා ගන්නේ ඌව පළාතේ විශිෂ්ටතම ප්‍රතිඵල ගත් සිසු සිසුවියන් අතරට එක් වෙමිනි. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වන ඇය ජන සන්නිවේදන පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ජන සන්නිවේදනය පිළිබඳ පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් ද සමඟින් විශේෂවේදී උපාධියක් ද හිමි කර ගන්නීය. 2004දී එම විශ්වවිද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කිරීමට ද ඇයට වාසනාව ලැබෙන්නීය.
ඉන් අනතුරුව රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස පත්වීම් ලැබ ඇය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක කථිකාචාර්යවරියක් ලෙස රාජකාරි අරඹන්නේ 2006 වසරේදීය. එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසත් 2014දී ආචාර්ය උපාධිය ගැනීමෙන් අනතුරුව ආචාර්යවරියක් ලෙසත් කටයුතු කර ඇති ඇය 2017දී පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් බවට පත්වන්නීය. හේරත් මහත්මිය සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය හිමි කර ගන්නේ 2019 වර්ෂයේදීය.
අද වන විට ඇය සන්නිවේදන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ධුරයක් හිමි කර ගත් මෙරට ළාබාලතම මහාචාර්යවරිය බවට පත්වීමට වාසනාව ලබා ඇත. මහාචාර්යවරයෙක් කියූ සැණින් දැනුමින් මුහුකුරා ගිය මෙන්ම බොහෝ විට වයසින් ද පරිණත වූ රූපයක් අප මනසේ ඇඳුන ද ඇය ජීවිතයේ කෙටි කලකින් තමන්ගේ ඉලක්කය ජය ගැනීමට සමත් වන්නීය. ඇගේ මේ සාර්ථක ගමන්මඟේදී තරුණ තරුණියන්ට
ගත හැකි ආදර්ශ බොහෝය.
ඒ පිළිබඳව ඇය යොවුන් ජනතා අතිරේකය වෙත මෙසේ පවසා සිටියාය.
"ඇත්තටම තරුණ කාලෙදි, තරුණ තරුණියෝ ගොඩක් කාලය නාස්ති කරනවා. කාලය කියන්නේ ජීවිතය. අපිට ලැබිල තියෙන වටිනම කාලය තමයි මේ නොදැනුවත්කමින් නාස්ති කර ගන්නේ. තරුණ කාලය නිවැරදිව ආයෝජනය කළොත් අපිට පුළුවන් හොඳ ප්‍රතිඵලයක් වගේම හොඳ ජීවිතයක් ලබා ගන්න. ඒක හරියට අපි මුදල් ආයෝජනය කරනවා වගේ දෙයක්. අපි මුදල් පරිහරණයේදී සැලකිලිමත් වුණාට කාලය පරිහරණයේදී නම් සැලකිලිමත් වෙන්නේ නෑ. ඒක තමයි නියමිත කාලවලදී තමන්ගෙ අරමුණුවලට යන්න බැරි වෙන එකම හේතුව. ඒ වගේම අපිට හොඳ දැක්මකුත් තියෙන්න ඕනේ. ඒ දැක්ම තමයි අපිව නිකන්ම ඉස්සරහට ගෙනියන්නේ. මේ තරුණ තරුණියන්ට දැක්මක් නැති එකෙන් තමයි කොහෙද යන්නෙ කියලවත් හැඟීමක් නැතුව ජීවිතේ වරද්ද ගන්නේ."
"බොහෝ තරුණ තරුණියො නිතරම වැඩකට නැති දේවල් ගැන හිත හිත ළතැවෙනවා. ඔවුන් හරි දැක්මකින් වැඩ කරනවනම් එයාලට මේ වගේ වැඩකට නැති දේවල් ගැන කල්පනා කරන්නවත් වෙලාවක් නෑ. ඒ වගේම තමයි ඔවුන් තමන්ගෙ තරුණ අවධියේදීම ආත්ම ශක්තිය වර්ධනය කරන ගන්න ඕනෑ. ඇත්තටම එයාලට ඉදිරියට යන්න බැරි වෙන එක හේතුවක් තමයි අත්ම ශක්තියක් නැතිකම. නැත්තම් හිත ශක්තිමත් නැතිකම. අපි ජීවත් වෙද්දි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්න නිසා අද සමාජයෙන් ගොඩක් සියදිවි නසා ගැනීම් පවා අපට ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඒ ප්‍රශ්න එන්නෙ අපිව ශක්තිමත් කරන්න කියල අපි හිතා ගත්තොත්, උපේක්ෂාවෙන් ඒ දිහා බැලුවොත් අපිව නිකන්ම ශක්තිමත් වෙනවා. ඒ ප්‍රශ්නවලට මුහුණදෙන තරමටම අපි ගොඩක් ශක්තිමත් වෙනවා. එකට තමයි කියන්නෙ පන්නරය ලබනවා කියලා."
"තරුණ කාලෙදි හිතන්න ඕන අනිත් දේ තමයි අධ්‍යාපනය, දැනුම. අපි කුඩා වයසෙදි අපිට ඒ ගැන වැඩි තේරුමක් නෑ. මව්පියන් කියන නිසා, මව්පියන්ට ඕන නිසා අපි ඉගෙන ගන්නවා. නැත්තම් ගුරුවරුන්ගෙ මඟපෙන්වීම නිසා තමයි අපි ඉගෙන ගන්නෙ. ඒත් තරුණ කාලෙ වෙද්දි අපිට හොඳ තේරුමක් තියෙනවා. ජීවිතේට අවශ්‍ය දැනුම එකතු කරගන්න අපි තුළම අවබෝධයක් තියෙනවා. තප්පරයෙන් තප්පරය අද තාක්ෂණය අතින් වගේම සෑම පැත්තකින්ම මේ ලෝකය ඉස්සරහට යනවා. එවැනි ලෝකයක අපිට දැනුම නැතුව ඉදිරියට යන්න ගොඩක් අමාරුයි. ඒ වගේම තමයි අපේ කුසලතා වර්ධනය කර ගැනීමත්. ඔබට අවශ්‍ය කුසලතා මොනවාද යන්න ඔබම හඳුනා ගැනීම තමයි වැදගත්. ඔබ ඉන්නේ කුමන ක්ෂේත්‍රයක ද ඊට අදාළව දැනුම හා කුසලතා වර්ධනය කර ගන්නවා නම් යම් කෙනෙක් තමන්ගේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් වගේම වැජඹෙනා පුද්ගලයෙක් බවටත් පත් වෙනවා."
තමන් සොයාගත් දැනුම, වර්ධනය කර ගත් කුසලතා ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය වර්ණවත් කිරීමට මේ ළාබාල මහාචාර්යවරිය සිදු කරන්නේ විශාල සේවයකි. ළාබාල ඇගෙන් දැනටමත් අප රටට කොතරම් සේවයක් ඉටු වී ඇද්ද යන්න ජනසන්නිවේදනය, සන්නිවේදන විද්‍යාව, මනෝවිද්‍යාව වැනි විෂයන්ට අදාළව ඇය විසින් රචිත ගවේෂණාත්මක පර්යේෂණ කෘති 13 මනා සාක්ෂියකි. එලෙසම ඇය අන්තර්ජාතික වශයෙන් ප්‍රකට සන්නිවේදන පර්යේෂණ ප්‍රකාශන ගණනාවකටම දැනටමත් පර්යේෂණ ලිපි රැසක් ලියා ඇති අතර ඇය අන්තර්ජාතික පර්යේෂණ ප්‍රකාශන කිහිපයකම සංස්කරණ මණ්ඩල සාමාජිකාවක් ද වන්නීය. ශ්‍රී ලංකා මාතාවගේ නාමය ලෝකය තුළ බැබළවීමට ඇය කරනා සේවය වචනයෙන් කියා නිම කිරීමට නොහැකිය. එලෙසම අප රටේ තරුණ තරුණියන්ට ද ඇගෙන ඉගෙනගත හැකි දේ බොහෝය.

සටහන - ගයාන් සංජය ගේ වාර්තාවක් ඇසුරෙනි.


ඇයගේ සටහන

Fe


ආදරණීය අම්මාට, අප්පච්චීට, සහෝදර සහෝදරියන්ට, නෑදෑ යහලුවන්ට, ගුරුවරුන්ට හා ජීවිතයේ හමුවූ හොද මිනිසුන්ට ලියමි.

මා කුසට ආ දා පටන් මේ මොහොත දක්වාම අම්මේ ඔබ මා ආරක්ෂා කළා ය. ජීවිතයේ දිනන තැන් වලදී මෙන්ම පරදින තැන්වලදී ද ඔබ මා පසුපසම ශක්තියක් වී සිටියා ය. දරුවෙකුගේ සාර්ථකත්වයට අම්මා තරම් ශක්තියක් තවත් නැත.
අම්මේ මම ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කළෙමි.

කොන්දේසි විරහිතවත් සීමා විරහිතවත් මට ආදරය කළ එකම පිරිමියා අප්පච්චී ඔබ ය. මා හට උගන්වන්නට සියලු පහසුකම් ලබා දෙනන්ට ජීවිතයම කැප කළේ අප්පච්චීය. පරණ වී ගිය ඇදුම්, අඩිය ගෙවුණු සෙරෙප්පු දමාගෙන රෑ පාන්දර පොලේ ගිය අප්පච්චී මට මතක ය. ඒ දහඩිය මහන්සිය මතකයට එන විටත් ඇසට කදුලු නැගේ. ඔබ අප වෙනුවෙන්ම මැරී අවසන ලෙඩ වූයේය. එහෙත් ඔබ මිය ගියේ දියණියන් තිදෙනාම විශ්වවිද්‍යාලයට යවා ය.
අප්පච්චී ඔබට දුන් පොරොන්දුව මම ඉෂ්ට කළෙමි.

ජීවිතයේ ළගින්ම උන්නේ අක්කා, නංගී සහ මල්ලීය. මගේ පුංචි කාලය සුරගංනා ලොවක් කළේත් ඉන්පසු ජීවිතය සතුටින් පිරවූයේත් ඔබ ය. දේවල් බෙදා ගන්නට බැරිව අපි කිසිදිනක රණ්ඩු ‍නොකළෙමු. එකිනෙකා වෙනුවෙන් කරන්නට හැකි සෑම දෙයක්ම කරන්නට පුරැදු වූ ඒ ආදරණිය සහෝදරත්වයට මම කියමි.. අක්කියෝ. නංගියෝ, මල්ලියෝ.. ඔබ මගේ ආදරයයි. ස්තුතියි ඔබට මට එතරම්ම හයියක් වූවාට.. මේ ජයග්රහණය ඔබටත් අයිති වේ.

මොන්ටිසෝරියේ පටන් විශ්වවිද්‍යාලය දක්වා මට ඉගැන්වූ ආදරණිය ගුරු දෙවිවරුනි, වැරදි නිවැරදි කර මා යහමග ගෙන යන්නට ඔබ කළ කැපවීම මේ මොහොතේ මම අප්රමාණ ආදරයෙන් මතක් කරමි. ඔබ නොසිටියානම් මට මේ ගමන එන්නට නොහැකි වනු ඇත. එදා ශිෂ්‍යාවක්ව නමස්කාර කළ ආකාරයටම අද ද දණ නමා නමස්කාර කරමි.

පුංචි කාලයේ පටන් මේ මොහොත දක්වාත්.. එක වසරේ සිට ඒ ලෙවල් දක්වාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයකුව සිටි කාලයේදීත් සේවය කළ තැන් වලත් මා වටේ සිටි නෑදෑ හිත මිතුරන් මම සිහිකරමි. චවනයකින් හෝ මාව දිරිමත් කළ, මාව අගය කළ අවංකව හොදක් වෙන්නට යැයි පැතූ සියලු දෙනා මේ ආශිර්වාදයේ කොටස් කරුවෝ ය. කළ දශමයක හො උපකාරයක් ඇත්නම් ඔබ මේ ආශිර් වාදයේ කොටස් කරුවෝ ය.

කොතරම් කටමැත දෙඩවූවත් කිසිවෙකුට ජීවිතයේ තනියම නැගිටින්නට හැකි වන්නේ නැත. ඔබ යම් ගමනක් යන්නේ නම් ඔබ ඒ ගමන යන්නේ ඔබට ජීවිතයේ හමු වන හොද මිනිසුන් නිසා ය. මේ ලෝකය වැඩිහරියක් පිරි ඇත්තේ ඊර් ශ්‍යා කාරයන්ගෙන්, කුහක මිනිසුන්ගෙත් සහ දුෂ්ට මෙන්ම හිස් මිනිසුන්ගෙනි. ඒ අතර අපට අව්‍යාජ ආදරණිය චරිත ද මුණ ගැසේ. එවන් චරිත මට ද වරින් වර මුණ ගැසුණේ ය. එවන් හොද මිනිසුන්ගෙන් මම මගේ ජීවිතය පුරවා ගත්තෙමි. ඔවුන්ගේ දැනුම, අත්දැකීම්, සහ ආශිර්වාදය ද ඔවුහු නොමසුරුව මට දුන්හ. කිසිදු ඊර් ශ්‍යාවකින් තොරව ප්රති උපකාරයක් හෝ වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවී ඔවුහු මට උදව් කළහ.

ඉදින් අද මම මහාචාර්යවරියක්මි. මාධ්‍ය ක්ෂේත්රයේ ලංකාවේ දැනට සේවයේ නියුතු වන්නේ මහාචාර්යවරුන් පස් දෙනෙකි. මා හය වැනියා ය. ඔවුනතර ලාබාලතමයා මා ය. විශේෂතම දෙය නම් සන්නිවේදන විද්‍යා අංශයෙන් ලංකාවේ එකම මහාචාර් ය ධුරය හිමි මට ය.
ඒ වාසනාව ලැබුණේ ඉහත මා සදහන් කළ සියලු දෙනාගේ ආශිර්වාදයෙනි.
ඔබ සියලු දෙනාට මා ණය ගැතිය. ස්තුති කරන්නේකසේදැයිවත් නොදනිමි. ඒ ස්තුති කරන්නට තරම් වචන මා ඉගෙන ගෙන නැති නිසා ය.
ඉදින් මම අද උපේක්ෂාවෙන් විද ගන්නා මේ සතුට මට දුන්නේ ඔබ ය. ඔබට නිදුක් නිරෝගී දීර් ගායුෂ ලැබේවා.. ඔබ මට දුන් සතුට සිය ගුණයක් වී ඔබට ලැබේවා...ජීවිතයේ කිසිදු දිනක ඔබට දුකක් නම් අත් නොවේවායි ප්රා ර්ථනා කරමි.
අවසන් වශයෙන් මෙය ද සටහන් කළ යුතුම ය. මාහට සුභ පැතුවෝ බොහෝ ය. සමාජ මාධ්‍ය ඔස්සේ ත් දුරකථන පණිවිඩ වලිනුත් මා සොයාගෙන පැමිණත් බොහෝ දෙනා මට සුභ පැතූහ.
ඔබ සියලු දෙනාටම මාගේ අප්රමාණ ආදරය ගව්රවය පුදමි.
ඔබට හොදක්ම වේවා...
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :