ads
News
Loading...

වෙන්වුනොත් වැඩි අවාසිය පොහොට්ටුවට


විමල් සහ පොහොට්ටුව අතර විරසකය සාමකාමීව විසදාගත යුත්තේ ඇයි?
========================================
කුමන න්‍යාය පත්‍රයක් මත සිදු වුව ද විමල් හා පොහොට්ටුව අතර ගැටුම දරුණු අදියරක් වෙත ලගා වෙමින් පවතින් බව පෙනේ. මෙය දිගටම වර්ධනය වී දෙපාර්ශවය අතර විභේදනයක් ඇති වුවහොත් එය දෙපාර්ශවය සම්බන්ධයෙන්ම භයානක ප්‍රතිවිපාක ඇති කරවයි. මහින්ද පතිරණ කියන ආකාරයට විමල්ට තනියම මැතිවරණයකට ඉදිරිපත් වී ජයගැනීම දුෂ්කර වීමට ඉඩ තිබුණත් එය අර්ධ සත්‍යයක් පමණි. ඇත්ත වශයෙන්ම දැන් තියෙන තත්වය යටතේ විමල් තනියම තරග කළොත් පොහොට්ටුවේ ඡන්ද පදනමට බලපාන ආකාරයේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවන බව මගේ තක්සේරුවයි. එපමණක් නොව විමල් සහ පොහොට්ටුව වෙන් වුවහොත් මධ්‍යස්ථ ඡන්ද සෑහෙන ප්‍රමාණයක් පොහොට්ටුවට මෙන්ම විමල්ටත් නොලැබී යාමට ඉඩ තිබේ. එසේම එවැනි වෙන් වීමක් දේශද්‍රෝහී පිළට ඉහළ ප්‍රචාරක වාසියක් ගෙන දෙන්නක් බැවින් එය තවදුරටත් පොහොට්ටුවට අවාසිදායක සාධකයක් වනු ඇත. දැනටමත් සිරස මේ ගැටුම අච්චාරු දමමින් තළු මරමින් අනුභව කිරීම නිර්ලජ්ජිත ලෙස ආරම්භ කොට ඇත.
මේ අනුව බලන කල විමල් පොහොට්ටුවෙන් ඉවත් වීම විමල්ට වඩා පොහොට්ටුවට අවාසිදායක වනු ඇත. මේ නිසා මේ ගැටුම මීට වඩා දුර යාමට ප්‍රථම සාමකාමීව විසදා ගැනීම අතිශයින් ම ප්‍රයෝජනවත්ය.

නිර්මාල් දේවසිරි



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :