ads
News
Loading...

චරිතාංග රංගනයෙන් අපේ ලකුණක් හදන තිලාන්



වෙිදිකාව තුලින් පුංචි තිරයට එකතුවෙන රංගනශිල්පීන් තමන්ගෙම හැඩයක් සමඟ ඉදිරියට යන්නේ එම ක්ෂේත්‍රය මැනවින් තේරුම් ගෙනයි.අද ගොසිප්ලන්තය Artone සමඟ කතාබහට එක්වන්නේ එවන් රංගන ශිල්පියෙක්.ඔහු තිලාන් වර්ණජිත් විජේසිංහයි.

තිලාන් මෙි දවස්වල රංගන කටයුතු ගැන කතාවෙන්ම වැඩෙි පටන්ගනිමු

ඔව් මේ දවස්වල ජාතික රූපවාහිනියෙ සති අන්තයේ විකාශනය වන ගමනේ යා ටෙලිනාට්‍ය සහ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ආලියා ටෙලිනාට්‍යයේත් රංගනයෙන් දායක වෙනවා. ඒ ටෙලිනාට්‍ය දෙකේම රූ ගත කිරීම් පහුගිය දිනවල අවසන් වූවා. ඉතින් මේ දවස් ටිකේ නිවසට වෙලා කල්ගෙවනවා පුංචි පහේ පර්යේෂණ වැඩක් එක්ක.

තිලාන්ගෙ විශේෂ චරිතාංග රංගනයට ප්‍රි කෙනෙක්.ඒකට හේතුව වෙිදිකාවෙන් ලබපු දේද?

ඇත්තෙන්ම වේදිකාවේ ලබන පරිචය සහ ආත්ම තෘප්තිය වෙන කිසිම දේකින් ගන්න බෑ. හැබැයි ඉතින් අපි කරන රැකියාව අනුව ඒ දේ සාපේක්ෂ කර නොගන්න එක අපේ වැඩක්. කොහොම නමුත් වේදිකාවෙන් ලබන්නාවූ අත් දැකීම සහ හුරුව රංගන ශිල්පියෙක් විදියට ගොඩක් වටිනව. මොකද කැමරාවක් ඉදිරියේ අපට පර්යේෂන මට්ටමින් රගන්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. නමුත් වේදිකාවකට නාට්‍යක් තුලින් ගොඩවෙන්න කලින් පුරා මාස ගණනාවක් පුහුණුවීම් හා කියවීම තුළින් අපට චරිතයක් ගොඩනගාගෙන එය ප්‍රේක්ෂක ජනහදතුල පැලකරන්නට අවස්ථාව උදාවෙනවා. ඉතින් මම හිතනවා රංගන ශිල්පියෙකුට තියෙන වටිනාම අවස්ථාව තමයි වේදිකාව කියන එක.

අග්නි පියාපත් චරිතයත් තිලාන්ගෙ රංගනයේ කැපී පෙනෙන තැනක්?
රංගන ශිල්පියකු වශයෙන් තමන්ට ලැබෙන්නාවූ කෙටිම අවස්ථාවෙන් විශාල ප්‍රයෝජනයක් ගැනීමට උත්සුක විය යුතුයි. අපි කටවහරට කියන්නෙ මැච් එකක් ගහන්න ඕනෙ කියල. ඉතින් මැච් එක ගැහුවෙ නැත්නන් අපි පරාදයි. මොකද අද කාලය ඉස්සරට වඩා වෙනස්. ඉස්සර රංගන ශිල්පීන් හිටියෙ අතලොස්සයි. නමුත් දැන් රංගන ශිල්පීන් නොවන ජනප්‍රිය ධාරාවේ සිටින සියලුම දෙනා නලුවන්. ඉතින් සෞන්දර්ය විශ්ව විද්‍යාල හෝ රංගන පාසල් කොතෙකුත් තිබුණත් වැඩක් වෙන්නෙ නෑ. මොකද දක්ෂ රංගන ශිල්පීන්ට වඩා අද ලස්සන නලුවො එහෙමත් නැත්නන් මොඩලස්ලා වැඩියි. ඉතින් දීර්ඝ කාලයක් නිහඬව ඉදල යලිත් ටෙලි නිර්මාණයකට මුහුණදෙනකොට මටත් ඒ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ගාමිණී කියන චරිතය තනිකරම සිටුවේෂන් Play කරපු චරිතක්. මම හිතනවා ඒකට අතිශයින්ම උදව්වක් වුණේ අග්නි පියාපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා සහ එහි අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහතා. ඉතින් ගාමිණී කියන චරිතයට ප්‍රේක්ෂක හදවත් තුල ආදරයක් ඇති නොකර වෛරයක් උපද්දවාලීම මට ලේසි වුණේ ඔවුන් නිසා. ඒකයි ගාමිණී කියන චරිතය හරහා තිලාන් එසවෙන්නේ.

තිලාන් අද වෙද්දි රංගන ශිල්පියෙකුට විදේශ නිර්මාණ වල ආභාසය නිතැතින්ම ලබන්න ඔිනැද


රංගන ශිල්පියෙකු වශයෙන් එක තැනකට ලඝු වෙලා ජීවත්වීම සුදුසු නෑ. හැමදෙයක්ම අතපතගාන සුන්දර ජීවිත රස්තියාදුකාරයෙක් වෙන එක තමයි සුදුසුම දේ. ඉතින් රංගනය හැදෑරීමේදී අපට අසුවන අපට පෙනෙන අපට ඇසෙන සියලු දේ උකහා ගැනීම තමයි රංගන ශිල්පියෙකුට තියෙන සරලම අභ්‍යාසය. ඉතින් විදේශ නිර්මාණ හරහාත් අපට ලබාගත හැකි දේ බොහෝමයි. යමෙක් පවසනවානම් අනුකරණය තමයි රංගනය කියල, මම ඒකට 100% ක් එකඟ නෑ. අනුකරණය තුළින් රංගනය උපදින්න පුළුවන්. නමුත් කුමනහෝ චරිතයක් තුල සැබැවින්ම ජීවත්වීම තමයි සාර්ථකත්වය. සමහරක් අපේ පැරණි ගෘහ නිර්මාණ චිත්‍ර ශිල්පය කැටයම් ආදී බොහෝමයක් වෙනත් රටවල ආභාෂය ලත් ඒවා. නමුත් ඒ අතර අපේම දේවල් නැතුවම නෙවෙයි. මම කියන්නෙ විදේෂ නිර්මාණ ආභාෂය නොමැතිව අපේම දෙයක් ලෝකයට දෙන්න පුළුවන්නම් ඒක තමයි දීර්ඝකාලීනව අමතක නොවන පාඩම. හැබැයි අපේ සංස්කෘතික මිනිස්සු සහ පාසල් අධ්‍යාපනය අපට හැමදාම කියල දෙන්නෙ අනුන් කියපු දේවල්. තමන්ට ස්වයං අධ්‍යාපනයක් ලබා ගන්න ස්වයං විවේචනයක් කරන්න අපිව හුරුකරවන දවසක් එයිද, එදාට අපට කාගෙවත් ආභාෂයන් අවශ්‍ය වන්නෙ නෑ.



මෙි හැමදේකටම පදනම වැටිච්ච තැන ගැනත් මතක් කරමු නේද

මුලින්ම මගේ මව සහ පියා - සහෝදරයා සහ සහෝදරිය. ඔවුන් තුලින් මා ලද මානව දයාව සහ සැබෑ ආදරය තුලින් ගොඩනැගෙන සැබෑ මානව හිතවාදීත්වය. පසුව සුන්දර පාසල් ජීවිතය සහ ලංකාවේ අධ්‍යාපන රටාවේ අකර්මන්‍යතා. පාසල් වේදිකාව සහ විනිවිද නාට්‍ය හා රංග කලායතනය. සැබෑ මිතුරන් සහ නෑදෑ සමූහය. මේවා එකට මිශ්‍ර වීමෙන් ජීවිතයේ ඇති හැකියාවන් සහ නොහැකියාවන් හමුවේ සටන්කර ලබාගත් අත්දැකීම් ගමනේ අඩක් ඒමට බලවත් සේ උපකාරයක් වුණා. අපි හැමෝම මැරෙන මිනිස්සු. අපි ජීවිතේ ජීවත් වෙලා ඉන්නෙ ටික කාලයයි. ඉතින් ඒ ටික කාලයෙන් අපට ලබාගන්න දේවල් බොහෝමයි. පාසල් අධ්‍යාපනය සහ පාසල් වේදිකා නාට්‍ය අතරතුර තමයි මට ඩී. කේ. ආටිගල මහතා හමුවන්නේ. එනම් විනිවිද නාට්‍ය කණ්ඩායමේ නිර්මාතෘ. දීර්ඝ කාලයක් පුරා දිවා රෑ නොතකා ජීවිතයම නාට්‍ය කරගත් පසු ඒ තරම් අභ්‍යාසයක් තවත් නැති තරම්. උතුරුමැද කලා උළෙල - රාජ්‍ය නාට්‍ය උළෙල - රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - යොවුන් නාට්‍ය උළෙල ආදී තරඟ ගණනාවක් නියෝජනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. දෙයක් සාර්ථක කරගැනීමට නම් උපන් හැකියාව අත්‍යවශ්‍යයි. එය පෝෂණය කරගැනීම ඔහු සතු කාර්යයක්. මා හිතනවා මට ලැබුණු ඒ උපන්හැකියාව සහ සුන්දර කාලය විනිවිද හා නාට්‍ය කණ්ඩායමට ණයගැතියි කියල. පසුව මා සම්බන්ධ වෙන්නේ බන්දුල විතානගේ නාට්‍යවේදියාණන්ට. ඔහු හා ඔහුගේ නාට්‍ය ඇසුර මා ලද විශාල භාග්‍යක් සේ සලකන්නට කැමතී. රූපවාහිනී හඬකැවීම් ඒකකය තුලින් මා ලද අත්දැකීම සහ පරිචය මා තවත් දිරිගන්වන්නට ඇති. පසුව නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ නාට්‍ය ඇසුර හා සැබෑ මිනිසුන්ගේ, මිතුරන්ගේ ඇසුර මාගේ සාර්ථකවය පිටුපස සිටින්නා වූ සැබෑ පදනමේ කොටස් ලෙස ආදරයෙන් මතක් කරනු කැමැත්තෙමි.

අනාගතයේ නිර්මාණකරණයටත් එලෙබෙන්න සැලසුමක් තියෙනවාද

ඔව්. මට ඒ අදහස මුලින්ම එන්නේ 2009 මාතා චිත්‍රපටයට සම්බන්ධව වැඩකරන අතරතුර. මේ වන විට කෙටි චිත්‍රපට තුනක් නිර්මාණය කරල තියෙනව. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තුල රංගනයට අමතර කටයුතු වලින් ලද අත්දැකීම හරහා ටෙලි නිර්මාණයක් කිරීමට මේ වන විටත් අඩිතාලම දමමින් යනවා. මගේ ජීවිතයේ මට රංගනයට ලැදියාව හා කැමැත්ත, නිසි අභ්‍යාසය එකතු කරන්නේ විනිවිද නාට්‍ය කණ්ඩායමේ
ආදරණීය නඳුන් අකලංක අයියා. ඒ වගේම වේදිකාවේ මට අයන්න කියාදෙන ඩී. කේ. ආටිගල මහතා වගේම පුංචි තිරයට අයන්න කියාදෙන්නෙ රූපවාහිනී සංස්ථාවේ මෝහාන්ජී රංගනාත මහතා. ඔහුව මට හමුවන්නේ 2008 රූපවාහිනී ඩිප්ලෝමාව හරහා. එදා සිටම අදවනතෙක් ඔහු මට ගුරුවරයෙකුට වඩා සහෝදරයෙක්. ඉතින් මං දන්නවා මම මොකක් හරි වැඩකට අතගැහුවොත් ඒ උදව්ව හා ආශිර්වාදය නොවරදවාම මට ලැබෙනව කියල. ඉතින් මම බය නැතුව මේ එළඹෙන වැඩේට අතගැහුවෙ ඒකයි. ටික කාලයක් අරන් හොඳ වැඩක් කරන්න තමයි හිතන් ඉන්නෙ.


පවුලේ අය ගැනත් කියමු

මගේ ආදරණීය ජීවන සහකාරිය ශෂිනි මාලතී. ඇය මට මුණ ගැහෙන්නෙත් නාට්‍ය කරන අතරතුරමයි. ඉතින් අපි ආදරය කරල විවාහ වුණා. ඇත්තෙන්ම මට මේ ගමන එන්න ලොකුම අත් උදව්වක් වෙන්නෙ ඇය. ඉතින් ශෂී ගැන නොකීවොත් මම හිතනවා ඒක ලොකු අඩුවක් කියල. සාර්ථක මිනිසකු පිටුපස සාර්ථක බිරිඳක් ඉන්නව කියන වදනේ විශ්වාසය මට ඇති කලේ ඇය. ඇත්තටම ඇය මා රඟපානවාට අකමැති වූවානම් තිලාන් වර්ණජිත් කියල චරිතයක් බිහිවෙන්නෙ නෑ. ඉතින් මට ඉදිරියට එන වැඩ සියල්ලක්ම සමබර ලෙස එකලස් කරන්නෙ ඇය. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නගෙ පුංචි කැදැල්ලට ආපු මගේ සෙන්යා නෙමිසරා පුංචි දියණියත් මගේ ගමනට ආශිර්වාදයක් වුණා. මේ දිනවල විකාශය වන ගමනේ යා ටෙලිනාට්‍යයේ මමත් ශෂීත් දෙන්නම ඉන්නව. ඊට අමතරව අපි දෙන්න අලුතෙන්ම පටන්ගත්ත පොත් ගැන කතාකරන Bookcase යූටියුබ් නාලිකාවෙනුත් ඇයව මුණ ගැහෙන්න පුළුවන්. අපි ආදරයෙන් ඉන්න තරමට අපිට ආදරය ලැබෙනවා. ඒක මම අත් විදින රහසක්. ඒ දේම දේශය පාලනය කරනවුන් ආදර්ශ කරගත්තොත් මේ රටත් අපේ පුංචි පවුල වගේ ලස්සන රටක් වේවි.














Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :