ads
News
Loading...

අම්මා තමයි මගේ හැමදේකම සෙවනැල්ල



රිසිර ටීවී නාලිකාවෙන් ඔබ හමු⁣වට එන හරවත් වැඩසටහන් සමඟ නිතර දකින්න ලැබෙන ඇය අචිනි බණ්ඩාරනායක.පාසැල් කාලයේ පටන් නිවෙිදනයට අත් පොත් තබපු ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.නර්තන ගුරුවරියක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වෙනවා.

" මගෙ ආරම්භය වුනේ පාසැල් කාලයේ අයි ටීන් එන් නාලිකාවෙි ළහිරු මඬල සමග සම්බන්ධ වෙන්නෙ ළමා නිවෙිදිකාවක් විදියට.අධ්‍යාපන කටයුතු වලට පස්සෙ සියත ටී වී නාලිකාවෙි නිවෙිදිකාවක් ලෙස කටයුතු කරනව.ඉන් පස්සෙ මම සිටි හිට්ස් නාලිකාවෙි නිවෙිදන කටයුතු කරනව.දැනට මම රිසිර ටීවී නාලිකාවෙි වැඩකටයුතු කරගෙන යනව⁣.


ඇය පවසන ආකාරයට තමන්ගේ මව නිවෙිදනය කලාව මෙි සෑම දෙයකට මුල් වුනු බවයි.

" මගෙ ආරම්භයට බලපෑවෙි මගේ අම්මා කුමාරි දිසානායක.ඇය ගුවන් විදුලි නිවෙිදිකාවක්.නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීන නාට්‍ය ශිල්පිනියක්,නිෂ්පාදිකාවක්,පිටපත රචිකාවක්.ඉතින් පුංචි කාලෙ ඉදන්ම අපිට මෙි දේවල් හුරුයි.අපි ඒ දේවල් එක්කම ජීවත්වුනා.ඒත් පාසැල් කටයුතු නිසා අම්මා යම් යම් සීමා දාලා තිබුන.

පාසැල් ජීවිතය ගැන කතා කලොත්

මම පාසැල් දෙකකින් අධ්‍යාපනය ලැබුව.ඒ අංගොඩ රාහුල විද්‍යාලය තුලින් සාමාන්‍ය පෙළ පෙළ දක්වා ඉගෙන ගත්තා.ඊට පස්සෙ උස්සපෙළ කලේ ලුම්බිණි මහා විද්‍යාලයේ.  

ඒ හැම වතාවෙම කලා කටයුතු වලට සම්බන්ධ වුනා.

ප්‍රධාන ධාරාවෙි නිවෙිදනය සහ ඩිජිටල් මාධ්‍යයට ⁣එය එද්දි දැනුන වෙනස?

මුල් කාලෙ ඉදන්ම නිවෙිදනය තුල මාධ්‍යයේ දී අපි කතා කල යුත්තේ වගේම කතා කල යුතු නැත්තේ මොනවද කියල දැනගෙන වැඩ කරනව.නමුත් ඩිජිටල් මාධ්‍යයේ වැඩසටහන් තුල නිදහස වැඩිවෙල කියලයි මට හිතෙන්නෙ.

අචිනිව නිතර දකින්න ලැබෙන වැඩසටහන් ගැන කියමු

මෙි දවස්වල රිසිර ටීවී නාලිකාවෙි රිසිර උදෑසන වැඩසටහන කරනව.ඒ වගේම එම නාලිකාවෙි ඉරිදා චරිත කියන වැඩසටහන කරනව.ඒ වැඩසටහන වෙනස් වැඩසටහනක්.ප්‍රවීන චරිත තමයි එයට එකතුවෙන්නෙ.

නිවෙිදනය වගේම නර්තනයත් අචිනිගෙ ජීවිතය වෙලා නේද

ඔව්.පුංචි කාලෙ ඉදන්ම තිබුනු හැකියාවක් ඒක.දැනට මම මගෙ කලායතනයේ නිම්රංගා රංගායතනයේ වැඩකටයුතු කරගෙන යනව.
2016 සිට මෙි වෙනකන් අපි කලාවට දක්ෂ අය සෑහෙන ප්‍රමාණයක්  කලායාතනය හරහා කලාවට  දායක කලා.
    

ඔබ රංගන ශිල්පිනියක් විදියට සම්බන්ධ වුනේ කුඩා කාලෙමයි නේද

මගෙ අම්මා මාව මාස තුනේදී තමයි වෙිදිකාවෙ රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න එතැනට අරගෙන එන්නෙ.එතැන පටන් මම වෙිදිකා නාට්‍ය වගේම විදේශ නාට්‍ය වල ට සම්බන්ධ වුනා.අධ්‍යාපන කටයුතු හින්දා එහෙම අවස්ථා වලට අඩුවෙන් තමයි අම්මා මාව සම්බන්ධ කලේ.ඊට පස්සෙ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුනා.මම සාපෙළ කරද්දි ⁣යෙහෙළි නිර්මාණයේ කොටස් අටකට පමණ රංගනයෙන් දායක වෙන්න හැකි වුනා.

එහෙම දායක වෙද්දි ගුරුහරුකම් ලැබුන අය ගැනත් කිව්වොත්

ස්වර්ණවාහිනී නාලිකාවෙි එකල නිර්මාණ අධ්‍යක්ෂක විදියට වැඩ කල ජැක්සන් ඇන්තනී මහත්මයාව මතක් කල යුතුමයි.

නර්තනයත් අචිනිගෙ ජීවිතේ සංධිස්ථානයක් වෙනවා.

මම නර්තනය හැදෑරීමට එකතුවුනේ චන්න උපුලී රංගායතනය.ඉතින් දැනට මම මගේම කියල නර්තන ආයතනයක් පවත්වාගෙන යනව.ඊට අමතරව අම්මයි මමයි එකතුවෙල කරගෙන යන නිම්රංගා රංගායතනය එක්ක එකතුවෙල නර්තනයට වගේම රංගනයේ දක්ෂයන්ව ක්ෂේත්‍රයට ගේන වැඩ කොටස ඉටු කරමින් ඉන්නව.

රංගනය,නර්තනය සෑම දෙයකටම දක්ෂයෙක් හැදෙන්න විනයත් බලපානව නේද

රංගනය ,නර්තනය කලාව විතරක් සෑම ක්ෂේත්‍රයකම විනය කියන දේ තියෙන්න ඔිනා.උදාහරනයක් විදියට නර්තන පුහුණුවීමක් කාලය දුන්නම වෙලාවකට ආවෙ නැත්නම් සේරම ඇන හිටිනව.වෙිදිකා නාට්‍යය තුල වුනත් වෙලාවට එහෙම නාට්‍යයට ගියෙ නැත්නම් අනෙකුත් ශිල්පීන් පවා එයින් අපහසුතාවයට පත්වෙනව.

විනය කියන දේ කාන්තාවක් නම් තමන්ගෙ ගෞරවය තියාගෙන වැඩ කරන්නම වෙනව.විනයත් හැම ක්ෂේත්‍රයකටම අදාල දෙයක්.

ගෙදරින් ලැබෙන සහය

අම්මාගෙන් තමයි ලොකුම සහය වගේම අපි ටික කාලෙකට පෞද්ගලික කටයුතු නිසා මෙයින් වෙන්ව ඉන්න හිතුවත් අම්මා තමයි මෙි පැත්තට යොමු කරන්නෙ.මගේ මල්ලිත් කලාවට සම්බන්ධයි.ඔහු චාමර බණ්ඩාරනායක .ඔහුත් ටෙලි නාට්‍ය වල රගපානව.අම්මා තාත්තා නංගි මල්ලි මට උදව් කරනව.එකම දවසෙ වැඩ යෙදුනම එයාල ගොඩක් උදව් කරනව.

මගෙ සැමිය තක්සල රත්නවීර.එයා තමයි මගෙ ලොකුම හයිය.මම නර්තන පුහුණු වුනත්,නාට්‍ය වලට ගියත් මට හෙවනැල්ල වගේ ලග ඉන්නව.කෑම ටික පවා මට ලගටඅරගෙන එනවා.එහෙම හයියක් ලැබුන පවුලක් එක්ක ජීවත්වීමත් කලාකාරිනියක ලෙස ලබන සතුටක්.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :