ads
News
Loading...

හැමදෙයින්ම මම අම්මවයි අප්පච්වයි සතුටින් තියනව



වෙිදිකාවෙන් ඉදිරියට ආපු නළුවෙක් ගැනලංකාවම කතාකරනවා.පාර දිගේ ටෙලි නාට්‍යයේ ජනප්‍රියතම චරිතය බණ්ඩා ,කුසල් මධුරංග අද ගොසිප්ලන්තය කතාබහට මෙහෙම එකතුවෙනව.

 නාට්‍යයට මාව හදුන්වල දුන්නෙ මගෙ යාළුව තිවංක විශ්වනාත් අයියා

 මට දවසක් ඇත්තටම නානායක්කාර වගේ කෙනෙක් හම්බවුනා


කුසල් පාර දිගේ බණ්ඩා වෙන්න කලින් මෙි හැමදේම ලැබුවෙ වෙිදිකාවෙන් නේද

මම හය වසරෙ හත වසරේ නාට්‍ය ඉගෙන ගත්තා.වෙිදිකාව උඩ තමයි වැඩ කලේ ඒවයෙ පාසැල් නාට්‍ය තරග සමස්ත ලංකා නාට්‍ය තරග වලට සම්බන්ධ වුනා.මම පාසැල් ගියේ හොරණ විද්‍යාරත්නට.විද්‍යාරත්නය කියන්නෙ නාට්‍යකරුවන් බොහෝ දෙනෙක් බිහිකරපු තැනක්.මම ශිෂ්‍යත්වය ෆේල් වෙලා විද්‍යාරත්නෙට ගියාට පස්සෙ කැන්ටින් එක කිට්ටුව නාට්‍යයට චරිත තෝරනව වොලි බෝල් කෝඩ් එකෙ.යාළුවෙක් කිව්වට මමත් ගියා.ඒ ඔඩිෂන් එක තිබුනෙ ජීවන නිපුනතා වලට කරපු නාට්‍ය අදුරෙන් එලියට .ඉතින්මෙි නාට්‍ය කලේ ලලිත් ප්‍රියදර්ශන සර් මැදිහත්වෙල.ඒකෙ ජජ් බෝඩ් එක වුනේ ජනක් ප්‍රේමලාල් සර් ,නාට්‍ය හා රංග කලාව සර් පුබුදු සුභාෂණ කුරුගල සර් තමයි හිටියෙ.ඒ නාට්‍යයට මම තේරුන.ඒකෙ මම ගම්වැසියෙකුට හිටියෙ.අපිට ඒ කාලෙ නාට්‍යයට ස්ථානයක් වගේම අසාධාරණයකුත් වුනා ඉන් තමයි මට රංගනයට අවස්ථාව ලැබුනෙ.

ඒ විදියට මූලිකව වැඩ පටන්ගත්ත කුසල් වෙිදිකාවෙ තවත් ඉදිරියට ගියා නේද

නාට්‍ය හා රංග කලාව සර් මාව අදුනගත්ත නිසාම එයා මාව නාට්‍ය කිහිපයකට තෝරගත්ත.ඉතින් ඊළගට මාව හොරගෙඩිය ළමා නාට්‍යයට හොදම ⁣සහ ය ලමා නළුවා සම්මානය හම්බෙනව. 2013 -2014 දෙකේම ඉංග්‍රීසි අංශයේ හොදම සහය නළුව වෙනව රාජ්‍ය ලමා නාට්‍ය උලෙලේ සම්මාන ගන්නව.ඉන්පස්සෙ මම යෞවන සම්මාන නාට්‍ය උලෙලවල් වලට යනව.2019 කැමරන් නාට්‍යට හොදම නළුව සම්මානය හම්බවුනා.ඒ 2019 අවුරුදු දිගු නාට්‍යයේ අතරමැදියා නාට්‍යයට දිගු නාට්‍ය අංශයෙන්.පස්සෙ ධර්මප්‍රය ඩයස්ගෙ ජුලියස් සීසර්,උදයසිරි වික්‍රමරත්න මහත්තයගෙ රගපෑම් ඉවරයි නාට්‍යයේ රගපෑම් ඉවරයි හි වෙිදිකා පරිපාලක විදියට වැඩකලා එයාගෙ ගරු කතානායක,තුන්සිය හැට එක ,පෙම්යුවළක් ඔිනැ කර තිබෙි වැනි නාට්‍ය වල මට රගපාන්න ලැබුනා.

වෙිදිකාවෙ කෙනෙක්ට පුංචි තිරයට අනුගත වෙන්න ප්‍රශ්නයක් තියෙනව සමහර අයට.ඔබට එය අමාරු වුනේ නැත්තෙ ඇයි?

ඒ කතාව ඇත්ත.සමහර වෙිදිකා නාට්‍ය නළුවො ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ෆේල් වෙනව .ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ මෙි මාධ්‍ය දෙකක්.වෙිදිකා ව තුල අතිශෝක්තියෙන් උස්හඩින් කරන්නෙ ඒ ඔිඩියන්ස් එකට ඇහෙන්න පේන්න.නමුත් පුංචි තිරයට එද්දි අපිට හේතුවක් නැතිව ඇහිපිල්ලමක්වත් ගහන්න බැරි තැනක්.වෙිදිකාවෙ අඩන විදිහයි කැමරාව ඉස්සරහ අඩන විදිහයි වෙනස්.කැමරාව ඉස්සරහ කරන දේ අමාරුයි.මාධ්‍ය දෙක අදුනගන්න එක තමයි අමාරු.

මෙික පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නේද?

ඒක සරල නෑ.හිතන්න ඔිනා දෙයක් තමයි මෙි හදුනගැනීම.Over confidence ඇතිව එන්න හොද නෑ.වෙිදිකාව නවත්තල කැමරාවට එනව කියන එක නෙවෙි මෙිකත් පටන් ගැන්මක්.මට මෙි වැඩෙිට අධ්‍යක්ෂක ශිවා මහත්තයා වගේම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම උදව් කරනව.මම කලින් ටෙලි නාට්‍ය දෙකක තුනක වැඩ කලා .පුංචි තිරයට එන්නෙ 2015 විතර මෝනින් ප්‍රොගෑම් එකක් කරනව සරත්චන්ද්‍ර හික්කඩුව මහත්මයත් එක්ක.ඊට පස්සෙ තිලිණ බොරලැස්ස මහත්මයගෙ සිහින සමාගම ටෙලි නාට්‍යයේ පූරා චරිතය කරනව එතන තමයි මට ටෙලි කලාව සෙට් වෙන තැන.ලංකාවෙ වගේ තැනක කැමරාව ඉගෙන ගන්න තැනුත් අඩුයිනෙ.මෙික ලොකු අවස්ථාවක්⁣ වෙනව.තව ප්‍රදීප් රසාංග අයියගෙ බස් එකේ ඉස්කෝලෙ නාට්‍යයේ කොටුව කියල චරිතයක් හම්බෙනව.ඒකත් මට හොද අධ්‍යයනයක්.

පාර දිගේ නාට්‍යයේ චරිතය ට හැමෝගෙන්ම ලැබෙන සහය ගැනත් කියමු

මූලික ව කිව්වොත් අධ්‍යක්ෂක ශිවගුරුනාදන් මහත්කයගෙන් ලැබෙන සපෝට් එක වටිනව.ඒ වගේම අපි වගේ ආධුනිකයන්ගෙන්ව බිදවන්නෙ නැතිව ඉදිරියට අරගෙන යන්න ප්‍රවීනයො ලොකු උදව්වක්කලා.මගෙ චරිතයට උලුප්පල ගන්න සෑහෙන මහන්සි වුන ශිවගුරුනාදන් මහත්තය.මෙි නාට්‍යයට මාව හදුන්වල දුන්නෙ මගෙ යාළුව තිවංක විශ්වනාත් අයියා.
පාර දිගේ පිටපත ප්‍රබලයි හැම චරිතයකට හරි තැනක් අල්ලල දෙන්න සද්ධමංගල සූරිය බණ්ඩාර මහත්කයත් මතක් කරන්න ඔිනා.ඒ වගේම නිෂ්පාදනයෙන් එකතුවුනු චාමර සමරවික්‍රම මහත්තය දුන්න හයියත් වැදගත් වෙනව.ඒ වගේව සෙට් එකේ තේ හදන කෙනාගෙ ඉදන් හැමෝවම මතක් කරනව.

පාර දිගේ නාට්‍යයට ඉන්නෙ වෙනම ප්‍රේක්ෂක පිරිසක් නේද

මෙි නාට්‍යය පාර දිගේ නම නිසා ම පාර දිගේ හැම දෙයක්ම වෙන්න පුළුවන් .ලොකේෂන් එකේ ම අපි වගේම අය අගුලානෙ ඉන්නව.ඩාලින් අක්කල ,බණ්ඩල,ටුටූලව අපි දකිනව.වගේම තරුණ කොල්ලො කෙල්ලො ඉන්න නිසාම මෙික බලන අය කොල්ලො කෙල්ලන්ට දැනෙනව.ඒ නාට්‍ය ප්‍රේකෂකයන් අතරට යන්නෙ එහෙමයි.

බණ්ඩට දැන් ලොකු රසික පිරිසක් ඇති නේද

ඇත්තටම හොද ප්‍රතිචාර ලැබෙනව.ඒ වගේම කියන්නම ඔිනා මට දවසක් ඇත්තටම නානායක්කාර වගේ කෙනෙක් හම්බවුනා.ඒ විදිහෙම සුදු ඇදගත්ත ව්‍යාපාරිකයෙක්.මට කාඩ් එකක් දීලා කෝල් කරන්න කියල කිව්වා.ඔහු නාට්‍ය බලනව කියල.මෙි වෙලාවෙ මගෙ අම්මවයි තාත්තයි මතක් කරන්න ඔිනා.එයාලට තමයි වැඩියෙන් ම සතුටු මම මෙි කරන දේවල් වලින්.අම්මයි අප්පච්යි මායි තමයි මගෙ පවලෙ ඉන්නෙ.


ගෙදර එකම දරුව කලාවට එනවට කැමති වුනේ කවුද

අම්මා කලාවට ගොඩක් කැමතියි.මූ කරන්නෙම මෙික නම් කරන් යනව වගේ දෙයක් කියනවනේ.එයාලා යම් තැනක් වෙනකන් මාව විශ්වාස කලේ නෑ.එයාලා කියනව ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරගෙන කරන්න කියනව.නමූත් ඔපිස් එකක හිරවෙල මෙික කරන්න බෑ මානසික සුවයක් අවශ්‍යමයි.

කුසල්ට මෙි හරහා තවත් අවස්ථා වලට කතා කරලත් ඇති.

කතාකරල තියෙනව.නමුත් මම හිතෙනව දැනෙන දේකින් තමයි මෙයට පාදම වැටුනෙ.මම වෙිදිකාවෙ තෝරාබෙිරාගෙන වැඩ කලෙ.ඉතින් මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නෙත් එහෙම බලල.මම ගොඩක් බිසී වෙන්න කැමති නෑ.

කතෘ
ගොසිප්ලන්තය 


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :