ads
News
Loading...

රෙද්ද හැට්ටෙ ඇන්දම ලස්සනයිලු


 
පහුගිය වසරේ ප්‍රීතිරාජ් වීරරත්නගේ තිත්ත ඇත්ත චිත්‍රපටිය හරහා සිනමාවට ආ මධුෂානි වික්‍රමසිංහ ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක දකින්න ලැබෙනව.ඉතින් මධුෂානි ගැන අපි කරන්න හිතුව
පහුගිය කාලෙ රෙද්ද හැට්ටෙ එක්ක පසුතලයක දකින්න ලැබුන නේද?

ඔව්. මං ගොඩක් ආසාවෙන් කරන්න බලන් හිටියා ගැම් චරිතයක්.ආදරෙයි ජානු ෆිල්ම් එකෙ තමයි එ අවස්ථාව ලැබුනෙ. හැමොම කිව්වේ මට ලස්සනම ඇදුම රෙද්ද හැටටෙ කියලා
ඔය අතරෙ ජානු චිත්‍රපටියෙ පසුතලයෙ වුනු විශේෂ ටික් ටොක් වීඩියෝව ගැනත් කවුරුත් කතාබහ වුනා?

අපොයි ඔව් සෙට් එකෙදි ගොඩක් බිසි ම්ං .මට තියන වගකීම වැඩීයි ඒ ෆිල්ම් එකෙ. රිලැක්ස් වෙන්න බ්‍රෙක් එකක් ලැබුනම ඉතිං ටික් ටොක් එකක් කරනවා.



මධූ රංගනයට කැමැත්තෙන් ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් තාමත් මතකෙ ඇති?

ඉස්කොලේ කාලෙ වැඩි කැමැත්ත තිබුනෙ නර්තනයට,ඒ හරහා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබිල තියනවා .පාසල් වෙදිකාවෙ තමයි එ කාලෙ වැඩ කලේ
මධූ සම්බන්ධ වෙච්ච මුල්ම නිර්මාණය ගැනත් කියමු නේද?
මුලින්ම මං ක්ශෙස්ත්‍රයට එන්න කලින් විදිමත්ව පුහුණුව ලබනව ජාතික තරුණ සේවා සභා රංගන ඩිප්ලෝමා පාසලේ. පූර්ණ කාලින පාඨමාලාවක් හාදාරලා තමයි රංගනයට ආවෙ. මුලින්ම සම්බන්ධ වෙන්නෙ වෙදිකා නාට්‍ය සදහා තටු නාට්‍ය තමයි මුලිම නිර්මාණය.
රංගනය කියන්නෙ විවිධ කටකතා ඇතිවන තැනක්.මධූ මෙි හැමදෙයකින්ම කොහොමද ආරක්ෂාවෙල වැඩ කරන්නෙ?

ඒක තම තමන්ගෙ අතෙ තියෙන්නෙ. ක්ශ්ස්ත්‍රයෙ තමන්ගෙ නම පරිස්සම් කරගත යුත්තේ තම තමන්ම තමයි
ක්ෂේත්‍රයේ දි ඔයා රසික සමාජය තුලින් ලබපු අමතක නොවන අත්දැකීම ගැනත් කියමු.

අපි රෑගත කිරිම වලට කොළඹින් පිට ගියාම තමයි වැඩියෙන් රසිකයො එක්ක කතා කරන්න ලැබෙන්නෙ. ලොකෙශන් එකට ඇවිත් කතා කරනව. එයාලගෙ අදහස් කියනවා..මට ලෙකු ෆැන් බෙස් එකක් නැ මං තම නවක රංගන ශිල්පිනියක් නිසා.
මධූගෙ ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොයිවගේද?
මං පවුලේ එකම ළමයා . අම්මා කැමතිම නෑ මං නිළියක් වුනාට. එත් මං දැන් වැඩ කරන විදියත් එක්ක අම්මයි තාත්තායි තේරුම් අරන් ඉන්නේ මං හොදින් මෙ ගමන යාවි කියලා.
මධූගෙ එන්න තියෙන අලුත් නිර්මාණ මොනවද?
සම්පුර්ණයෙන් වැඩ අවසන් වුන ෆිල්ම් 2ක් එන්න තියනවා. "එදත් දිනුම් අදත් දිනුම් " "ආදරෙයි ජානු " රටෙි තත්ත්වය නැවතත් සාමාන්‍ය වුවායෙන් පසුව රිදි තිරයෙන් ඒ නිර්මාණයන් දැක ගන්න පුලුවන්.
මධු රගපාන්න කැමති තවම ලැබිල නැති චරිතය මොකද්ද?
මෙහෙණින් වහන්සේ කෙනෙකුගෙ චරිතයක්

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :