ads
News
Loading...

පරිවර්තන ලෝකයේ හැඩය වෙනස්කරපු අමුතු පොත...


    පරිවර්තන කෘති අතර නමගිය මෑතකාලීන ලේඛකයෙක් තමයි පාලිත ජයකොඩි කියන්නේ.විශ්ව සාහිත්‍යයේ එන කෘති අතර සැරිසරන පාලිතගේ අලුත්ම කෘතිය හිමාලයෙන් එපිට බිහිසුණු චාරිකාවක්.ඉතින් ඒ ගැන කතාබහකට පාලිත ගොසිප්ලන්තය එක්ක මෙි විදියට එකතුවුනා.


පාලිතගෙ  අලුත්ම පරිවර්තනය බිහිසුණු චාරිකාවක්?
ඔව්. හිමාලයෙන් එපිටට බිහිසුණු චාරිකාවක්.


අපිට දිගටම දකින්න ලැබෙන්නෙ ඔබෙි පරිවර්තන පොත පතද?
අපොයි නැහැ. මගේ පළමු නවකතාව දැන් මුද්‍රණයේ. ලිවීමේ කාරියට අත ගසා දස වසරකට පමණ පසුවයි නවකතාවට යොමු වුණේ.


ස්වතන්ත්‍ර නවකතාව ප්‍රමාද වුනාම පාඨකයන්ගෙත් උද්යෝගය වැඩියි නේද?
එය ගැන හරියටම කියන්නට බැහැ. ඒත් බොහෝ දෙනා විටින් විට නවකතාවක් නො ලියන්නේ ඇයිදැයි ඇසුවා කියා මතකයි.


පරිවර්තනය කෙරේ අද බොහෝ පාඨකයන් එළඔිලා ඊට හේතු මොකක්ද?
එහෙමමයි කියන්ටත් බැහැ. නවකතාව ගැනත් බොහෝ දෙනා උනන්දුයි .ඒත් ඊට සාපේක්ෂව වැඩි පරිවර්තන කෘති ප්‍රමාණයක් බිහි වෙනවා. අනෙක් අතට විදේශීය ලේඛකයන් ගැන වැඩි උනන්දුවකුත් කියවන්නන් අතර තිබෙනවා. ඉතින් මේ සියල්ල දිහා බලද්දී ඔබ කියූ දේ ඇත්තකැයි කියා කියන්ටත් පුළුවනි.


ඉස්සර ට වඩා මෙි වසර තුල පොත පත මිල වැඩිවීම මෙවර පාඨකයන්ට මොන විදියට බලපාවිද?
ඔව් . එය නම් සෑහෙන බලපෑමක් කරාවි. මිළ නියම කිරීමේ දී ප්‍රකාශකයාත් මිළදී ගැනීමේදී පාඨකයාත් අඩු වැඩි වශයෙන් අසීරුවට පත් වන තැනක් !


දැන් පොත් අලෙවියට අන්තර්ජාලය ලොකු මෙහෙයක් සිදුකරනව නේද?
ඔව් , ඒක නම් අගේ ඇති කාරියක් ! අද සමාජයේ බොහෝ කතිකාවත් සඳහා සමාජ වෙබ් අඩවි හොඳ තෝතැන්නක් වෙලා තිබෙන වග පෙනෙනවා නෙ. ඉතින් පොත් පත් ගැන ප්‍රචාරණය කටයුත්තට එය යොදා ගැනීම අප දෙපාර්ශ්වයටම හොඳ දෙයක් !


විශ්ව සාහිත්‍යය තුල එන ලේඛකයන් ගණනාවක් ඔබ ඇතුළු පිරිස පාඨකයන් වෙත ගේනව
ඔව්. මා එ සේ කරන්නට වාසනාවන්ත වී තිබෙනවා. වැඩිමනත්ව ඉන් කිහිප දෙනෙක් ගැන වෙසෙසින්ම  කියතොත්, රයිස් බරෝසුන්ගේ අපූරු පරිකල්පනත්, ඇන්ඩර්සන් හා කෝබට්ගේ වන නැලවිළිත් මහාචාර්ය වොෂින්ටන්ගේ සමාජ යථාර්තත් සිංහල අකුරු වලින් හැඩ කරන්නට ඉඩ ලැබීම වාසනාවක් ලෙසයි මා කල්පනා කරන්නේ.


දැන් වසරකට එක පොතක් ඉදිරිපත් කරන තැන ට බොහෝ ලේඛකයන් පත්වෙලා
මා හිතන්නේ නැහැ එහෙම බොහෝ දෙනෙක් අධෛර්යමත් වෙලා ය කියා. ඒත් එය ජීවත් වීම පිණිස කරගෙන යන්නට පහසු කාරියක් නෙවේ දැන්. ඉතින් අනෙකුත් රාජකාරියක යෙදෙමින් ම පොතක් දෙකක් තෘප්තිය වෙනුවෙන් ලියන්නට බොහෝ දෙනා පෙළඹී ඉන්නා වගක් පෙනෙනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :