ads
News
Loading...

ඔළුවට වදින වැඩසටහන් ගේන අමායා




වැඩසටහන කුමක් වුනත් සූදානම අත්‍යාවශ්‍යයි

හඬට ආදරේ අය රුපය දැකීම අවාසියකට වඩා වාසියක් වෙන අවස්තාත් තියෙනවා

පහුගිය කාලේ රිදම් fm ගුවන්විදුලියෙන් පුංචි කරණමක් ගහල ලක් fm ආපු අමායා රාජනායක ⁣ගොසිප්ලන්තය art one සමඟ කතාබහක යෙදුනා.


අමායා දැන් අලුත් තැනක කොහොමද ශ්‍රාවකයන්ගෙන් දැනෙන ප්‍රතිචාරය?

ඇත්තටම ඒක අලුත්ම ඇත්දැකීමක්, රිදම් ගුවන්විදුලි නාලිකාව තුළින් මාව අදුනාගෙන මට ආදරය කරපු ලොකු පිරිසක් හිටියා, මම හිතපු දෙයක් තමයි ලක් fm සහ රිදම් සංයුතිය සහ ආර වෙනස් නිසා ඒ පිරිස මාත් එක්කම රැදෙයිද කියන එක? නමුත් කියන්න සතුටුයි ඒ පිරිසෙන් බොහොමයක් අදටත් මාත් එක්ක ඉන්නවා, ඒ වගේම අලුත්ම පිරිසක් එයට එකතු වුන බවත් දැනෙනවා, ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්

අමායා නිවෙිදනයට මුල් පියවර තැබුවෙ අහඔුවක් විදියටද නැතිනම් නිවෙිදිකාව කියන කෙනා හිතේ හිටියද?


නර්ථනය, ගායනයට වැඩි කැමත්තක් පොඩි කාලේ ඉදන්ම තිබ්බට ඇත්තටම නිවේදනය ගැන අදහසක් තිබුණේ නෑ. නමුත් මගේ කටහඩ ගැන හොද ප්‍රතිචාර මට ලැබිලා තිබුණා පාසැල් කාලෙදිම. ගුරුවරියක් විදිහට රැකියාව කරන අතරෙදි තමයි හරේන්ද්‍ර ජයලාල් සර්ගේ මගපෙන්වීම යටතේ නිවේදනයට යොමු වුනේ, ඒ සියත fm ඔස්සේ, මේට හරියටම වසර පහකට පෙර.

ගුරුවරියකට පුළුවන් සමාජයේ ඊළග පරපුරට වටින දේ දෙන්න අද ගුවන්විදුලි මාධ්‍ය තුල ඇත්තටම මෙි දේ සිදුවෙනවද?

මාධ්‍ය කලාව හුදෙක් විනෝදාස්වාදය විතරක් ලබාදෙන මාද්‍යක් බවට පත් වෙන බවක් පේනවා, නමුත් අදටත් විනෝදාස්වාදය සමග ගුවන් කාලයට වටිනාකමක් එකතු කරන වැඩසටහන් අදටත් පවතිනවා, වාසනාවකට මම සේවය කල ආයතන තුනේදිම මට ඒ වගේ වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන්න ලැබුණා. ඒක මට සතුටක්.

සාමාන්‍ය වැඩසටහනකට වෙන සූදානමයි නුවණ මනින වැඩසටහනකට වෙන සූදානමයි අතර වෙනස ඔබට දැනෙන විදිහ?

වැඩසටහන කුමක් වුනත් සූදානම අත්‍යාවශ්‍යයි, මම රිදම් එක්ක ඉන්නකොටත් වැඩසටහනට ගොඩක් මහන්සි වුනා, ලක් fm , IQ Super මීටරේ වැඩසටහනට ඊටත් වඩා මහන්සි වෙන්න වෙනවා, මම ඒකට හරිම කැමතියි, මොකද මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් මුණගැහෙන නිසා.


හඬ කියනදේ නිවෙිදිකාවකට ගොඩක් වැදගත් සාමාන්‍ය ජීවිතයේදී ඒක ⁣පරෙස්සම් කරගන්නත් කරන දේවලුත් ඇති?

හඩ කියන්නේ නිවේදිකාවකට තියෙන වටිනාම ආයුධය නේ.. ඉතින් පරිස්සම් කරගන්න ඕනිනම් තමයි. හඩ අභ්‍යාස කරන්න පටන් ගත්තට ඒක නම් එක දිගට කරන්න ලැබුණේ නෑ, නමුත් සීතල කෑම බීම වලින් නම් ඈත් වෙලා තමයි ඉන්නේ

බීම් එකේ ඇතුලත තනියෙන් කතාකරන අත්දැකීම මුලින්ම වින්ද දවස මතක් කරමු නේද?

අහ් ඒක හරි සුන්දර අත්දැකීමක්, තනියෙන් කතා කරනවා, හිනා වෙනවා,සමහර වෙලාකට වැඩසටහන ඉවර වෙලා ඇත්තටම Bye කියලා අත වනනවා, ඒ තරමට අසන්නන්ට මම ගුවන් විදුලියෙන් කතා කරන්නේ කියලා මට නම් අමතක වෙනවා, ඒ තරම් ලෙංගතු රස්සාවක් මේක.
මුල්ම අත්දැකීම ගැන කතා කරොත් එදානම් හොදටම භය වෙලා හිටියේ, මොකද වැරදි නිවැරදි කරන්න පුලුවන් රස්සාවක් නෙවෙයි අපි කරන්නේ.


ඩිජිටල් අවකාශය නිසා රසිකයන්ව නිවෙිදිකාව දකින බලන තැනකට ආවා.ඔබ හිතන්නෙ එය රේඩියෝ කලාවට හොද දෙයක්ද?

වෙනස් වෙන ලෝකයත් එක්ක රේඩියෝවත් වෙනස් වුනා. ලියුම් ලියපු අය voice msg එකට ආවා, පත්තර කියවපු අය Online newspaper එක බලන තැනට ආවා, ඉතින් රේඩියෝවත් ඉස්සරට යන්න ඕනි, පරණ දේවල් වලට ආදරය කරන ගමන්, ඒ දේවල් ඉගෙන ගෙන ඒ ඔස්සේ නව්‍යකරණය වීම වරදක් නෙවෙයි.


අවසාන වශයෙන් අමායාගෙ ගමට ස්තුතිවන්න විය යුතු අයත් කියමු

මගේ අම්මි, අප්පච්චි, මගේ සැමියා, මගේ මල්ලි වගේම මගේ නැන්දම්මා ඒ අය තමයි මගේ හයිය, ඊට ගුරුහරුකම් දුන් හරේන්ද්‍ර ජයලාල්, ප්‍රසන්න ජයනෙත්ති, චමිල ලොකුනාරංගොඩ, වසන්ත කරුණාරත්න, ජානක ප්‍රභාත් යන අයට වගේම Lak fm ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, IQ Super මීටරේ නිවේදක ඉෂාර චන්දිමාල් අයියාටත් ස්තූතිවන්ත වෙනවා, ඒ වගේම මට හැමදාම ආදරේ කරන මගේ ආදරණීය අසන්නන්ටත් ස්තූතිවන්ත විය යුතුමයි, ඒ ආදරය තමයි මගේ වත්කම.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :