ads
News
Loading...

මෙහෙම ගනුදෙනු වෙනවනම් බලාගෙනයි





විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිංහලෙන් කිව්වොත් TRC එකට පැමිණිල්ලක් දැම්මම එයාලා අදාල ෆේක් අකවුන්ට් එක අයින් කරලා දානවා. කොහෙවත් යන්න දෙයක් නෑ. Email එකක් ලියන්න.

අධ්‍යක්ෂ ජෙනරාල්,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ඒකෙ පැහැදිලිව ඔයාට තියන ප්‍රශ්නය සටහන් කරන්න. ඊට පස්සෙ,
➰ඔයාගෙ නම
➰ original FB account link
➰ fake FB account link
➰ මොබයිල් නම්බර් එක දාලා ඊමේල් එකක් යවන්න. පහල තියෙන්නෙ එයාලගෙ email address එක.

cc@trc.gov.lk

එතකොට එයාලා ඒකට reply mail එකක් එවනවා පුරවන්න ඕන ෆෝම් එකක් එක්ක. ඒකෙ අහලා තියනවා ඔයාගෙ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පතේ දෙපස ඡායාරූප දෙකක්, ඔයාගෙ original FB account link ,fake FB account link සහ ඒවයේ screenshot දෙකක්. ඒ ටික පුරවලා මේල් කරාම ඒගොල්ලො අදාල ෆේක් අකවුන්ට් එක අයින් කරලා දානවා. මේ ඔක්කොම සිද්ද වෙන්න යන්නේ පැය 24-48 වගේ කාලයක්. ඔයා වැඩි විස්තර ඉල්ලුවොත් ඒ නපුරු වැඩේ ඔයාට කරන්නෙ කවුද කියන එකත් එයාලා ඔයාට දැනගන්න සලස්වනවා. එතනින් එහාට ඔයාට කැමති නම් නීතිමය ක්‍රියාමාර්ග අරගන්නත් පුලුවන් ..!

(හැබැයි හැම කෙනාම එවන link click කරලා බලන්න යන්නත් එපා. එහෙම උනොත් ඔයා නොදැනුවත්ව ම ඔයාගෙ අකවුන්ට් එක හැක් වෙලා තියෙන්නත් පුලුවන්. කවුරු හරි ඔයාගෙ ෆේක් අකවුන්ට් එකක් තියනවා කියලා ලින්ක් එකක් එව්වොත් මුලින් එයාගෙන් screenshot එකක් ඉල්ලලා බලන්න)

එක එක අසහනකාරයො නිසා බය වෙලා ඉන්නවත් bully වෙන්නවත් එපා. ඔවුන්ට ඉඩ දීලා බලන් ඉන්නත් එපා. තමන් වෙනුවෙන් තමන්ට හඬක් නගන්න බැරි නම්, කවුරුත් එන්නෙ නෑ ඔයාව බේරගන්න. 🙂


සටහන - අනූ පතිරණ


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :