ads
News
Loading...

නිරුවත කලා මාධ්‍යයකින් විදීම ගොඩක් අයට අපහසුවෙලා


 වඩාත් අධ්‍යනයට කැමති සෝලියස් මැන්දිස් මහතාගේ සිතුවම් වලට.....

හැම හදවතක් ම සෞන්දර්යාත්මක නෑ


චිත්‍ර විෂය කලාව තුල වඩාත් කැපී පෙනෙන අංගයක්.ඉතින් අද අපි ගොසිප්ලන්තය තුලින් කතාකරන්න යන්නෙ එම විෂය තුල දස්කම්පෙන්වන චමෝදි කාවින්ද්‍යා එක්කයි.ගොසිප්ලන්තය ආර්ට්වවන් වලට අපි චමෝදිව මෙි විදියට එකතුකරත්තා.


චමෝදිගෙ දක්ෂතා චිත්‍රකරණයට ආවෙ කොයි කාලෙදිද?

මගේ පෙර්පාසල් අවදියේ ඉදන් මන් චිත්‍රකරණයට යොමු උනා.

චමෝදිට චිත්‍රවලදි අභියෝග වෙච්ච තැන් මතක සටහන් විදියට ඇති

ඔව් බොහොමයක් තැන් තිබ්බා. ගොඩක්ම චිත්‍ර ශිල්පීන් සමග මා තනිව චිත්‍ර ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න ලැබෙන අවස්තාව න් තිබ්බා.

චිත්‍ර ශිල්පිනියක් වුනහම චිත්‍ර ශිල්පියෙකුට වඩා අසීරු තැන් ක්ෂේත්‍රයේ ඇති

සමාජයත් සමග ගනුදෙනු කිරීමේ දී සුලු සුලු පසු බෑම් වලට මුහුන දෙන්න සිදුවෙනවා .මෙහෙමයි මන් කලාකාරිනියක් .. ඒත් සමාජයේ සමහර චරිත කලාව මිලක් නියම කරනවා සේම කාලාකාරිනියන්ටත් මිලක් නියම කරන්න උත්සහ කරනවා. මේ නිසාම ගොඩක් කාන්තාවන් පසුබසින වෙලාවන් තියනවා .. අද සමාජයේ එකිනෙකාට ගරු කීරීම කියන දේ පිරිහී ගිහින්.
මෙහෙමයි මන් කලාකාරිනියක් .. ඒත් සමාජයේ සමහර චරිත කලාව මිලක් නියම කරනවා සේම කාලාකාරිනියන්ටත් මිලක් නියම කරන්න උත්සහ කරනවා. මේ නිසාම ගොඩක් කාන්තාවන් පසුබසින වෙලාවන් තියනවා .. අද සමාජයේ එකිනෙකාට ගරු කීරීම කියන දේ පිරිහී ගිහින්.


සෞන්දර්යාත්මක දේවල් මිල නියම කරත්දි ඇයි එතන තියෙන්නෙ යම් හෙට්ටු කිරීමක්?

හැම හදවතක් සෞන්දර්යාත්මක නෑ. සෑම මනසක්ම සෞන්දර්යාත්මක නැහැ.අන්න ඒකයි හේතුව.

මෑතක ඔබ පුන්‍යකර්මයක්ටත් දායක වුනා.ඒ ගැනත් කියමු

ඔව් .ගරු රහත්ගම නාගිත ස්වාමීන් වහන්සේගේ ජන්ම දින පිංකම සදහා.. ධර්ම දේශනාව සිදු කිරීමට වඩින "ගරු දොඩම්පහල රාහුල ස්වාමින් වහන්සේගේ " රුව උන්වහන්සේට පූජා කිරීමට සිතුවම් කරන්නට යෙදුනා. එය මට ලැබුන විශේෂ අවස්තාවක්.
උන් වහන්සේගේ මගේ සිතුවම් බෙහෙවින් අගය කලා. මන් නැවතත් උන් වන්සේ ස්තූති පූර්වකව මතක් කරනවා!

Human art එක්ක යන දෙයක් තමයි නිරුවත් පිලිම ලෙස ඇඔීම.එය බටහිර නම් සම්ප්‍රදායක් එවන් චිත්‍ර හෝ පිලිම නිර්මාණයකදී කලාකරුවා මෙන්ම එයට බදුන්වන තැනැත්තා අතර හොද වටහගැනීමක් තිබිය යුතුයි නේද?

අනුරුවක් ගැන කතා කරනකොට කොටස් දෙකක් ගන්න පුලුවන්.එකක් ඒම තැනැත්තා නිරූපන ශ්‍රේස්ත්‍රයෙහිම නිපුන කෙනෙක් වෙන්න පුලුවන්.එහිදී ඔහු හෝ ඇය දන්නවා.,කෙසේද චිත්‍ර ශිල්පියාට තමා සහය දක්වන්නේ කියා. එම නිසා ඔවුන් සමග නිර්මාන කරනයෙහි යෙදෙන්න පහසුයි.
දෙවෙනි කාණ්ඩය තමාගේ නිර්මාණයක් සදහා කැමැත්තෙන් පෙනී සිටින පිරිස. ඔවුන් හැසිරවීම තරමක් ශිල්පියාට අභියෝගක්.බොහෝ දුරට මෙමෙ දෙපිරිස යොදාගෙන තමයි නිර්මාණ කරනයෙහි යෙදෙන්නේ.

ඔන්න ඔය තැනදිත් කාන්තාවකට චිත්‍රකලාව අභියෝගයක් වෙනව නේ

ඔව් පොඩ්ඩක් විතර. එක අපේ මනසේ තියන දෙයක් අපි හැදිලා තියෙන විදිහ. විරුද්ධ පාර්ශිකයන්ගේ නිරුවත් ශරීරය දැකීම . එක අපිට ලැජ්ජා සහ ගතයි කියලා අපි පොදුවේ සමාජය තුල කියනවා. ඒ සමාජය දකින්නේ ලිංගිකත්වය පමනයි. කලාව තුල ඉන්න පිරිස එක දකින්නේ කලාවක් ව්දිහට .අපි එකේ රසයක් විදිනවා කලාත්මකව .


කැමතිම චිත්‍රශිල්පියා වගේම කැමතිම නිර්මාණය ගැනත් කියමු

මම වඩාත් අධ්‍යනයට කැමති සෝලියස් මැන්දිස් මහතාගේ සිතුවම් වලට. කැලනි විහාර සිතුවම් එතුමන් එතුමාගෙම වර්න රටාවක් යොදාගෙන්  අපේම ජන ජීවිතයේ සංසිද්ධි  නිර්මානය කලා. තවමත් අපේ ජාතික කලා ගාරයේ තියෙන මුදලිඳු අමරසෙකරයන් ගේ යක දුරාගේ  දියනිය සිතුවමට මන් බෙහෙවින් ආසා කරනවා

 
අවසාන වශයෙන් උදව් කරපු අය ගැනත්.කියමු


මගේ දෙමාපියන්ට ගුරුවරුන්ට යහලු මිත්‍ර  ආදීන් සියලු දෙනාට මන් ස්තූති වන්ත වෙනවා. මොකද ඒ හැම දෙනාම මාව දිරි ගැන්නුවා.අපේ ගරු නාගිත ස්වාමීන් වහන්සේ ට මන් බෙහෙවින් ස්තූති වන්ත වෙනවා !! ඒ වගේම ඔබටත් ස්තූතියි මට මේ අවස්තාව ලබා දුන්නට

තවත් ලිපි කියවන්න 



දෙදරන පාතාලය පළමු කොටස



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :