ads
News
Loading...

ඈ ඉවත්වුනාද ඉවත් කලාද



පහුගිය දවසක සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂකවරය⁣ගෙ ඇය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වෙච්ච මහේෂි මධුශංකා වගේම රිතුත් ඉවත්වෙල.ඒ වෙනුවට දැන් මෙිනකා පීරිස් එම චරිතය රගපානවා.නාට්‍ය ලෝකෙ නම් ගොඩක් අය කතාවුනේ මහේෂි ට නාට්‍යයෙන් අයින්වෙන්න බලපෑමක් ඇවිත් කියල.කවුරු කොහොම කිව්වත් මෙි ගැන මහේෂ් වගේම අධ්‍යක්ෂක සමන් කුමාර මහත්මයා මෙි විදියට අදහස් දක්වා තිබුනා.

මහේෂී කීව කතාව

ඇය මගේ ජීවිතේ මට ලැබුණු ලස්සනම ටෙලි නාට්‍යයක් සහ අර්ථවත් ටෙලිනාට්‍යයක්... ඒ චරිතය ලස්සනට කරන්න මට උදව් කරපු ගොඩක් අය ඉන්නවා ඒ අතරින් සමන් කුමාර ලියනගේ මහත්මයා මගේ අධ්‍යක්ෂකවරයා ඔහු අපි හැමෝටම පියෙක් වගේ සහයෝගය ලබා දෙනවා මගේ ජීවිතේ ගෙවුනු සුන්දර ම කාලයක් කිව්වොත් මම නිවැරදි ඒ කාලය සුන්දර කරගන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි විශේෂයෙන් එහි සිටි රංගන ශිල්පීන් ශිල්පිනියන් චමිලා  අක්කා ජනක්  අයියා විදූෂි මේ තමයි මගේ පවුල ඒ වගේම මගේ දුවයි පුතයි ගගනි අව්චි Ashika Mathasinghe රිතූ ආකර්ෂා Geethika Rajapaksha පූජන aiya ඉසුරු අයියා මේ අය මගේ ලඟින් හුඟාක් හිටපු අය ඒ වගේම අපිව ලස්සනට මේකප් කරපු ප්‍රේමලාල් අයියා තරිඳු මල්ලි සහාය අධ්‍යක්ෂණය කරපු වසන්ත අයියා සුසන්ත අපිට රස කෑම හදල දීපු විජේ krishna ඒ වගේම සම්පත් අයියා ලක්රුවන් අයියා ගාමිණි අයියා ලක්ෂාන් අපේ යුනිට් එකේ හැමෝම මේ හැමෝම මේ නාට්‍යය සාර්ථක කරගන්න ගොඩක් උදවු කරපු අය ඇය සමග මට ලං වෙච්ච මට ආදරේ කරපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි නම කියන්න අමතක වෙච්ච කෙනෙක් ඉන්නව නම් සමාවෙන්න.. ඇය කියන්න ටෙලිනාට්‍යයක් උනාට ඒක අපි හැමෝම මහන්සි වෙලා ලස්සනට කරන්න උත්සාහ ගත්තා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හුඟාක් ස්තුතියි ඇයත්  එක්ක එකතු උනාට.... ඇයට ආදරය කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි සහ පින් ඔයාලට මම හැමදාමත් ආදරෙයි🙏🙏🙏


ඇය අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ


අධ්‍යක්ෂක කිව්ව කතාව පහළින්

ඇය නාට්‍යයෙන් ප්‍රාර්ථනා සහ රිතූගේ ඉවත් වීම පිළිබඳව නොයෙක් දෙනා බොහෝ විමසීම් කරනවා .ඊයේ දිනයේ රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුම් ගණන විශාලය .ඒ හේතුවෙන් මෙම සටහන තබමි .
ආදරණීය ප්‍රේක්ෂකයනි මේ චරිත දෙක සඳහා අලුතින් රංගන ශිල්පීන් දෙදෙනෙකු සම්බන්ධ කර ගැනීමට සිදු වූයේ .ප්‍රාර්ථනා සහ රිතූගේ අතිශය පෞද්ගලික වූ හේතූන් දෙකක් මත ඔවුන් මෙම නාට්‍යයෙන් ඉවත් වීම හේතුවෙනි .රිතු ඉවත්ව ගියේ විදේශීය රටක පදිංචිය සඳහා ය .මහේෂිගේ ඉවත් වීම පිළිබඳ ව ඇත්තේ අතිශය පෞද්ගලික වූ කරුණකි.අදටත් මේ දෙදෙනාට ම නිෂ්පාදන කණ්ඩායම මෙන්ම මා ද සුභ පැතුම් එක් කනවා .මෙය ඉවත් කිරීම පසුපස ස්වර්ණවාහිනී ආයතනය ,නිෂ්පාදකවරයා හෝ කිසිවකු නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.කොටස් 250 ක ගිවිසුම් පත්‍රයක් සමග ආරම්භ වූ මෙම නාට්‍යය නොකඩවා ස්වර්ණවාහිනී ආයතනයට සැපයීම නිෂ්පාදක මණ්ඩලය ලෙස අපගේ යුතුකමකි.එසේ ම ප්‍රේක්ෂක ඔබට කරන සාධාරණයකි.මේ රංගන ශිල්පීන් දෙදෙනා ප්‍රේක්ෂක ඔබට අසාධාරණයක් සිදු කළේ යැයි මම නො කියමි.එයට හේතුව ඔවුන් දෙදෙනාටම සිදු වූ කාරණා මානුෂික හේතුන්‍ ය.එහෙත් සියලු සියළු කාරණා වලට වඩා වැදගත් වන්නේ වගකීම යනු කුමක්දැයි වටහා ගැනීමය.පාලකයාට ඡන්දදායකයින් වැදගත් වන්නා සේම අපට ප්‍රේක්ෂකයා වැදගත් වන්නේ ය .මහේෂි ගේ මෙන් ම විදූෂි ගේ ද රංග ප්‍රතිභාව වඩාත් ඉස්මතු වූයේ "ඇය" තුළින් බව බොහෝ දෙනා මෙන්ම ඔවුන් ද දන්නා කරුණකි.විදූෂි ඉදිරිපත් කළ රංගනය කෙතරම් ප්‍රේක්ෂකයා වැළඳ ගත්තේ දැයි යන්න සනාථ වූයේ ඇයට මඟ තොට යාමට පවා නොහැකි තත්ත්වයක් උදා කරමිනි.ඇය ව නාට්‍යන් ඉවත් කරන ලෙසත් ඇයට ශාප කළ පිරිසුත් බොහෝ සිටියේ ය .සැබවින්ම ඒ ඔවුන් ගේ ප්‍රතිභාව නිසාවෙනි . " ඇය" මෙතෙක් දුර ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට ඒ ඔවුන්ගේ රංගනය ද දායක වූ ප්‍රධාන කරුණු අතර මුල් තැනක් ගනියි .මෙම රංගන ශිල්පිනියන් දෙදෙනාගේ මනා කැපවීමත්, දැඩි උනන්දුවත් ,ලබා දුන් අනේක විධ සහයෝගයට ත්,ඔවුන්ට ස්තූතිය පුද කරමි. අලුතින් එකතු වූ රංගන ශිල්පීන් දෙදෙනා අප ගේ දැඩි ඉල්ලීම මත මෙම මෙම නාට්‍ය භාරගත් බව කරුණාවෙන් දැන් වමි..එම නිසා ඔවුනට අගෞරවය කිරීම සුදුසු නොවේ යැයි මගේ හැඟීමයි .අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට පවසන්නේ මේ රංගන ශිල්පීන් දෙදෙනාම කවරෙකු විසින් හෝ කවරෙකුගේ බලපෑම මත ඉවත් නොකළ බව ය. ඔහුගේ අතිශය පෞද්ගලික වූ කාරණාවන් මත ඇය නාට්‍යයෙන් ඉවත් වූ බව අවසාන වශයෙන් ද ඔබට පවසමි .එසේම මේ දක්වා මෙම නාට්‍යයට සම්බන්ධ වූ සියලුම ශිල්පීන් ගේ අදාල ගෙවීම් සම්පූර්ණයෙන් ම පියවා ඇති බව කරුණාවෙන් දන්වමි .ප්‍රේක්ෂකයෙකු ලෙස ඔබ පත් වුණ ,ඔබට සිදු වූ අසාධාරණය පිළිබඳව නිෂ්පාදක තුමාගේ මෙන්ම අධ්‍යක්ෂවරයා ලෙස මාගේ ද කණගාටුව ප්‍රකාශ කරමි.කිව යුතු විශේෂ දෙයක් ඇත ලොව කවුරුත් අත්‍යවශ්‍ය පුද්ගලයින් නොවේ වැදගත් වන්නේ සුවිශේෂ පුද්ගලයින් ලෙස ජීවත් වීමය.අප හැම විටම උත්සාහ කළ යුත්තේ සුවිශේෂී පුද්ගලයෙක් වීමට ය.මහේෂිටත්,විදුෂි ටත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඇය නාට්‍ය කණ්ඩායම සුභ පතමි .ආදරණීය ඔබ තවදුරටත් ඇය සමඟ රැඳී සිටී යැයි අප විශ්වාස කරමි.
ස්තුතියි
මෙයට
සමන් කුමාර ලියනගේ ""ඇය""ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ.
ඇය මෙතනින් නරඔන්න 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :