ads
News
Loading...

ඉදලා ඉදලා රනිල් කිව්ව දේ




"කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය වගකීම් විරහිත ලෙස කටයුතු කළා.

කොරෝනා මර්ධනයට ලෝක බැංකුවෙන් ලබාදුන් ආධාර කුමක් සඳහා වියදම් කළේද යන්න රජය වහා හෙළි කළ යුතුයි.

සංඛ්‍යා ලේඛන සහ තොරතුරු වසන් කරමින් රජය තම දුර්වල බව වසා ගැනීමට සැරසෙනවා”
-
- එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් චෝදනා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය අනුගමනය කරන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කරමින් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ අදහස් පලකළා.

තමා ඇතුළු විපක්ෂය අවස්ථා ගණනාවකදී ම කොරෝනා අසාධිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය දිනකට 3000 – 5000 සීමාව දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිය ද රජය පසුගිය පෙබරවාරි 18 වෙනිදා සිට අද දක්වා සිදුකර ඇත්තේ දිනකට PCR පරීක්ෂණ 690 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

ලෝකයේ බොහෝ දියුණු දේශපාලන සංස්කෘතියක් හිමි රටවල සියලුම විපක්ෂ කණ්ඩායම් තම රාජ්‍යයන් හි ආණ්ඩුවල කටයුතුවලට සහාය ලබා දෙමින් කටයුතු කළා සේම එක්සත් ජාතික පක්ෂය ද කොරෝනා වසංගතය ට මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට ලබාදුන් බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, තමන් පසුගිය මාර්තු මස 28 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද තම ස්ථාවරය පැහැදිලි කළ අයුරු ද සිහිපත් කළා.

එදින ලංකාවෙන් වාර්තා වී තිබුණේ ,කොරෝනා ආසාදිතයින් 102 පමණක් බවත් ඒ වන විට කිසිදු මරණයක් වාර්තා වී නොතිබුණු බව ද පෙන්වා දුන් ඒ මහතා මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814 සීමාව ද ඉක්මවා ඇති බව ද යි සඳහන් කළා.

රජය , විපක්ෂයේ අදහස් පමණක් නොව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් පවා බැහැර කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගිය බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. මෙරට ජනගහනය මෙන් තුන්ගුණයක ජනගහනයක් ජීවත් වන චීනයට අසල්වැසි රටක් වන වියට්නාමයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවමත් 350 සීමාවේ පවත්වා ගැනීමටත් කිසිදු මරණයක් වාර්තා නොවීමටත් හේතු වී ඇත්තේ නිවැරදි සෞඛ්‍ය පරීක්ෂාවන් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. චීනයට අසල්වැසි කාම්බෝජයේ ද මේ දක්වා කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මෙරට රජය නිවරැදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් බොහෝ කාලයක් රට අගුලු දමා තැබීමට සිදු වූ බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජන ජීවිතය යථාතත්වයට පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම ද රජය විසින් දැරිය යුතු බවද පැවසුවා.

මේ තත්ත්වය තුළ බොහෝ පිරිසකට තම ආදායම් මාර්ග අහිමි වී ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව මෙම ගැටළු කිසිවක් තැකීමට ලක් නොකොට කොරෝනා වසංගතයෙන් දේශපාලන වාසි ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළ බවට චෝදනාවක් ද එල්ල කළා.ඒ ඔවුන් සිය ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් යොදා ගනිමින් සිදුකළ කොරෝනා සහනාධාර බෙදා දීමේ වැඩ පිළිවෙල දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන්.

එහි සම්පූර්ණ වගකීම කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව භාර ගත යුතු බවත් මුහුණු ආවරණ,සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ආදිය නිසි කලට වේලාවට ගෙන්වා නො ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ද වග කිව යුතු බවටත් රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කළා.

ආණ්ඩුව නිසි ක්‍රමවේද බැහැර කරමින් ,ඕනෑම දෙයක් බාර ගන්නා යාචක ප්‍රතිපත්තියක් අනුව යමින් චීනය ඉන්දියාව සහ පාකිස්තානය විසින් ලබා දුන් ඇතැම් ද්‍රව්‍ය ප්‍රමුඛතාවය හදුනා නොගනිමින් භාරගත් අයුරු ද හිටපු අග්‍රාමාත්‍යවරයාගේ විවේචනයට ලක් වුණා.

කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක බැංකුව මෙරට ට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 230ක මුදල වැය කරේ කුමකට ද යන්න පිළිබඳව ද මේ දී ඔහු රජයෙන් ප්‍රශ්න කළා.

රජය නිසි පරිදි කටයුතු කළා නම් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් හරහා කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම සිදු නො වන්නට ඉඩ තිබූ බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

කොරෝනා මර්දනය සඳහා කැපවී සිටින නිලධාරීන් සඳහා අවශ්‍ය උපකරණ නිසි අයුරින් ලබා දීමට තවමත් රජය අපොහොසත් වී ඇති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නායකවරයා මෙහි පීඩනය සියලු දෙනාටම විඳීමට සිදුව ඇති බවද පැවසුවා.

අනික් බරපතළ කරුණ වන්නේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ පිළිබඳ රජය විසින් විපක්ෂයට කිසිදු තොරතුරක් ලබා නොදීමයි. සාකච්ඡා කරමින් අත්දැකීම් බෙදා හදා ගනිමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට තිබූ අවස්ථාව රජය විසින් අහිමි කර ඇති බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා රජයේ දුර්වල බව වසා ගැනීම සඳහා මෙලෙස තොරතුරු වසන් කරන බවට ද චෝදනා කළා.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය



තවත් ලිපි



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :