ads
News
Loading...

ජනපතිගේ සැර කතාවෙන් වැඩ අරඔයි




 බස්නාහිර වටළයි – 
408ක් බඩුත් සමග අල්ලයි

මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිදු කෙරෙන විශේෂ මෙහෙයුම යටතේ අද අළුයම 05 අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 432  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ස්ථාන 408කදී කළ වැටලීම්වලදීයි.

හෙරොයින් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 140 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝග‍්‍රෑම් 01ටත් වැඩි ප‍්‍රමාණයක් සමගයි. සෙසු පුද්ගලයින් ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 75 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ගංජා ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 63දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් ළඟ තිබූ මුළු ගංජා ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 02ට වැඩියි.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ළඟ තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය ග‍්‍රෑම් 56 කට ආසන්නයි.

මෙම මෙහෙයුම සඳහා සෘජු උපදෙස් ලැබී ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.


තවත් ලිපි කියවන්න 


දෙදරන පාතාලය පළමු කොටස


                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :