ads
News
Loading...

ලක්ෂ 5ක ලියුම්,පාර්සල් වලට තැපෑලෙ අය කරපු දේ...


  තැපැල් සේවකයින් දිවයින පුරා ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින අටක් ගෙවී ඇති අතර සියළු සේවකයන් අද එනම් ජූනි 18වන දින කොළඔ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක යෙදී අනතුරුව ජනාධිපති මන්දිරය ට සංදේශයක් භාර දෙන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.මෙි වනවිටත් ලක්ෂ පහකට අධික ලිපි ,පාර්සල් දිවයින පුරා තැපැල් කාර්යාලවල  ගොඩගැසී ඇති අතර මින් තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවන සමස්ත පාඩුව  කෝටි පනහක් බව ඔහු වැඩිපුරටත් පවසනවා.
      කෙසේ වෙතත් මෙි වන විට අන්තර්ජාලය හරහා ගණුදෙනු කරන පුද්ගලයන් ,ව්‍යාපාරිකයන් වර්ජනය නිසා වඩාත් අසීරුතාවයකට ලක්ව ඇති පාර්ශවයන් අතර වෙයි.මෙි පිලිබදව තවමත් කැබිනට් මණ්ඩලයේ අවධානයට  යොමු  නොවීම නිසාම තැපැල් සේවකයන් මෙම වර්ජනය තමන්ට හිතූ ආකාරයට සිදුකරගෙන යන්නට ඉඩ සැලසීම ගැන ජනතාව චෝදනා නගනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :