ads
News
Loading...

දුමින්දගේ නඩුවෙි ඇත්ත තත්වෙ මෙන්න


* සෝලංගආරචිචිගෙ බිරිදගෙයි,සංජීවගෙයි සාක්ෂි පරස්පර වෙලා...

දිවයින -මනෝජ් අබෙිදීර
තම දේශපාලන දිවියේ ඉතා කෙටි කලක් තුළ දුමින්ද සිල්වා ඉදිරිපත් වූ සියලූ මැතිවරණවලදී ජ්‍යෙෂ්ඨයන් පරදා ජයග‍්‍රහණයේ මුලටම පැමිණ සිටියේය. සිත් ගන්නා සිරුර සහ තාරුණ්‍යය නිසා” ඔහු කෙරෙහි වෙනත් දේශපාලනඥයකුට නොමැති ආකර්ෂණයක් සමාජය තුළ පැතිරී ගියේය. එයම ඇතැම් විට ඔහුට අවාසියක් වූවා විය හැකිය. 

කෙසේ වෙතත්” මරණ දඬුවම සියල්ල යට කරමින් දුමින්ද සොයා පැමිණියේය. වසර දෙකකට ආසන්න කාලයක් මරණ දඬුවම සඳහා සූදානම්ව බන්ධනාගාර ජීවිතයක් ගත කළේය. මරණ දඬුවම සඳහා නියම වූවන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ සී වාට්ටුව හා බන්ධනාගාර රෝහල තුළ වසර දෙකක් ගත කරනවා යනු මැරි මැරී ඉපදීමක්මය. දුමින්ද උපත ලබන්නේ යමක් කමක් ඇති ව්‍යාපාරික පවුලකය. රටේ ප‍්‍රබල විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයකම අයිතිකරු වන්නේ ඔහුගේ සහෝදරයා ය. මේ නිසා ද දුමින්ද සම්බන්ධයෙන් දේශපාලනය ඉක්මවා ගිය” ඉරිසියා සහගත වෛරයක් සමහරු අතර පැතිරී තිබුණි. දුමින්දට මරණ දඬුවම ලබාදුන් තීන්දුවේදී ඔහුව නිදහස් කරන ලෙස තීන්දුව ලබාදුන්” සභාපති විනිසුරු වූ ශිරාන් ගුණරත්න මහතාට පවා වෙබ් අඩවි මඟින් මඩ ප‍්‍රහාර එල්ල කරන ලද්දේ” දේශපාලන සහ මෙකී දුමින්ද වෛරය මත පිහිටන ලද කණ්ඩායම් විසිනි. 

දුමින්ද ඇතුළු පිරිසට මරණ දඬුවම ලද දිනයේම ඔහුගේ පවුලේ පිරිස පවසන ලද්දේ” මෙම තීන්දුව උදෙසා තමන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. දුමින්ද සිල්වා ඇතුළුව සියලූම විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් එදිනම ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයට දන්වා සිටියේ” මෙම තීන්දුවට එරෙහිව තම සේවාදායකයන් අභියාචනාධිකරණයේ පිහිට පතන බවය. 
ඒ අනුව සෑම පුරවැසියකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් මහාධිකරණයේදී දුමින්ද සිල්වා මහතාට නොලැබුණ බව සඳහන් කරමින් අභියාචනය ගොනු විය. 

ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද නඩු තීන්දුවක් හෙයින් අනෙකුත් මහාධිකරණ නඩු තීන්දු මෙන් ඊට එරෙහි අභියාචනා විභාග කිරීමට අභියාචනාධිකරණයට නෛතික ප‍්‍රතිපාදන නොමැති වීම මත මෙම විශේෂ අභියාචනය” ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී. 

එවැනි ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක නඩු තීන්දුවක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී වූවද නෛතික ප‍්‍රතිපාදන සැලසී ඇත්තේ ‘‘පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට.. පමණක් වන හෙයින් මේ සඳහා අගවිනිසුරුවරයා විසින් තම ප‍්‍රධනත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබීය.
අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්” බුවනෙක අළුවිහාරේ” පි‍්‍රයන්ත ජයවර්ධන” නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එකී අභියාචනය ප‍්‍රථම වරට 2017 නොවැම්බර් මස 27 වැනිදා කැඳවා මූලික කරුණු තහවුරු කිරීම සඳහා නීතිපතිවරයාටත් පෙත්සම් පාර්ශ්වයටත් දින නියම කරනු ලැබීය.



 ඒ අනුව මූලික කරුණු තහවුරු කිරීමේදී මෙම අභියාචනා විභාගයට නොගෙනම ඉවත දැමිය යුතු බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මඟින් නීතිපතිවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් කරන ලද ඉල්ලීම විනිසුරු මඩුල්ල විසින් ප‍්‍රතික්ෂේප කළහ. ඒ අනුව මාර්තු මස 26 හා 27” මැයි මස 08” 10” 14” 18” ජුනි මස 04” 06” 13” 18” ජූලි මස 18” 20 හා 25 යන දිනවලදී අභියාචනා විභාග (දිනය පුරාම) සිදු කෙරිණි. 

මෙලෙස පුරා දින 04 ක මූලික කරුණු විමර්ශනය හා තවත් පුරා දින 14 ක් තරම් වූ දීර්ඝ පැය ගණනාවක් තුළදී සිදු වූ අභියාචනා විභාගයේදී ඉදිරිපත් වූ සැල කිරීම් තුළින් ප‍්‍රකාශ වූ කරුණු සම්භාරය අතරින් වඩාත්ම ඉස්මතුව” පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය වූ කරුණු කිහිපයකි. 
හිඹුටානේදී අහම්බෙන් හමු වූ දෙපිරිස අතර බහින්බස්වීමක් හටගත් අවස්ථාවේදී” භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා දුමින්ද ආපසු හැරී යද්දී” භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා විසින් හිසටම තැබූ වෙඩි පහරවල් දෙක මඟින් දුමින්ද සිල්වා මළ කඳක් මෙන් ඇද වැටුණු බවත් හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වූයේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදු වූ වඩාත් වැදගත් සිදුවීමක් විය. 



 දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න සිය අවසන් සාක්ෂි සම්පිණ්ඩනය” පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ” මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය පමණක් නොව පැමිණිලි පාර්ශ්වය විසින්ද ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින්ද ප‍්‍රකාශ කිරීම අනුව නිරවුල්ව තහවුරු වී ඇත්තේ බහින්බස් වීමකින් පමණක් අවසන් වීමට ගිය සාමාන්‍ය සිදුවීමක්” භාරත පාර්ශ්වය විසින් දුමින්ද සිල්වාට වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීමත් සමගම ජීවිත ගණනාවක් බිලිගත් බරපතළ ඛේදවාචකයක් බවට එය පත්වූ බවය. 



 එකී කාරණා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා” නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ වෙතට හැරෙමින් විමසා සිටියේ ‘‘එම කරුණු ඔබ ප‍්‍රතික්ෂේප කරන්නේද?.. යන්නය. 

 ඊට ප‍්‍රතිචාර දක්වමින් නීතිපති නියෝජිතයා වූ ඔහු කියා සිටියේ එසේ නොකරන බවය. 

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවත් එකඟ වූ කරුණු රැසක් ජනාධිපති නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්හ. 



 * දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව”

* දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි ප‍්‍රහාර දෙකක් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමීණි එල්ල කළ බව”

* ඉන් දුමින්ද සිල්වා මහතා පළමුව මරණීය තුවාල ලැබූ බව”

 * ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා එම ස්ථානයෙන් ඉවත් කර රෝහල් ගත කළ බව”



 * හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා කිසිදු අවස්ථාවක වෙඩි නොතැබූ බව” 



 * කිසිදු අවස්ථාවක දුමින්ද සිල්වා මහතා කිසිදු ගිනි අවියක් පරිහරණය නොකළ බව”  ඒ අතර වනවා. 



ඊට අමතරව ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී නමැත්තා වෙඩි තැබීම ආරම්භ කළ නිසා සෑම සිදුවීමක්ම සිදු වූ බවයි. එම වෙඩි තැබීමෙන් දුමින්ද සිල්වා මහතා පළමුවෙන්ම තුවාල ලබා සිහිමූර්ජා වූ නිසා ඉන් පසුව වූ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට වගකීමක් නොමැති බව ජනාධිපති නීතිඥවරුන් ප‍්‍රකාශ කළහ. 



  දුමින්ද පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි” ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න” ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ ඇතුළු නීතිඥ මණ්ඩලය” පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය කර සිටියේ මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් හැට දෙකකගේ සාක්ෂි හා සෙසු පරිවේෂණ සාක්ෂි ද ඇතුළුව ඉදිරිපත් වූ සාක්ෂි 126 අතුරින් දුමින්ද සිල්වා විසින් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රට වෙඩි තැබූ බවක් හෝ ඒ සඳහා කුමන්ත‍්‍රණය කළ බවක් හෝ සැලසුම් කළ බවක් හෝ ඔහු ඇතුළු ඔහුගේ ආරක්ෂකයන් ඒ සඳහා කුමන හෝ කි‍්‍රයාවකට සම්බන්ධ වූ බවට හෝ කරුණු අනාවරණය වී නොමැති බවය. එසේ නොතිබියදීත් විනිසුරුවරිය මෙම විත්තිකරුවන් එකී චෝදනාවන්ට වරදකරුවන් යැයි තීරණය කළේ කුමන පදනමකින් දැයි වටහා ගන්නට එම තීන්දුව ලක්ෂ වාරයක් කියැවූවද කිසිවකුටත් සොයාගත නොහැකි බව පවසා සිටියහ.



අභියාචන විභාගයේදී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව නීතිපති දෙපාර්තමේන්තුව විසින්ද පැහැදිලිව පිළිගන්නා ලදී. නමුත්” මෙම නඩුවේ මහාධිකරණ විභාගයේදී දුමින්ද සිල්වාට වෙඩි වැදීමට පෙර භාරතට වෙඩි වැදුණු බවට 27 වැනි සාක්ෂිකරු වූ සංජීව ප‍්‍රසාද් විසින් ප‍්‍රකාශ කරන ලදී. සිද්ධියෙන් දින හයකට පසුව ඔහු විසින් ලබාදෙන ලද මෙම "සාක්ෂිය” ගොතන ලද්දක් බවට දුමින්ද පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබීය. ඔහු එලෙස ගොතන ලද සාක්ෂියක් දීමට ඉදිරිපත්ව ඇත්තේ අනෙකක් නිසා නොව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පේ‍්‍රමචන්ද්‍ර පවුලත් සමගම එකට ජීවත් වෙමින් සහ කලක් රැකියාවද කොට පසුව ඔහුගේ මාර්ගයෙන් වරාය අධිකාරියේ රැකියාවක්ද ලබාගෙන දැනටද එම නිවසේ සෑම සියලූ කටයුත්තකටම උදවු පදවු කරමින් මෙම පුද්ගලයා ජීවත් වන නිසා බව ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පෙත්සම් විභාගයේදී සඳහන් කළේය.



 මහාධිකරණයේදී විත්තියේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව බොහෝ තැන්වලදී ඔහු නිහඬව සිටියේද එම විත්තිය ඉදිරිපත් කළ කරුණු කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමට ඔහුට වූ නොහැකියාව නිසා බවද විනිසුරුවරිය සිය තීන්දුව දීමේදී අවධානය යොමු කොට තිබුණි. ඔහුගේ සාක්ෂිය කිසිදු බරක් නොමැති මුළුමනින්ම නොසලකා හැරිය යුතු සාක්ෂියක් ලෙස ඇය අමතක කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය. 



 නඩුවේ 03 වැනි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන 2011.10.13 වැනි දින පිටුවහල් කරනු ලැබ තිබුණි. එවැන්නකු ගුවන් තොටුපළේදී ගුවන් තොටුපළ බලධාරීන්ට භාරදීමේදී ගුවන් යානයේ කපිතාන්වරයා විසින්ම තමාම පැමිණ අදාළ ලියැකියවිලි හා එම පුද්ගලයාගේ ගමන් බලපත‍්‍රය පවා භාරදීම සිදුවිය යුතුය. අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඒ සිද්ධිය වඩා අමුතුම මාදිලියේ අලූත් කතාවක් ප‍්‍රබන්ධ කරමින් කටුනායක 18 කණුව අසලදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවට කරුණු ගොනුකොට ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. 



 ඔවුන් එසේ කි‍්‍රයා කොට ඇත්තේ මෙම ආරෝපිත චෝදනා ඔප්පු කිරීම සඳහා අවශ්‍ය වන ආයුධ ඔහු ළඟ තිබී සොයාගත් බවට කරුණු පෙළගැස්වීම සඳහා ඊට ගැලපෙන පරිදි තිර පිටපත සකසා ගැනීම සඳහා බව ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න සඳහන් කළේය. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලබාගත් තොරතුරු මත ඔහුගේ කුලියට දී ඇති නිවසේ උඩු මහලේ වතුර ටැංකියේ එක් ගිනි අවියකුත් එම නිවසේ කුස්සියට යාර කිහිපයකට එහා ලෑල්ලක් යට තිබී තවත් ගිනි අවියක්ද සොයාගත් බවට කරුණු ඉදිරිපත් කරන ලද නමුදු අඩුම වශයෙන් එම නිවසේ කුලී නිවැසියකුවත් සාක්ෂි සඳහා කැඳවා නොතිබීමෙන්ම එයද අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ තවත් අපරාධ චෝදනා ගෙතීමක් බව පැහැදිලි වන බවද අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණයේදී සඳහන් කළේය.



ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාත්” ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතාත් දිගින් දිගටම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය හමුවේ පෙන්වා දුන්නේ නඩුව විභාග කළ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානත්වය දරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුතුමන් පවා එම තීන්දුවට එකඟ නොවී විත්තිකරුවන් සියලූ දෙනා නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප‍්‍රකාශ කර තිබීමෙන්ම මෙම නඩු තීන්දුවෙහි ඇති අයෝග්‍යභාවය මොනවට පැහැදිලි වන බවය. 



 නඩු තීන්දුව ලියා දී ඇති විනිසුරුවරිය එය සකස් කොට ඇත්තේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන්ම බව එම තීන්දුව තුළ ඇතුළත්ව ඇති දුමින්ද සිල්වා මහතා පිළිබඳව වන ප‍්‍රකාශයන් තුළින්ම පැහැදිලි වන බවත්” එය කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවද හැම විටම විනිසුරුවරයෙකු හෝ විනිසුරුවරියක තම මධ්‍යස්ථභාවය හා අපක්ෂපාතීත්වය පිළිබිඹු වන ආකාරයෙන් සිය ප‍්‍රකාශ සිදුකිරීමට කි‍්‍රයා කළ යුතු බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා මෙහිදී කියා සිටියේය. 



 තවද දුමින්ද සිල්වා ඝාතන චෝදනාවට වරදකරු කිරීමට විනිසුරුවරිය කි‍්‍රයා කොට ඇත්තේ ඔහු ගිනි අවියක් අත දරා සිටි බවට එකදු සාක්ෂියකින්වත් ප‍්‍රකාශ නොවී තිබියදී බවද” අතරමඟදී මරණකරු හා දුමින්ද සිල්වා පැමිණි වාහන දෙක මුහුණට මුහුණ හමු වූ අවස්ථාවේ වාහන දෙකම නතර කළ බවත් දෙදෙනාම වාහනවලින් බැස ඉදිරියට විත් ඔවුනොවුන් මුහුණට මුහුණට මුණ ගැසුණු බවත්” උණුසුම් වචන හුවමාරුවෙන් පසු දුමින්ද සිල්වා මහතා භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු යන්නට හැරුණු බවත්” එම අවස්ථාවේදී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදුණු බවත් පැහැදිලිවම ප‍්‍රකාශ වී ඇති බවද ඒ මොහොතේම ඔහු එම ස්ථානයෙන් ඉවතට ඔසවාගෙන ගොස් රෝහල් ගත කළ බවද සියලූ සාක්ෂිවලින් ප‍්‍රකාශ වී තිබියදීත් වෙනත් අයකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන චෝදනාවකට ඔහු වරදකරු කළ හැක්කේ කුමන පදනමක් මතද යන්න මෙහිදී පැන නඟින බරපතළ ප‍්‍රශ්නයක් බවද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කියා සිටියේය. තවත් ඉතාමත්ම වැදගත් කරුණක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දෙන ලද්දේ” නඩුවේ 12 වැනි විත්තිකරු” ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයේ අවසරය මත විත්ති කූඩුවේ සිට කරනු ලැබ ඇති ප‍්‍රකාශය විශ්වසනීයත්වයෙන් යුත් ප‍්‍රකාශයක් බවට පිළිගන්නා බව නඩු තීන්දුවේදී ද දක්වා ඇතත්” ඔහුගේ ප‍්‍රකාශයෙන් සඳහන් වූ කරුණ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරමින් තීන්දුව ප‍්‍රකාශ කොට ඇති බවය. 



 විත්ති කූඩුවේ සිට කරන ලද 12 වැනි විත්තිකරුගේ ප‍්‍රකාශය වී ඇත්තේ තමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූවකු බවත්” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම තමා විසින් සිදුකළ බවට පිළිගන්නා ලෙස තමාට බල කළ බවත් තමා නොකළ වරදක් කළ බවට ප‍්‍රකාශ කළ නොහැකි බැව් ප‍්‍රකාශ කිරීම නිසා උරණ වූ එම නිලධාරීන් තමාද විත්තිකරුවකු කොට තමාටද එරෙහිව මෙම නඩු ගොනු කරන ලද බවත්ය. 



 තවද දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි ඉදිරිපස පෙදෙසට වෙඩි වැදී තිබුණු බැව් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන්ද තහවුරු කොට තිබූ බවද එහෙත් පළමුවෙන්ම දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදීම හෝ ඔහුට එම වෙඩි තැබීමෙන් ඉතාමත්ම බරපතල මරණීය තුවාල සිදුව තිබීම යන කරුණු නඩු තීන්දුවෙන්ම පිළිගෙන ඇතත් එම කරුණු තීන්දුවට අදාළ කර නොගන්නට විනිසුරුවරිය කි‍්‍රයා කොට ඇත්තේ කෙලෙසකද යන්නද ගැටලූවක් බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. 



 නීත්‍යානුකූල නඩු තීන්දුවක අඩංගු විය යුතු ලක්ෂණයන් පිළිබඳව ප‍්‍රකාශ කර සිටි ජනාධිපති නීතිඥවරුන් දෙදෙනාම පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එකින් එක කරුණු ගෙනහැර දක්වමින් විනිසුරුවරිය විසින් ලියා නිකුත් කොට ඇති නඩු තීන්දුව නීතියට අනුකූල නොවන බැව් තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි තවත් බොහෝ කරුණු නඩු තීන්දුව තුළින්ම ගෙන හැර දැක්විය හැකි බව කියා සිටියේය. 



 එම කරුණුද මොනවා දැයි කෙටියෙන් හෝ සඳහන් කරන ලෙස විනිසුරු මඩුල්ල ඉල්ලා සිටි අතර” ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාත්” ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතාත් පහත කරුණු ගෙන හැර දැක්වූහ. 



 * දුමින්ද සිල්වා මහතා ගිනි අවියක් භාවිත කළ බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කිසිදු සාක්ෂියකින්වත් ප‍්‍රකාශ නොවී තිබීමත්.



 * එම ස්ථානයේදී වෙඩි ප‍්‍රහාරයකට ප‍්‍රථමයෙන්ම ලක් වූයේ දුමින්ද සිල්වා මහතා බව විත්තිය පමණක් නොව පැමිණිල්ලේ සාක්ෂිවලින් පවා ප‍්‍රකාශ වී තිබීමත්. 



 * සිද්ධියෙන් දින 06 කට පමණ පසුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ප‍්‍රබල ආධාරකරුවකු මෙන්ම සමීපතම හිතවතකු ද වන ඔවුන් සමගම කල් ගෙවන ‘සංජීව ප‍්‍රසාද්' නමැති 27 වැනි සාක්ෂිකරුගේ සාක්ෂියෙන් හා තවත් ඔවුන්ගේ සමීපතමයකු වන ප‍්‍රසන්න සෝලංගආරච්චි යන අයගේ බිරිය වන නිලංකා මධුෂානී නමැති අයගේ සාක්ෂියද පරස්පරතාවලින් බහුල වූ කිසි ලෙසකත් අධිකරණයකදී පිළිගත නොහැකි සාක්ෂි දෙකක් වන අතර දුමින්ද සිල්වා මහතාට එරෙහිව ඔවුන් දෙදෙනාගෙන් පමණක් ඉදිරිපත් වූ ප‍්‍රකාශ පිළිගනිමින් දුමින්ද සිල්වා වරදකරු කිරීම ඉතාමත්ම ජුගුප්සාජනක බවත්” 



 අවම වශයෙන් එකී සාක්ෂි දෙකෙන් හෝ කිසිදු අවස්ථාවක මෙම ස්ථානයේදී දුමින්ද සිල්වා මහතා ගිනි අවියක් භාවිත කළ බවක් තබා අත දරා සිටි බවක් හෝ ප‍්‍රකාශ වී නොතිබියදීත් විනිසුරුවරිය විසින් ලියන ලද මෙම තීන්දුව ඔහු වැරදිකරු කිරීම අරමුණු කර ගනිමින්ම ලියන ලද තීන්දුවක් බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය. 



 මෙම නඩු විභාගයේදී නගා ඇති චෝදනාවන්ට අදාළ නොවන විවිධ කරුණු හා දුමින්ද සිල්වා මහතාගේ චරිතයට හානිදායක වන කරුණු රැසක් සාක්ෂි මඟින් ප‍්‍රකාශ වී ඇති නමුදු සිද්ධියට අදාළව ඉදිරිපත් වූ කරුණු තුළින් ‘පරස්පරතා. සහ ‘ඌනතා. 62 ක් අධිකරණ නඩු විභාගයේදීම සලකුණු කොට තිබියදීත් ඒ කිසිවක් හෝ නොසලකා හරිමින් මෙම තීන්දුව ප‍්‍රකාශ කොට ඇති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



 මෙම විශේෂ අභියාචනා විභාගයේදී ප‍්‍රධාන වශයෙන්ම සඳහන් වූ කරුණු අතර මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කිරීම හා අපරාධ පරීක්ෂණ නිලධාරීන් කරුණු ගොනු කොට ඇති ආකාරයත්” රජයේ නීතිඥවරුන් සාක්ෂි ඉදිරිපත් කළ ආකාරයත් අනුව මෙම නඩුව හිතාමතාම සැලසුම් කොට දේශපාලන වුවමනාවන් සපුරාලීම සඳහා හිතාමතා ගොතා පෙළගස්වන ලද කරුණුවලින් සමන්විත වූ අසම්මත නඩුවක් හා නඩු තීන්දුවක් බවත් ජනාධිපති නීතිඥවරුන් යළි යළිත් අභියාචනා විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියහ. 



 දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්තී‍්‍රවරිය විසින් තම ප‍්‍රතිවාදියා වන දුමින්ද සිල්වාට එරෙහිව තම සමීපතමයකු ලවා සිද්ධියෙන් දින 06 කට පසු ඉදිරිපත් කරන ලද සාක්ෂියක් මත පදනම්ව මෙම තීන්දුව ලබාදී ඇති බව ඔවුන් යළි යළිත් කියා සිටිමින් ඉල්ලා සිටියේ” පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයාරූඪව සිටින ගරු උගත් විනිසුරුතුමන්ලා මෙම කරුණු මැනවින් කිරා බලා තෝරා බේරාගෙන මෙකී නඩු තීන්දුවෙහි දෝෂ සහිත බව තහවුරු කොට ගෙන එය ඉවත දමා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :