ads
News
Loading...

ළයාන්විතයාගෙන් රැප් කලාවට හීන් ටොක්කක්


           පහුගිය දවසක ගායක ගායිකා සංගමයෙ සභාපති කීර්ති පැස්කුවල් විශේෂ නිවෙිදනයක් කලා.අද ගොසිප්ලන්තය ඔබ වෙත ගෙන එන්නෙ ඒ කතාවයි.

උපුටාගැනීම

රැප් සංගීත කලාවේ නියුතු සියලු කලාකරැවන්ගේ දැනගැනීම පිනිසයි.
අප විශ්වාස කරන්නේ රැප් සංගීත කලාව යනු තරැණ පරපුර ඉතා ඇලුම් කරන ගීතයෙන් ඔබ්බට ගොස් තාරැන්‍යයේ විවිධ වූ සිතුවිලි සමග නිදහසේ තමන්ගේ  අදහස් ප්‍රකාශ කලහැකි ස්වාධීන කලා මාධ්‍යයක් ලෙසයි. එම කලාවට දියුනු කිරීමට  උනන්දු වන සහ එය වැඩි දියුනු කරමින් නව මානයන් සොයා යන්නට උත්සාහ දරන තරැන පිරිසක් සිංහල රැප් සංගීත ලෝකය තුලත් සිටිනා බව අප දනිමු. 

නමුත් තමන් වැඩකරැවන් ලෙස පෙනී සිටිමින් එම වටිනා රැප් කලාව විනාශ කිරීමට උත්සාහ දරන මන්ද බුද්ධික නොහොත් විකෘති මානසිකත්වයකින් කටයුතු කරන කීප දෙනෙකු නිසා සමස්ථ රැප් කලාවම අවාසනාවන්ත ලෙස අපකීර්තියට පත්වී සමස්ත සමාජයේම පිලිකුලට ලක් වී ඇති බව කනගාටුවන් යුතුව කිවයුතුය. එය අප අද සමාජයේ බොහෝ දෙනෙක් වගේම එම කේෂත්‍රයේ අයද පිලිගන්නා කරැනකි. 
තමන් කෑපීපෙනීම සඳහා එම නිර්මාන වලට අසභ්‍ය වචන යෙදීම , අසභ්‍ය වීඩියෝ පට සමාජගත කිරීම, වැදගත් පුද්ගලයින්ට සහ ආයතන වලට අපහාස උපහාස කිරීම, අපේ මේ ආදරණීය ලක් මාතාවට නිගරැ වන ලෙස අපේ රටේ සභ්‍යත්වය කෙලෙසන නිර්මාන තුලින් සිදුවන්නේ බුද්ධිමත් සමාජය රැප් සංගීතය නැමති මේ සංගීත කලාව පිලිකුලෙන් යුතුව හෙලා දැකීමයි. අප්පිරියා  කිරීමයි. 

තරැණයිනි අවදිවන්න..
රැප් සංගීතය තුල සුබවාදී අනාගතයක් ගැන සිතන රැප් සංගීත කරැවනි, ඔබෙ සිහිනය වෙනුවෙන් රැප් නැමති සංගීත කලාවක් ඔබට ඉතුරැ විය යුතුනම් මෙවැනි අවර ගනයේ බාල අසභ්‍ය රැප් ගීන වලට එරෙහිව නැගී සිරින්න. මෙවැනි විසබීජ සංමාජය තුල වපුරන එවැනි පිලිල සමාජයෙන් ඉවත් කරන්නට පියවර ගන්න. එවැනි නිර්මාන කරැවන් කොන් කරන්න. එවැනි නිර්මාන නිසා බාල පරපුරට වන හානිය ඒ අයට පැහැදිලි කර දෙන්න. තරැන පරපුර විනාශ කරන මත්කුඩු ව්‍යසනය හා සමානම මේ විනාශය රැප් කලාවෙන් ඉවත් කර ඔබේ සැබෑ හැකියාවන් දක්ෂතාවයන් බුද්ධිමත් පොදු ජනතාවගේ අගයීමට ලක්වන කලාවක් බවට ඔබේ රැප් සංගීතය පත්කරගන්න.
එසේ සිදු නොවුවහොත් රැසියාවේ ජනාධිපති පුටින් මහතා රැප් කලාව තහනම් කලා සේ ශ්‍රී ලංකාවෙන්ද රැප් සංගීතය තහනම් වීමට ඉඩ ඇති බවද සිතට ගන්න. ඊට හේතුව සංගීත කලාව වෙනුවෙන් පසුගිය අවුරැදු 70 කට වඩා කාලයක් තිස්සේ දැඩි වෙහෙසක් දරමින් යහපත් නිර්මාන කරමින් මෙම සංගීත කේෂත්‍රය  පෝෂනය කලාවූ සමස්ථ කලා ලෝකයම මේ රැප් සංගීතයට එරෙහිව පෙලගැස්වීමට සිදුවන බැවිනි. 
එබැවින් තරැන රැප් සංගීත නිර්මාන කරැවනි. නිදහසේ ඔබේ හොඳ නිර්මාන කරගෙන යන්න. එහෙත් එය විනාශ කිරීමට සීමා වැට කඩුලු බිඳගෙන යන්නට උත්සාහ ගන්නා මෙම විසබීජ ඔබ සමාජයෙන් ඉවත් කරගන්න. රැප් නැමති සංගීතයට සමාජයේ වැදගත් නිර්මානාත්මක වටිනාකමක් අරන් දෙන්න..එවිට අපද ඔබලාට අපේ උපරිම සහයොගය ලබා දෙන්නමු. 
හෙට දවසේ උසස් රැප් සංගීත කලාවක් අප රටේ බිහිවේවා... 

කීර්ති පැස්කුවල්
සභාපති
ශ්‍රී ලංක්ය ගායක ගායිකා සංගමය.
31-12-2018
pls share this...
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :