ads
News
Loading...

කොරෝනා අස්සෙම මුදල් ගසා කෑ කාන්තාවක්


  උපුටනය : නදීෂා චන්දාසේන මුහුණු  පොත

  කොරෝනා වෛරසය හරහා මුදල් උපයා ගන්නා ආකාරය, සරළව. සිංහලෙන්. 

චීනයේ Henan වල Zhengzhou විශ්ව විශ්ව විද්‍යාලයේ බොරු ප්‍රචාරයක් යනවා ඊයේ රෑ 12 ට කලින් පළාතේ ගුවන්තොටුපළ වහනවා කියල. ඒකෙ ඉන්න ලංකාවේ ළමයි හරහා ඔවුන්ව ඒ රටට යවපු ඒජන්ට් නැත්තම් තැරැව්කාර කාන්තාව ඒ බව දැනගන්නවා.  ඊට පස්සේ ඒ බොරු ප්‍රචාරය උපයෝගී කරගෙන ළමයින්ගේ දෙමාපියන් ව දුරකතන ඔස්සේ අමතා ඈ කියනවා වහාම ළමයින්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු බව. දෙමාපියෝ කලබල වෙනව. සමහරු ළඟ ඒ හදිසියේ වැය කරන්න මුදල් නැහැ.
තැරැව්කාර කාන්තාව මෙවිට මැදිහත් වෙලා කියනවා ඇගේ වියදමින් දරුවන්ව ගෙන්වා ගන්න ගුවන් ටිකට් පත් බුක් කරන්නම්, පහුවදා උදේ එකොළහ වෙද්දී සල්ලි ගෙවන්න කියල. ඈ ටිකට් බුක් කරනවා, වැය වුනු මිලගණන් කියන්නේ නැහැ. ඒ අතර ළමයිනුත් අන්තර්ජාලය හරහා මිළ ගණන් විමසනවා. සියල්ලන්ට විශ්මය දනවමින් තැරැව්කාර කාන්තාව පහුවදා පණිවිඩයක් දෙනවා තමන්ගේ ගිණුමට ගුවන් ටිකට් පත් මිලදී ගන්න වැයවුණු මුදල බැර කරන්නය කියා. චීනයේ Zhengzhou ->Kunming -> හරහා ලංකාවට One way flight ticket එකකට රුපියල් එක්ලක්ෂ අසූ හයදාහක මුදලක් ඈ ඉල්ලනවා. ටිකට් පතේ එවක මිළ (2020 ජනවාරි 26 රෑ 10 ට) රුපියල් 220,000 ක් උනාය තමන් *හේමාස් ට්‍රැවල්ස් හරහා රුපියල් 186,000 කට මිළ අඩුකර ලබා ගත්තාය කියනවා.ගුවන් සේවය, චයිනා ඊස්ටර්න්.
තමන්ගේ ගුවන් ගමන් ගැන විමසිලිමත් ළමයි ටික කියන්නේ මේ සිද්ධිය අවස්ථාවේ තමන් අන්තර්ජාලය හරහා ටිකට් පතේ මිළ බැලුවාම ඒක රුපියල් 127,000 ක් තමා පෙන්නුවේ කියල.

ඒ 186,000 ඇදලා දිනය වෙද්දී ගෙවා ගන්න බැරිය කියන  දරුවෙකු ට මේ තැරැව්කාර කාන්තාව කියපු දේ තමයි මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නේ. ඈ කියනවා අදාළ ටිකට් එකට වැයවූ මුදල් ඈට හෙට දුන්නේ නැත්තම් ටිකට් එක "කස්ටඩි එකට ගනී" ලු.ඔයාලට යන්න බැරි වෙයි ලු.
මම, ඒ කියන්නේ නදීෂා චන්ද්‍රසේන
1) අද දවසේ අදාළ  *හේමාස් ට්‍රැවල් ඒජන්ට් ට කතා කරලා ඇහුවා හෙටට චීනයේ Henan වල Zhengzhou ඉඳන් ටිකට්පතක් වෙන්කරන්න ඕනෑය, ඒකෙ මිළ කියාද කියල. වහා කලබල වෙලා ටිකක් වෙලාව අරන් ආයේ කෝල් බැක් කරපු ඈ ඒ ටිකට් එක මට රුපියල් 110 දාස් ගානකට දෙන්නම් කිව්වා. ඊට පසුව කිව්වා ඊයේ නම් 186 ට ගියේ කියල. වන් වේ ! අනේ ඉතින් මම ඊයේ ගැන ඇහුවෙත් නෑ.
2) මම කතා කළා ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරි මිතුරෙකුට. අදාළ ගුවන් ටිකට් පත් අංක දීලා ඇහුවා ඊයේ දවසේ මෙහි උපරිම අගය කියන්නය කියා. උපරිමව දැම්මත් 140 පන්නන්නේ නැති බව දැනගන්න ලැබුණා.
3) මම කතා කළා ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ඒජන්සියක් කරන මගේ මිතුරන් දෙදෙනෙකුට. 186,000 කියන්නේ වෙන්න බැරි අගයක් බව කීවා.

ඔබ දන්නවාද, ලෝකයම කොරෝනා වලින් සලිත වී සිටියදී එක හිසකට රුපියල් 50,000 කට වඩා අගයක් ලැබ උපයන මෙවැනි ව්‍යාපාර ගැන. ඔබ මේ උගුලට හසුවීද? මේ කියන්නේ ඔබේ දරුවා ගැනද? අදාළ කාන්තාවට මුදල් යැවූ කුවිතාන්සි, ඈ මුදල් ඉල්ලූ මැසේජ ඔබ ළඟ තියෙනවා නේද? කරුණාකර නීතිමය ක්‍රියාමාර්ග ගන්න.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :