ads
News
Loading...

චීනය හින්දා ලෝකෙම මරු කටට

 ජෝසප් ඩයස් (Joseph  Dias )
 අඟහරුවාදා උදැසන   වන විට  කොරෝනා  වෛරසය සම්බන්ධව  චීනයෙන්  හා ජාත්‍යන්තරයෙන් ලැබී තිබු වාර්තා 
කොරෝනා  වෛරසය ආසාධිත රෝගියෙකු වාර්තා වූ 12 වන රට ලෙස ජාත්‍යන්තරයේ  ශ්‍රී ලංකාව සටහන් වී ඇත ..
එසේම 13 වන රට ලෙස කම්බෝජියව වාර්තා වූ අතරම යුරෝපයේ දෙවන රට ලෙසත් ජාත්‍යන්තරයේ 14 රට බවට පත් වීමටත් ජර්මනියට සිදු වී ඇත ..එසේම කොරෝනා  වෛරසය නිසා චීනයේ අගනුවරින් ප්‍රථම මරණය ඊයේ දින වාර්තා වූ අතර චීනයේ මරණ වැඩිම මරණ වන  76 ක් වාර්තා වී ඇත්තේ මෙහි ආරම්භය මත්ස්‍ය අලෙවි සැලක් හරහා වන සතුන් අලෙවියෙන් වාර්තා වූ  චීනයේ  හුබෙයි  පළාතෙනි ..එම පළාතේ  එහි ප්‍රධාන නගරයක් වන  වුහන්   නගරයේ තත්වය වඩාත් සංකීරණ වී ඇත ...
 චීනයේ  හුබෙයි පළාතේ හා   වුහන්   නගරයේ සෞඛ්‍ය කටුයුතු පුළුල් කිරීම සදහා චීන ගුවන් හමුදාවත් තම වෙද්‍ය බලකායෙන් වෙද්‍යවරුන් 140 සේවය සදහා පිටත් කර ඇත.....
  කොරෝනා  වෛරසය නිසා චීනයේ  ඊයේ මරණ 80ක් ලෙස වාර්තා වුවත් අද වන විට එය 106  දක්වා වැඩි වී ඇත.. එසේම රෝගීන් 2700 සිට 4 174 දක්වා වැඩි වී ඇත ... ඊයේ දින  චීනය තුල වාර්තා වූ මරණ 26 න 24 ක් වාර්තා වී ඇත්තේ , මෙහි කේන්ද්‍රය වන  චීනයේ  හුබෙයි පළාතේ  (  වුහන්   නගරයේ පිහිටි පළාත ) වන අතර  හුබෙයි පළාතේන් පමණක් නව රෝගීන් 1291 වාර්තා වී ඇති බවට හෙළි වේ..දැනට මුළු රෝගීන් චීනය තුල 4 174 ඉක්මවා ඇති බවට නව වාර්තා හෙළි කරයි..
මේ වනවිට  චීනයේ  හුබෙයි පළාතේ    වුහන්   නගරයේ මෙන්ම තවත් නගර 16 හුදකලා හෙවත් නිරෝධායනය ( quarantine) පස් වන දින වන අතර එය අවම වශයෙන් දින 10 ක් 14 වත් සිදුවෙනු ඇතැයි වාර්තා පල වේ....එම නගරවාසීන් මෙම සිදුවීමෙන් අධෛර්යයට පත් නොවී ඇති අතර ඔවුන් මෙම තත්වයෙන් කෙසේ හෝ මිදීම වෙනුවෙන් අපහසුවෙන් වුවත් දැඩි අදිටනින් මුහුණ දෙමින් ඇත...
ශ්‍රී ලංකාව තුල තවත් බොරුවක් ඊයේ දින ස්ථානගත වෙමින් තිබු අතර එයින් පැවසුනේ  කොරෝනා  වෛරසය තුලදී භාවිත කරන මුඛ ආවරණ හා ශල්‍ය ඇදුම් චීනයෙන් ආනයන කිරීමට සිදුවෙන නිසා ඒවා භාවිත කිරීම සුදුසු නොවෙන බවයි....එය අමුලික අසතයකි මන්ද චීනයට  මුඛ ආවරණ හා ශල්‍ය ඇදුම් දැඩි හිගයක් පවතින නිසා  ඔවුන් ජාත්‍යන්තරයෙන් හා රාජ්‍ය නොවෙන සංවිධාන වලින් තමන්ට  මුඛ ආවරණ හා ශල්‍ය ඇදුම් උපකරණ කඩිනමින් ලබා දෙන ලෙස නොකඩවා  ඉල්ලීම් සිදු කරන හෙයිනි...ඊයේ දින කර්මාන්ත උප ඇමති වරයා පැවසුවේ දිනකට චීනයට ශල්‍ය ඇදුම් උපකරණ 100 000 අවශ්‍ය වී ඇති බවත් , මේ දිනවල දිව රාත්‍රී නොබලා ඔවුන්ගේ ඇගලුම් ආයතන කටුයුතු කලත් නිෂ්පදනය තවමත් දිනකට  30 000 සිමාවේ පවතින බවයි..
එසේම මේ දිනවල ශ්‍රී ලංකාව තුලත් ජාත්‍යන්තරය තුලත් තවත් බොරු දෙකක් සමජ මාධ්‍ය තුල විටින් විට පැතිරේ එනම් මෙය  රසායනික පරික්ෂණයක් වැරදීමකින් බිහි වී ඇති   වෛරසයක් බවයි....එය බොරුවක් වන අතර එවන් බොරු මත පිලි නොගන්න ..මන්ද මෙය වන සතුන් ආහාරයට ගැනීමෙන් මිනිසාට ව්‍යාප්ත වී දැන් මිනිසාගෙන් මිනිසාට පැතිර යාමේ දෙවන මට්ටමට   කොරෝනා  වෛරසය පත් වී ඇත...එය 2003 සාර්ස් හා 2014/16 ඉබෝලා සමයේත් විය ...
අනිත් අමුලික බොරුව නම්   කොරෝනා  වෛරසයට බෙහෙත් සොයා ගෙන ඇති බවයි..කොතරම් කිවත් එයද විටින් විට පැතිරේ...    වෛරස සදහා 
 කිසිම රටකින් බෙහෙත් සොයා ගෙන නොමැති අතර මේ වනතෙක්   කොරෝනා  වෛරසයට බෙහෙත් සොයා ගෙන නොමැත..එසේම  මේ ඉදිරි වසරක් හෝ දෙකෙක් හෝ ඊටත් වැඩි කාලයක් දක්වා   කොරෝනා  වෛරසයට බෙහෙත් සොයා ගැනීමක් පේන මානයක වත් නොමැත...
එහෙත්   කොරෝනා  වෛරසය පරාජය කිරීම රෝගියා තුලින් සිදුවන ප්‍රතිශක්තිකරණය  තුලින් ඉබෙම් සිදුවන අතර රෝගියා මුදා ගන්නා  වීරයා ඔහුම වේ ..
ශ්‍රී ලංකාව තුල  කොරෝනා  වෛරසය ආසාධිත පුදගලයෙකු සොයා ගැනීම මට පුදුමයක් නොවූ අතර එය කවදා වාර්තා වේද යන්න මගේ මනසේ වද දෙන්නට වූ අතර මා මෙම පිටුවේ ලිවීමට හැර  කීප වරක්ම බලධාරීන්ට අපගේ රටේ මෙම තත්වය පැතිරීම අවම කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග ප්‍රමණවත් නොවූ බව පෙන්වා දුන්නත් එය ඉටු කර ගැනීමට නොහැකි විය...කණගාටුවට කරුණ නම් රජය දින ගණනක් ගත වී කොරෝනා  වෛරසය මර්ධනයට කමිටුවක් පත් කල දිනම රෝගියෙකු සොයා ගන්නා ලදී..දැන්වත් ප්‍රයෝගික තලයේ විසදුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි ..එසේ නොවුවහොත්  පෙබරවාරි මස මුල වනවිට රෝගීන් තව බිහිවනු ඇත...කොරෝනා  වෛරසයේ භයානකත්වය නම් මෙම  වෛරසය රෝගීන් තුල වර්ධනය වීමට දිනක් හා දින 14 ගත වන අතර එම වර්ධන කල සිමාවේ එනම් රෝගී බවට පත් වීමට ප්‍රථමම රෝගය වෙනත් අයට එනම් වර්ධක කාල සිමවෙත් පැතිරීමයි....මෙම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීම වැඩි වී ඇත..
මේ වනවිට චීනයෙන් පිටත ජාත්‍යන්තරය තුල රෝගීන් 49 දෙනෙකු  වාර්තා වී ඇත 
තායිලන්තයෙන් 8 ක් 
ඇමරිකාවෙන් හා ඕස්ට්‍රේලියාවෙන් සිංගපුරුව  රෝගීන්  5 දෙනෙකු  බැගින් 
 ,තායිවානය , මැලේසියාව , දකුණු කොරියාව    රෝගීන්  4 දෙනෙකු  බැගින්
ප්‍රංශය හා ජපානය  රෝගීන්  3 දෙනෙකු  බැගින්
වියට්නාමය හා කැනඩාව රෝගීන්  2 දෙනෙකු  බැගින්
නේපාලය හා ශ්‍රී ලංකාව , කාම්බෝජය හා ජර්මනිය  රෝගීයෙකු බැගින් ලෙස සොයා ගෙන ඇත .
චීනය තුල  දින 10ක්  හා  දින 15  ක් තුල ඉදිකිරිම අවසන් කල යුතු යයි  පවසමින් කඩිනමින්  ඉදි කිරීම ඇරඹු රෝහල් දෙකෙන් පළමු රෝහල පෙබරවාරි 02 දින ආරම්භ කිරීමට අවශ්‍ය බවත් ඒ සදහා කැප වෙන ලෙසත් එම රෝහලට පෙබරවාරි 02 දින සියලු වෙද්‍ය උපකරණ ලබා දී ජනතාව වෙනුවෙන් විවෘතකිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දින එම ඉදිකරීම් තත්වය බැලීමට පැමිණි චීන අගමැති වරයා දැනුම් දී ඇත...

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :