ads
News
Loading...

පිළියන්දලටත් කෝවිඩ් 19 බියක් ?



ඊයේ හොරණ ප්‍රදේශයේ කෝවිඩ් 19 බියක් පැතිර ගිය ආකාරය අප පෙන්වා දුන්නා. කෙසේ වෙතත් නාවික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිලියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

එම විදුහලේ නවාතැන් ගත් නාවික සෙබළුන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙන්ම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සංගයමය පවසනවා.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේයි.

බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප‍්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින අතර, ඒ අනුව බප/පිළි/කොතලාවල පුර විදුහලේ නාවික හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටිති. එසේ සිටිය දී විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා ඇත. මේ වන විට එම පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් – 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති අතර, ඉන් පසු 21 දින පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇත.

ආරක්ෂක අංශවල නවාතැන් සඳහා පාසල් යොදාගැනීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු දැක්වූව ද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු නොකළ අතර, අධ්‍යාපන නිලධාරීන් විසින් විවධාකාර හේතු දක්වමින් දිගින් දිගටම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට ද කටයුතු කරන ලදී. එම තත්වය මත මේ වන විට බප/පිළි/කොතලාවලපුර විදුහලට පසුගිය 21 වෙනිදා ගෙන්වූ ගුරුවරු කෝරෝනා ආසාධිතයන්වීමේ අවදානමකට ලක්ව ඇත.

ගුරුවරු පාසල්වලට ගෙන්වා වැටුප් ලේඛන අත්සන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී නොමැති අතර, මේ ආකාරයෙන් කොතලාවලපුර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට ගෙන්වා ඔවුන් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, බස්නාහිර පළාතේ පාසල්වලට විවිධ හේතු දක්වමින් ගුරුවරු ගෙන්වීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පාසල්වල නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙමු.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :