ads
News
Loading...

පැජන්ට් දිනපු රූමතියක් සමාජ සේවයට



ක්ෂේත්‍රයේ  කවුරුත්  මාත් එක්ක හොදින් ඉන්නේ
                                             
තිළිණි ද සිල්වා පදනම පටන්ගත්තා 

පැජන්ට් එකකින් ජාත්‍යන්තරයට යනව කියන්නෙ ඇයට ලැබෙන්නෙ ලොකු අගයක්.ඒ තුලින් සමාජයට ලොකු සේවයක් කරන්න පුළුවන්.අපි අද ගොසිප්ලන්තය කතාබහට එකතුකරගත්තෙ ඒ වගේ ගමනක් යන තිලිණ ද සිල්වා.

🔻තිලිණිව අපි හදුනගන්න ක්ෂේත්‍රයේ හැමෝම එක්ක හොදින් වැඩ කටයුතු කරනකෙනෙක් විදියට

මං ලංකාවේ සහ ලංකාවේ පිට කිරුලු ලබාගත්තා.
Mrs Tourism International Sri Lanka 2019 🇱🇰
Mrs Tourism Ambassador 2019 Philippines 🇵🇭
Mrs Universe Sri Lanka 2019 🇱🇰
Mrs Universe Famous 2019 China 🇨🇳
Mini Titles from Sri Lanka Mrs Best Catwalk
Mrs Beautiful Legs
ඉතිං මං මේ titles භාවිතා කරලා රටට වැඩදායී දෙයක් කරන්න තීරණය කලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ තිළිණි ද සිල්වා පදනම.

🔻ගොඩක් කිරුළ හම්බවුනු අයට එකපාරම සමාජ සේවය කියන දේ මතක් වෙන්නෙ ඒ කාලෙට විතරයි.නමුත් තිළිණි එහෙම නෑ

මං අනිත් අය ගැන නම් දන්නේ නෑ. ඒත් මං කරන දේ හරියට කරන කෙනෙක් මම. මං අසරණ ජනතාවට උදව් කරන්න මට තේරෙන වයසේ ඉදලම කැමති



🔻ජාත්‍යන්තර ගිය කෙනෙකුට මෙි සමාජ සේවය තවත් පුළුල් කරන්න පුළුවන් නේද

අනිවාර්යයෙන්ම. ඉදිරියේදී විදේශ ආදාර ඇතුව කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට මට හැකි අයුරින් කටයුතු කරගෙන යනවා

🔻තිලිණි හිතන විදියට පුළුල් ව මෙි පදනම ව්‍යාප්ත කරනවද ඉදිරියට

ඔව් ඉදිරියේදී මෙය ව්‍යාප්ත කරනවා. ලංකාවේ සහා ලංකාවෙන් පිට මෙවැනි ක්‍රියාවලට දායක වන අයගේ උදව් ඇතිව මෙය රට පුරා ව්‍යාප්ත කරනවා.

🔻පැජන්ට් දිනපු සමහර අය නැවත පැජන්ට් කරන්න යත්දි මෙිකෙන් ඔබට වාසි නොලැබීම ගැනත් ඔබට ඇති අදහසක්


මේක මං කරන්නේ මගේ හදවතින්ම මගේ මානසික සුවය පතා. අපි මේ ලෝකේට එන්නේ මං හිතන විදිහට මොනයම් හෝ කාර්යයක් කරන්න නියම වෙලා. මං අදහන බෞද්ධ  ආගමේ හැටියට මං විශ්වාස කරනවා මේක මට කිරීමට නියමිත දෙයක්.


🔻ගොඩක් අය ජනප්‍රිය වෙන්න වෙන්න මානුෂික ගුණ අමතක කරල නිර්මාණ මාකට් කරන්න විතරක් බලනව තිළිණි කලාව ගැන මොකද හිතන්නෙ?

කලාව කියන්නේ උතුම් දෙයක්. අපි ඕනෙම දෙයක් දිහා හොදින් බැලුවොත් මේ සෑම දෙයක්ම කලාවක් තමයි. කලාවේ වින්දනය තීරණය වන්නේ අපි බලන කෝණය අනුවයි



🔻ඔබ ජැජන්ට් කලාවට යත්දි අහක බලපු අය අද ඉන්න තැන ගැන හිතල විවිධ උත්සව වලට කතාකරල තියෙනවද

   ක්ෂේත්‍රයේ  කවුරුත්  මාත් එක්ක හොදින් ඉන්නේ. එහෙම අහක බලපු කෙනෙක් නෑ. මොකද මං හැමෝත් එක්කම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්. මට මේ තැනට එන්න ගොඩක් අය උදව් වුණා


🔻උදව් කරපු අය ගැනත් මතක් කරමු නේද

මගේ පවුලේ උදවිය, මගේ national director Mr. මලිත් රණසිංහ. තව ක්ශේස්ත්‍රයේ ගොඩක් අය උදව් කලා. ඒවා නම් වශයෙන් මෙතන මෙහෙම කියන්න අපහසුයි. ඒ සියලු දෙනාටම ස්තූති කරනවා



තිලිණිද සිල්වා පදනමෙහි අරමුණ




Email - thilinidesilvafoundation@gmail.cm
Face book page - Thilini De Silva Foundation | Thilini De Silva හරහා සම්බන්ධ වෙන්න පුළුවන්


ඇන්ජලාට පිහිටක් වෙන්න මෙතැනින් කියවන්න




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :