ads
News
Loading...

අහිංසකයන්ගේ යුෂ බීපු ඉතිහාසගත යක්ෂයෝ



කම්කරුවන් තවමත් සිටින තත්වය ගැන උපුල් සන්නස්ගල මහතා තම මතය පසුගිය දා ඉදිරිපත්කලා.

උපුටාගැනීම

තොණ්ඩලා කියන්නේ වතුකරේ අහිංසකයින්ගෙ රීරි මාංශ උරා බීපු ඉතිහාසගත යක්ෂයෝ .නායකයො නෙවෙයි මිනිස් ශ්‍රමය ලන්සු තියපු පරයෝ.තාමත් රොටී පෙත්‍තක් කාල අඩක් කුසගින්නෙ නිදන මේ වතුකරේ මිනිස් සමූහය ,ජීවිතය දේශපාලනික ව තේරුම් ගත් දිනෙක තොණ්ඩලාටත් ඡන්දය වෙනුවෙන් තොණ්ඩලගෙ ජුණ්ඩෙ එල්ලී වැන්ද වුන්ටත් ශාප කරනු නියත ය.තොණ්ඩලාගෙ මෘතදේහ පවා ඒ නො මිනිස් දේශපාලන ගනුදෙනුවට පක්ෂ ය.

මුළු කදුකරය ම නිරෝධායන කරන්න වුණොත් වගකීම කාගෙ ද?

මුළු රට පුරා බහුතරයක් සාමාන්‍ය මිනිස්සු කොරෝනා තුරන් කිරීමට කොපමණක් අසීමිත කැපවීම් කළා ද දෙමාසයක් පුරාවට. කෝ ඒකට ගුණගරුක ප්‍රතිචාර ?කුසගින්න,දරු දුක සහ තවත් නොවක් වේදනාවන් කොච්චර ඉසිලුවා ද රටේ යුක්තිගරුක මිනිස්සු .කොරොනා කාලේ රටක් වටින කලාකරුවන් කී දෙනෙක් මියගියා ද ?පස් දෙනෙක් පමණක් ගිහින් එ අවමංගල්‍යය කළා ඔබට මතකද ?මත් පැන් පොදක් බී වැටුණු අසරණයින් බයිට් කළ මීඩියා සගයිනි.සෝශල් ඩිස්ටන්ස් ගැන තෙපර බෑ බලධාටරීන් ප්‍රශ්න නො කරන්නෙ තොපේ කටේ පිට්ටු ද ?නැත්නම් තොණ්ඩලගේ මුට්ට කාසි තොපේ බඩේ ද ? මිත්‍රවරුනි ; මට නම් හුදෙකලාව මියගිය කළු දිවියාගේ ලස්සන ජීවිතය තරම් වත් මේ තොණ්ඩලා වටින්නෙ නැත !
රවූෆ් හකීම් නිරෝධායන නීති රීති කඩන්නට උත්සාහ කළ විට උගේ මහ එකා මළත් පුච්චපිය කියූ මට තොණ්ඩාගෙ ජීවිතය හෝ දේශපාලනය මහාර්ඝ නැත.

තොණ්ඩලා හොණ්ඩරයක් මළත් පැය 24 න් පුච්චපිය!
ඒකයි නීතිය .
බලධර සියල්ලනි;
කෝ ඒක කියන්න උඹලගෙ කොන්ද !
Upul Sannasgala


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :