ads
News
Loading...

මාදුලුවාවේ සෝභිත නායක හිමිපානන්ගේ 78 වන ජන්ම දිනය


පුජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක හිමිපානන්ගේ 78 වන ජන්ම දිනය පසුගිය 29 දිනට යෙදි තිබිනි.උන්වහන්සේ මෙරට දේශපාලන භුමිකාව තුල නිවැරැදි දෑ වෙනුවෙන් පෙනි සිටිමින් රට වෙනුවෙන් කල යුතු දැ කෙලින් කතා කල සංඝපිතෘවරයකු ලෙස මම දකිමි.
මගේ මතකයේ හැටියට 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදි උන්වහන්සේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරිම හා දුෂනයට එරෙහිව එවකට පැවැති එජාප පාලනය පෙරලා දැමිමට චන්දිකා කුමාරතුංග මහත්මියට සහය පල කලද කෙටි කලක් තුලම චන්දිකා පාලනයට එරෙහිවුයේ උන්වහන්සේ බලාපොරොත්තු වු වෙනස ඒ තුල සිදු නොවු නිසාය.2005 දි මහින්ද රාජපක්ෂ මහතාට සහයවුයේද එම අපේක්ෂාවෙන් වුවද එම බලාපොරොත්තු ද කඩ විය.එම නිසා මහින්ද පාලනයේ දුෂන හා වංචාවලට විරුද්ධව හඩ නැගුවේය.
දේශපාලන පක්ෂයකට වෙන් නොවු චරිතයක් ලෙස උන්වහන්සේ සමාජ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනිසිටිමින් මහින්ද ආන්ඩුවට එරෙහිව ජනමතයක් ඇතිකිරිම සදහා "සාධාරණ සමාජයක් උදෙසා " සිවිල් ව්‍යාපාරයක් බිහි කලේය ඒ තුල ගැබ්වු ප්‍රධානම අපේක්ෂාව වුයේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරිමය.එම ව්‍යාපාරයට නායකත්වය දුන් උන්වහන්සේ වරක් ජනාධ්පති පොදු අපේක්ෂකයා ලෙසද නම් විය.
කෙසේ උවද මහින්ද රාජපක්ෂ ජනාධ්පතිවරයාට එරෙහිව ජනමතය ගොඩ නැගිමට මුල්වු උන්වහන්සේ සියලු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එකරාශි කරමින් දැවැන්ත හඩක් බවට සාධාරණ සමජය උදෙසා ව්‍යාපාරය පත්කලේය.උන්වහන්සේගේ එක්ම අපේක්ෂාව වුයේ විධායක ජනාධ්පති දුරය අහෝසි කොට පාර්ලිමේන්තු පාලනය ශක්තිමත් කිරිමත් සාධාරණ හා දුෂනය හා වංචාව තුරන කරන දේශපාලන වැඩපිලිවලක් ගොඩ නැගිමත්ය.
ඒ වෙනුවෙන් ගොඩනගන දේශපාලන වැඩපිලිවලට එක්සත් ජාතික පක්ෂය ද එක්විය එම සාකච්චා හා විවිධ කථිකාවන් වලට මාද සම්බන්ධ විය.
2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂක තිරණය කිරිමේදි නම් ගනනාවක් යෝජනා විය .පුජ්‍ය මාදුලාවේ සොභිත හිමියන්, හිටපු අග විනිසුරු ශිරාණි බංඩාරණායක ,හිටපු කතානායක කරු ජයසුරිය ගේ නම් මේ අතර ප්‍රධාන විය.මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධ්පති අපේක්ෂකත්වය වෙනුවෙන් බෝහෝ ව්‍යාපාර කරමින් සිටියේය .
ජනාධිපතිවරනයේ නාමයෝජනා කැදවිමට ආසන්න දිනයක රනිල් වික්‍රමසිංහ මහතා මා කැදවා සෝභිත හිමියන් හමුවි පොදු අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන ලෙස දැන්විය .මෙම කරුණ සාකච්චා කිරිමට මා මලික් සමරවික්‍රම මහතා සමග සොභිත හිමියන් කෝට්ටේ විහාරස්ථානයේදි හමුවි මේ පිලිබදව සාකච්චා කලේය.එහෙත් උන්වහන්සේ සිටි දැඩි ස්ථාවරය වුයේ රනිල් හැර ඔනෑම කෙනෙක් පොදු අපේක්ෂක විය හැකි බවය .මගේ මතයවුයේ එජාපයෙන් පොදු අපේක්ෂක දැමිය යුතු බව විය.එසේ නොමැති නම් අප මෙම සාකච්චාවෙන් ඉවත්වන බව මා උන්වහන්සේට දැන්විය.එහිදි උන්වහන්සේ නම්‍යශිලි වි එජාපය නොමැතිව මහින්ද පැරදිය නොහැකිබව පිලිගෙන එසේ නම් කරු ජයසුරිය පොදු අපේක්ෂක කරමු යැයි යෝජනා කලේය .එම මොහොතේ මම ඒ පිලිබදව පක්ෂයේ අදහස දැන්විමට කාලය ඉල්ලා සාකච්චාව අවසන් කොට මලික් හා මම ආපසු පැමිනියෙමු
පසු දින සෝභිත හිමියන්ගේ මෙම පනිවිඩය මම රනිල් වික්‍රමසිංහ මහතා හමුවි පැහැදිලි කෙලෙමි.එයට තදින්ම උරණ වු රනිල් මටද බැන වැදුනේය .තමා හැර එජාපයේ වෙනත් කිසිවෙකු ජනාධිපති අපේක්ෂක විමට තමන් ඉඩ නොදෙන බව කී රනිල් එතැන් පටන් වෙනත් විකල්පයක් වෙනුවෙන් අවධානය යොමු කලේය.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිසක් ආන්ඩුවෙන් ඉවත්ව මේ වැඩපිලිවෙලට එක්වන බව චන්දිකා කුමාරතුංග මහත්මිය අපවෙත දැන්විය.චන්දිකා ගේ ඉල්ලිම වුයේ මෛත්‍රීපාල අගමැති අපේක්ෂක ලෙස නම් කිරිම ගැන එකග වෙන ලෙසය.
එසේ තිබියදි රනිල්, චන්ද්‍රිකා හා මලික් හොංකොන් බලා ගියේ මිතුරෙකුගේ විවාහ මංගල්‍යකට එක්විමට බව පවසමිනි.එසේ ගොස් පැමිනිමෙන් පසු ජනාධ්පති අපේක්ෂකයා මෛත්‍රීපාල විය .එය එජාපයේ අවශ්තාව අහිමි කරමින් පෞද්ගලිකව ගත් තිරනයක් බව හැගිමයි.
කෙසේ උවද සොභිත හිමියද මෙම තිරනයට එකගව උපරිම කැපවිම කොට මෛත්‍රීපාල ජනාධිපති ලෙස පත්කර ගැනිමට සහාය විය.ටික දිනකින්ම මෛත්‍රීපාලගේ හා රනිල්ගේ ගේ ක්‍රියාකලාපය පිලිබදව කනසල්ලට පත්වු උන්වහන්සේ අසනිප විය.වරක් උන්වන්සේ ප්‍රසිද්ද ප්‍රකාශයක් කරමින් කියා හිටියේ "තැටිය රත්වි ඇති මොහොතේ රොටිය කරවෙන්නට නොදි පුලුස්සාගත යුතු " බවය.එයින් අදහස් කලේ ජනවරම ලැබි ඇති හෙයින් විධායක ජනාධ්පති ක්‍රමය අහෝසි කොට පොරොන්දුව ඉටු කරන ලෙසය එහෙත් මෛත්‍රීපාල හෝ පාලකයන් උන්වහන්සේගේ එම ඉල්ලිම කනට නෑසුනා සේ සිටියේය මේ නිසා උන්වහන්සේ මහත්වු කල කිරිමෙන් සිටි බව නම් මම හොදාකාරවම දනිමි
අවසන් වතාවට මාදුලාවේ සෝභිත හිමියන් සමග මා කතාබහ කලේ උන්වහන්සේ අසනිපව ප්‍රතිකාර ලබා ගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේදිය එහිදි මට කි දෑ මට තවමත් මතයය" මහත්තයෝ අපිට වැරදුනා" යනුවෙනි
මාදුලාවේ සෝභිත හිමියන් රටට ආදරය කල දුෂණයට හා අවනිතියට එරෙහිව සටන් කල අභිත සංඝපිතෘවරයකුය.
උන්වහන්සේට නිවන්සුව පතමු......

- තිස්ස අත්තනායක
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :