ads
News
Loading...

ජගත් ගුවන්විදුලියේ දූෂණ වැඩ කලාද

ගුවන් විදුලි සංස්ථවෙි සභාපති ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ හට චෝදනා පත්‍රයක් ගොනු කර ඇති අතර එහිදී ඒ සදහා ජගත් විසින් සමාජ මාධ්‍යතුලින් උත්තරයක් දී තිබුනා.කලින් කලට ගුවන්විදුලි සභාපතිවරයන්ට මීට පෙරද චෝදනා තිබුනා.


අතිගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

වත්මන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති සහ සිදුකරමින් සිටින දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳව දැනුවත් කිරීම.

මොහු ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වීමෙන් පසු
සිදුකරමින් තිබෙන දූෂණ, මූල්‍ය වංචා සහ අක්‍රමිකතා

සභාතිවරයාට ගුවන්විදුලි සංස්ථාවෙන් ලබා දී ඇති වාහනය වන්නේ KR – 2480 අංක දරණ මෝටර් රථයයි. ඒ සඳහා රියදුරෙක් පූර්ණකාලීනව වෙන්කර ඇත. එසේ තිබියදී සභාපතිවරයා තම මෝටර් රථය CAH – 4048 පාවිච්චි කරන බව පවසන 2020.04.08 වන දින අධ්‍යක්ෂ (පාලන) වෙත ලිපියක් මගින් ප්‍රවාහන දීමනාව සහ ඉන්ධන දීමනාව ඉල්ලා සිටීම. ඒ අනුව ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලෙස මසකට රු.68,000/- මුදලක් මේ වන විට සභාපතිවරයා ලබාගනී. මෙසේ ඉන්ධන දීමනාව ලබාගන්නේ ඉලෙක්ටි්‍රක් වාහනයකට වීම තවත් වංචාවකි. නමුත් ඔහුට වෙන්කළ KR – 2480 මෝටර් රථය හා රියදුරු එලෙසම තබා ගනිමින් එම පහසුකම් ද පරිහරණය කරයි. ඔහුගේ මෝටර් රථයේ නිවසේ සිට කාර්යාලයට පැමිණ එය කාර්යාල භූමියේ නවතා දිවා කාලයේ සියලු ප්‍රවාහන කටයුතු ආයතනය මගින් ලබා දී ඇති මෝටර් රථයෙන් සපයා ගනිමින් රියදුරු ද පාවිච්චි කරමින් නැවත නිවසට යාමට තමන්ගේ මෝටර් රථය පාවිච්චි කරයි. ආයතනයෙන් ලබා දී ඇති මෝටර් රථය ඔහුගේ ලේකම්වරිය ගෙන ඒමට සහ සවස නිවෙසට ගෙනයාමට ද යොදා ගනියි. කොළඹින් බැහැර යන සියලු ගමන් සඳහා සංස්ථාවෙන් අමතර ඉන්ධන සහ ආයතනය මගින් ලබාදී ඇති KR – 2480 මෝටර් රථය හා රියදුරු භාවිතා කිරීම සිදු කරයි. විශේෂයෙන් ඔවුන්ගේ පවුලේ පෞද්ගලික ගමන් සඳහා ආයතනයේ වාහනය පරිහරණය කරනු ලබයි. (මීට අදාළ සියලු ලේඛන අමුණා ඇත.)
ගුවන්විදුලි සංස්ථාවේ සමස්ත වහලය සෝලා පවර් තාක්ෂණය මගින් විදුලිය නිපදවීමට කරනු ලබන ව්‍යාපෘතිය සභාපතිවරයාගේ නිවස “සෝලා පවර්”කරන ලද සමාගමට (Best Life) ලබා දී අදාල සියලු වාර්තා සකස් කර ඇති අතර ඔවුන් සමඟ කොමිස් මුදලක් ලබා ගැනීමට සාකච්ඡා කිරීම. (මෙම Best Life ආයතනය පිරමීඞ් මුදල් වංචා කරන ආයතනයකි.)
අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත (ඉහළින් ආපු ඕඩර් එකක්) යැයි පවසමින් මැතිවරණ කාල පරිච්ඡේදය තුළ “සේවා අවශ්‍යතාවය” යන වචනය භාවිතා කරමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඉන්දික ජයරත්න පත්කිරීම සහ වෙනත් තනතුරු ගණනාවක් නිර්දේශ කිරීම.
2020 මාර්තු 09 දි මාතර රබීන්ද්‍රනාත්තාගෝර් ශාලාවේ පැවැති “රෑ ඉරපහන” (බන්දුල නානායක්කාරවම් මහතාගේ) ප්‍රසංගයට සහභාගීවීම සඳහා සිය පවුලේ සියලු දෙනාත් සමඟ ගොස් එම ප්‍රසංගයට සහභාගී වී මුදල් ද රැගෙන, රුහුණු සේවයේ නිරීක්ෂණ සඳහා සහභාගී වූ බවට පවසන සියලු ඉන්ධන, ප්‍රවාහන, ගුවන්විදුලි සංස්ථාවේ බිලට එක් කිරීම.
එලෙසම ඔහුගේ ඥාතියෙකු නුවරට රැගෙනයාම සඳහා ආයතනය මගින් ලබාදුන් මෝටර් රථයේ නුවරට ගොස් එම පෞද්ගලික කටයුතු කර කඳුරට සේවය නිරීක්ෂණයට ගිය බවට ගුවන්විදුලි සංස්ථාවේ බිලට සියල්ල එක්කිරීම.
ගුවන්විදුලි සංස්ථාව සතු ලක්ෂණ ගත පැරණි ගීත සංචිතය සභාපතිවරයාගේ පරිගණකයට Access (පරිහරණ කළ හැකි හා ගෙනයා හැකි) ලෙස ලබාගෙන ගීත විශාල මුදලක පුද්ගලික ආයතනයකට විකිණීම.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටිමින්, දෙරන ලිට්ල්ස්ටාර්, හිරු, සිරස ස්වරණවාහනි සහ සමගාමී පුද්ගලික ගුවන්විදුලි නාලිකා ප්‍රවර්ධනය සඳහා සහභාගී වීම.
ගුවන්විදුලි සංස්ථාවේ නීති නිලධාරිනිය බියගන්වා ඇගෙන් ලිපියක් ලබාගෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර සභාපතිවරයාගේ ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරිය ලෙස පත්කිරීම. එමගින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ තමන්ට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට කටයුතු කිරීම.


ජගත් ලියූ පිළිතුර

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :