ads
News
Loading...

ටැන්සානියාවෙන් මතුවූ දුර්ලභ පාෂාණ



 මැණික් දෙකේ බර පිලිවෙලින් 9.2 kg හා 5.8 kg 

අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ සුළු පරිමාණ පතල් හිම්යෙකුට ඉතාමත් දුර්ලභ ඝනයේ මෙන්ම මෙතෙක් ටැන්සානියාවේන් හමු වූ විශලතම මැණික් ගල් දෙක හමුවීමේ ඉතා වාසනාවන්ත සිදුවීමක් වාර්තා වී ඇත.

52 හැවිරිදි මෙම පුද්ගලයාගේ නම ලැයිසර් නම් වන අතර ඔහුට හමු වූ මැණික් දෙකේ බර පිලිවෙලින් 9.2 kg හා 5.8 kg වී ඇත .. ඔහු මෙම දුර්ලභ ඝනයේ මැණික් ගල් දෙක එරට රජයේ මැදිහත් වීමෙන් වානිජ් බැංකුවක් වෙත අලෙවි කර ඇති අතර ඔහුට ඒ සදහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2.4 හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 3.4 හිමි වී ඇත .. එනම් ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 6 460 එනම් මිලියන 646 හෙවත් කෝටි 64 කි
ඔහුට මෙම මැණික් ගල් දෙක හමුවීමට ප්‍රථම ටැන්සානියාවේන් වාර්තා වී තිබු විශාලතම මැණික් ගල 3.3. kg වී ඇත ..52 හැවිරිදි ලැයිසර් ට භාර්යාවන් 4 දෙනෙක් සිටින අතර දරුවන් ද 30 දෙනෙකි ..
 තම මෙම මුදලින් පාසලක් මෙන්ම වෙළද සංකීර්ණයක් ද ඉදි කරන බවත්  ලැයිසර්  පවසා ඇත.. එම පාසැල තම නිවෙසට ආසන්නයෙන් පිහිටුවන බවත් ප්‍රදේශයේ පාසල් නොයන විශාල දරුවන් පිරිසක් සිටින බවත් ඔවුන්ට මෙම පාසැලින් දැනුම ලබා දීමට පියවර ගන්නා බවත් පවසා ඇත ..එසේම තමන් සුපුරුදු පරිදි මෙම  කර්මාන්තයේ මෙන්ම තමන් සතු 2 000 වූ ගවයින් බලා ගනිමින් ජිවත් වන බවට පවසා ඇත ..තමන් අධ්‍යාපනයක් නොලබා ඇති හෙයින් තම දරුවන් හරහා මෙම මුදල වඩාත් ප්‍රයෝජනවත්  ක්‍රියා මාර්ග වල යොදවන බවට පවසා ඇත ..
 2015 බලයට පත් ටැන්සානියාවේ ජනපති මැගුෆුලි එරට අවධිමත්ව ක්‍රියාත්මක වූ පතල් කර්මාන්තය නීතිගත කිරීමට ක්‍රියාමාර්ග ගත් අතර කිලෝමීටර 24 පරිමිතියෙන් යුතු  විශාල වශයෙන් මැණික් ලැබෙන  ප්‍රදේශයක් හරහා  විශාල තාප්පයක් ඉදිකර හමුදාව යෙදවිය .. ඉන්පසුව එරට සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට  ද රාජ්‍ය මැදිහත් වීමෙන් මැණික් ගැරීමට ඉඩ ලබා දුන් අතර අනවසර  පතල් කර්මාන්තය මැඩිමට පියවර ගන්නා ලදී ...tanzanite  නමින් මැණික් ගල් විශේෂයක් මෙම ප්‍රදේශයෙන්  ලැබෙන අතර එම මැණික් ගල් විශේෂය දැනට ලොවෙන්ම  සොයා ගැනෙන්නේ මෙම ප්‍රදේශයෙන් පමණක් බවටත් වාර්තා පල වේ .. රජයේ  ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අනවසර මැණික් ගැරීම් අවම වී ඇති අතර රජයේ ආදායමද ඉහල ගොස් ඇත. පවතින වාර්තා අනුව මෙම මැණික් නිධිය ඉදිරි වසර 20 කාලය තුල ක්ෂය වී යාමට ඉඩ ඇත 
මෙම මැණික් ලැබීමත් සමග ලැයිසර්  ට සුබ පතා ඇති එරට ජනපති වරයා වන  මැගුෆුලි පවසා ඇත්තේ මෙම මුදල් විදිමත් අයුරින් ආයෝජනය කරන ලෙසයි .. එසේම ඔහු පවසා ඇත්තේ එරට තිබෙන වස්තුන් හි අයිතිය විදේශිකයින්ට  නොව තම ජාතිකයින්ට බවත් විදේශ ආයෝජන පිළිගන්නා අතරම දේශීය ජනතවටද දියුණු වීමේ මංපත් විවර කිරීම තම රජයේ  අරමුණ බවයි..
 නිවැරදි එල්ලය, ධෛර්යය කැපවීම  හා නොපසු බට උත්සාහය තමන්ට මෙම වාසනාව  උදා කර දුන් බව පවසයි ..ඒ සදහා තමන්ට සහය වූ සියලු දෙනාට ඔහු ස්තුතිය පල කර ඇත ..

ජෝසප් ඩයස් 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :