ads
News
Loading...

මැරීන් සෙබලෙකුවූ අම්පාරේ කොල්ලා





අද මම ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක්. AH 64 Apache කියන්නෙ ලෝකෙ තියෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය.

   ලංකාවෙ ඉපදිලා ඇමරිකාවෙි මැරීන් භටයෙක වෙන එක ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙි.අද ගොසිප්ලන්තය කතාකරන්නෙ අනූජ් ගැන.

අනූජ්ගේ කතාව පහලින්

මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි . මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා . ඒ කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න .
මූලික ශාරීරික යෝග්‍යතාවය නැහැ කියලා එතනදි මාව ප්‍රතික්ෂේප වෙනවා.
ඒ නියමිත බර සහ පපුව නොතිබූ නිසා.

නිල ඇඳුමට තිබුන ආසාව නිසා දෙවැනි වරටත් මම ඒ සම්මුඛ පරීක්ෂණයට ම යනවා ඊළඟ අවුරුද්දේ.

" ආපහු එනවා නම් හොඳට කාලා ඇඟ හදාගෙන එන්න " කියල එතන ඉන්න අය මට හිනා වුණා. ඒ සැරෙත් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්. ඒ දවසේ ගොඩක් දුකෙන් ගෙදර ආවා.

තුන්වෙනි සැරේට රහස් පොලිස් සේවයට බැඳෙන්න අයදුම් පතක් ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයක් පවා නැතිව , මාව අදාළ තනතුරට බඳවා නොගන්නා බවට ලිපියක් යොමු කර තිබුණා. දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා මම නැවතත් ආරක්ෂක අංශයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම නතර කළා . ඒත් හැමදාම නිළ ඇඳුමට ආදරේ කලා . හමුදාවට එක්වන හීනෙ කවදාවත් හිතින් අත්හැරියේ නැහැ.

ඔය අතරතුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය ට එන්න අවස්ථාව මට ලැබෙනවා . එහි දී වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවක , හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් බදවා ගැනීම් සඳහා පාසලට පැමිණ ළමුන් සමග කතා බහ කරමින් සිටිනවා මම දකිනවා. මම මේ සංවාදය අසා සිටින්නේ ඉතාම ඕනෑකමින්. එහි සිටි නිලධාරියෙක් එකවරම මගෙන් මෙහෙම අහනවා.

"කැමති නැද්ද හමුදාවට එකතු වෙන්න ?"

"කැමතියි " දෙවරක් නොසිතාම මම උත්තර දෙනවා. එතනින් පස්සෙ සිද්ද වෙන හැම දෙයක්ම හීනයක් වගේ. හමුදාවේ ලිඛිත පරීක්ෂණය වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙනුත් මම සමත් වෙනවා.

අද මම ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක්. AH 64 Apache කියන්නෙ ලෝකෙ තියෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය.

ප්‍රතික්ෂේප වීම් කියන්නේම ජීවිතයට ආශිර්වාදයක් . හීන පස්සේ දුවන්න . ඒ හීන ඇත්තටම සිද්ධ වෙනවා වගේ දකින්න. අන්තිමට ඔබ ජයග්‍රහණය කරනවා.
ඒක ස්ථිරයි.

- අනුජ් පූජිත ගුනවර්ධන -

 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :