ads
News
Loading...

දරුවන් වෙනුවෙන් රියැලටි හදන නාලිකා ළමා අපචාර සිදුවීම් වලදී කර ඇරියාද



මෙම සිදුවීම තුල ඇති හිරිකිතම කතන්දරය වන්නේ මෙකී තැනැත්තා එක්තරා නාලිකාවක පුංචි තිරය තුල ළමා රියැලටියක පසුතලය හැදූ අයෙකු වීමයි.මෙය බොහෝ නාලිකාවල ප්‍රධාන පුවත නොවුනේ එයින් වක්‍රාකාරයකට ඔවුන්ගේ නාලිකාවලට පහර වැසෙන නිසාය.ඇත්තටම එවන් රියැලටි කරගෙන යන අය මෙම සිදුවීමෙිදී ආදාල පුද්ගලයාට එරෙහි ව වැඩසටහනක් හෝ කල යුතුවීම යුතුකම බව ගොසිප්ලන්තය අපේ අදහසයි.


දරුවන්ට ලිංගික අතවර කර තැටි විකිණූ ‘පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ’ සියලු තොරතුරු මෙන්න.

බාල වයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ගුරුවරයා ‘රියැලිටි’ වැඩසටහන් පසුතල නිර්මාණකරුවකු ද වනවා.

පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නමැති 54 හැවිරිදි පුද්ගලයෙක් වනවා.
ඇතැම් අවස්ථාවල මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත‍්‍රපට ආකාරයට රූගත කිරීම් සිදුකර ඇතැයි හෙළිවූ බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුගෙන් අපයෝජනයට ලක්වූ තවත් දරුවන් සිටීනම් කොල්ලූපිටිය පොලිසියේ 0718-591570 ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඉහත කී පුද්ගලයා ඉතා උපක්‍රමශීලීව බාලවයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන කටයුතු සඳහා යොදවාගෙන එම සිද්ධීන් වීඩියෝ ගත කර විදේශ රටවලට අලෙවි කර මුදල් ලබාගන්නා බවට බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

.සැකකාර පුද්ගලයාගෙන් ලබාගත් ප්‍රකාශ මත ඔහුගේ නිවෙස පරික්ෂා කිරීමේදී ඉහත කී දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන සීඩී තැටි 135ක් හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්,මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අදාල සැකකාර පුද්ගලයා

මෙකී සැකකාර පුද්ගලයා කොළඹ අවට විවිධ ප්‍රදේශවල ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වාගෙන ගොස්ඇති බවත් ඊට අමතරව ඔහු එම දරුවන් ඔහුගේ නිවෙස වෙත ගෙන්වාගෙන ඉගැන්වීම් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් එවැනි අවස්ථාවලදී සැකකාර පුද්ගලයා ඉතා උපක්‍රමශීලීව එම පන්ති සඳහා සහභාගි වූ වයස 10 හා 12 අතර පසුවන බාලවයස්කාර පිරිමි දරුවන්ට ඉතා සූක්ෂ්ම අන්දමින් මෙකී අපයෝජන සිදුකර ඇති බවද පොලිසිය පවසනවා.
මෙම සැකකාර පුද්ගලයා විවාහකයකු බවත් බිරියගෙන් වෙන්ව ජීවත් වන අයකු බවද පොලිසිය පවසනවා.

මෙම දරුවන්ව අපයෝජන කටයුතුවලට ගැනීම සඳහා උපක්‍රමශීලී පියවරක් වශයෙන් ඔහු එම දරුවන්ට තෑගි බෝග පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවද අපයෝජනයට ලක්වූ දරුවන් දෙදෙනකු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත එම පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත හා කාන්තා පොලිස් කොස්තාපල් කුමාරි යන අය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වනවා.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :