ads
News
Loading...

සංකල්ප තරම් වටිනා දෙයක් කලාව තුල නෑ



මුලින් set runner කෙනෙක් විදියට වැඩ කරන්න පටන්ගත්තා...

"මොන සිනමාවක් වුනත් මේ මොහොතේ පවතින සිනමා තාක්ෂණයට අනුගත නොවෙනවා නම් ඒවා අසාර්ථක සහ ප්‍රේක්ෂක ආකර්ශනයෙන් තොර වෙන්න පුළුවන්"



සිනමාවට කල එලිබහින ඔහු තමන්ගෙ කෙටි චිත්‍රපටි නිර්මාණ අතරෙ තවත් චිත්‍රපටියක් ගැන සූදානම් වන මොහොතක ගොසිප්ලන්තය Art one කතාබහ සදහා මෙි විදියට එකතු⁣කරගත්තෙ හසු දිසානායකව

හසු සිනමාව ගැන උනන්දු වෙච්ච ජීවිතේ සුවිශේෂ තැනක ඇති?

පාසල් කාලෙදිමයි..
මම ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට, ඉස්කෝලේ යන කාලේ මම ⁣පාසලේ හොඳම නළුවා වුණා. එතනින් නාට්‍ය කලාව කෙරෙහි සහ රංගනය කෙරෙහි විශේෂ ආසාවක් ඇති වුණා.
ඒ ආශාව සහ උනන්දුව සිනමාව පැත්තටත් යොමු වෙන්න ගත්තේ පාසලේ උසස් පෙළ හදාරන කාලයේ. ඒ කාලේදිම මම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් කෙරෙන තැන්වලට ගියා. ඒ ගිහිල්ලා දවස් ගණන් තැන් තැන්වල ඉඳන් මේ රූගතකිරීම් ⁣දිහා බලාගෙන හිටියා. ඒ අතරතුර දී මට අවස්ථාව ලැබුණා set runner කෙනෙක් විදියට වැඩ කරන්න. ටිකෙන් ටික ඒක ඉදිරියට යද්දී මට හිතුණා මේ ගැන ඉගෙනගන්න. ඒ නිසා මම උසස් පෙළ හදාරන කාලෙම හිතාගෙන හිටියා සිනමාව හදාරන්න ඕන කියලා. ඉතින් පාසල් යන අතරතුරම ඉගෙනගන්න වගේම වැඩ කරන්න පටන්ගත්තා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී අධ්‍යයනය උපාධිය හදාරන්න අවශ්‍ය විදියට උසස් පෙළ හදාරලා අද වෙද්දී ඒ උපාධිය තවමත් අවසන් වසරේ විද්‍යාර්ථියෙක් විදියට හදාරන ගමන් ලංකාවේ සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරගෙන යනවා


අද වෙත්දි ලෝක සිනමාවෙි නව ප්‍රවනතාවය අපේ රට අදුනගෙන තියෙනවද
මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්.
සිනමාවේ නව ප්‍රවණතාවය කිව්වාම මේක කොටස් කිහිපයකින් ⁣කතා කරන්න පුළුවන්. එකක් තමයි තාක්ෂණය, අනික කතා වස්තු සහ කතා සංකල්ප භාවිතය. මීට අමතරව තවත් අතුරු කාරණාව තියෙනවා. මෙතනදී ලෝක සිනමාවේ භාවිත වන තාක්ෂණය අද වෙනකොට ලංකාවේ සිනමාව තුළ දියුණු මට්ටමක භාවිත නොවක බව අපි දන්නවනේ. මම විශ්වාස කරන විදියට තාක්ෂණයෙන් තොරව සිනමාවක් නෑ තමයි, ඒත් තාක්ෂණය අභිබවා ගිය කාර්යභාරයක් සිනමාවට තිබෙනවා. ඒ තමයි වඩාත් අාකර්ශණීය කතා වස්තු සහ කතා සංකල්ප ගොඩනැගීම. අද ලෝකයේ වටිනාම දේ තමයි මේ කන්සෙප්ට් කියන දේ. මිනිස් මනසේ චින්තනය, සංකල්පය තරම් වටිනා දෙයක් කලාව තුළ නෑ. ඉතින් තාක්ෂණය දියුණු නෑ කිය කියා අවලාද නඟන අපි කතා වස්තු සහ සංකල්ප කෙරෙහි අලුතින් හිතන්න පටන් අරන්ද කියලා අපිම අපෙන් ප්‍රශ්න කරගත යුතුයි. එතනදී සිනමාවේ නව ප්‍රවණතා කියන්නේ තාක්ෂණය ඉක්මවා ගිය සංකල්පීය දියුණුවක් කියලයි මගේ විශ්වාසය, ඒ ගැන තවමත් රටක් සහ කර්මාන්තයක් විදියට අපි තරමක් පසුපසින් කියලත් හිතෙනවා.

ඔබ සිනමාව තුලට පිවිසෙන්නෙ කෙටි චිත්‍රපටි හරහා එහි සංකල්ප ගොඩනැගුනේ කොයි කාලෙද?
පාසලේ උසස් පෙළ හදාරන කාලෙදිමයි මම කෙටි චිත්‍රපට කියන සංකල්පය කෙරෙහි නැඹුරු වුණේ. ඒත් ඒ සිනමාව හෝ කෙටි චිත්‍රප⁣ටකරණය කෙරෙහි දැනුමක් ඇතුව නෙවෙයි, හුදෙක් ආසාවක් සහ උනන්දුවක් පමණයි. ඉතින් පුංචි වෙලාවක් අැතුළත අපූරු කතාවක් ඉදිරිපත් කරන්න කෙටි චිත්‍රපට නිර්මාණය කරන්න කිසිවක් නොදැන ඇරඹුවා පාසල් යන කාලෙදි.


නවක අධ්‍යක්ෂකවරයෙක්ට නිෂ්පාදකවරයෙකු මුණ නොගැසීම හොද චිත්‍රපටිකාරයෙක් මතුවෙන්න කාලය වැඩි කරවනවා.ඊටඑකගද

ඕනෑවටත් වඩා එකඟයි!
මොකද මම වෙද්දී කෙටි චිත්‍රපට, කෙටි වාර්තා චිත්‍රපට ආදී නිර්මාණ 12ක් පමණ කරලා තියෙනවා.
ඒ සියල්ලක්ම නිෂ්පාදනය කළේ මා විසින්මයි. සිනමාපට හතරක් සහ ටෙලි නාට්‍ය දෙකක් නිර්මාණය කිරීම සඳහා සංකල්ප හිතේ දරාගෙන තවමත් බලන් ඉන්නවා නිෂ්පාදකයෙකු මුණගැහෙන තෙක්. ⁣ඒ අතරින් ඇතැම් නිර්මාණවල තිර පිටපත පවා රචනා කර හමාරයි. ඒත් තවමත් අත් නොහැර නිර්මාණකරණයේ යෙදෙනවා නිෂ්පාදකයෙකු හමුවුවත් නොවූවත්.


හසූ හිතන විදියට තාක්ෂණිකව අප සිනමාව ස්පර්ශය කලයුතුයි යන කාරණාව ක්ෂේත්‍රයේ අය නෙදෙන්නවාද නැතනම් නොදන්නවා සේ සිටිනවාද

ඔබ දන්නවා ලංකාවේ සිනමාව බෙදා දක්වා තියෙනවානේ ජනප්‍රිය හෙවත් වාණිජ සිනමාව සහ කලාත්මක සිනමාව කියලා. මම නම් පෞද්ගලිකව මේ බෙදීමට එකඟ නැහැ. ඒත් මේ බෙදීම අැතුළේ බොහෝ දෙනෙක් සිතා සිටිනවා මේ ජනප්‍රිය සිනමාව තාක්ෂණය අතින් ටිකක් ඉහලයි. කලාත්මක සිනමාව තුළ නම් එ් තරම් තාක්ෂණික වැඩකෑලි නෑ කියලා. මම අපේ ව්‍යවහාර භාෂාවෙන්ම කිව්වේ මේ අපේ රටේ පොදු ප්‍රේක්ෂකයා වගේම ඇතැම් සිනමා ක්ෂේත්‍රයට අදාළ අයත් කියන කාරණා එක්ක. නමුත් මම හිතන විදියට නම් මම කලිනුත් කිව්වා වගේ මේ ජනප්‍රිය සිනමාව නෙවෙයි, කලාත්මක සිනමාව නෙවෙයි මොන සිනමාවක් වුනත් මේ මොහොතේ පවතින සිනමා තාක්ෂණයට අනුගත නොවෙනවා නම් ඒවා අසාර්ථක සහ ප්‍රේක්ෂක ආකර්ශනයෙන් තොර වෙන්න පුළුවන්. සියළු ප්‍රේක්ෂකයන් සිනමාවේ සංකල්ප කෙරෙහි ආශාක්ත නෑනේ. තාක්ෂණික ඉදිරිගාමී බව තිබිය යුතුයි. ඉතින් මට හිතෙන්නේ මෙන්න මේ කාරණාව තේරුම්නොගත් බව තමයි ගොඩක්ම තියෙන්නේ.

ඒ අතර ඇතැම් අය අය මේ ගැන දැන දැනත් ඒ පිළිබඳට නොසලකා හැරලා ඉන්නවා කියලත්.කියන්න පුළුවන්.



හසූගේ මීලග සූදානම ගැනත් කියමු
ඇත්තෙන්ම මම වර්ෂයේදී සිනමා නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටියා. එහෙත් රටේ පැවතුණු ගෝලීය වසංගත තත්ත්වය නිසා ඒ සිනමා නිර්මාණ බලාපොරොත්තුව කල් දමන්න සිදු වුණා. ඉතින් ඒ සිනමා නිර්මාණය හෝ ටෙලි නාට්‍යයක් හෝ ⁣කරන්න බලාපොරොත්තු වෙනවා ලබන වසරේ. ඒ දෙකම කරගන්න බැරි වුනත් එයින් එකක හෝ නිෂ්පාදන කටයුතු ලබන වසරේ නිම කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු, වෙන්න තියෙන දේවල් නම් ඉතින් සිදු වේවි.

බොහොම ස්තූතියි ඔබටත් මේ වටිනා කතාබහට තරුණ නිර්මාණකරුවෙක් ලෙස මා එක් කරගත්තාට!













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :