ads
News
Loading...

බදුර්දීන් අැතුළු අප එදා එකට වැඩ කලා


"බදියුදීන් අමාත්‍යවරයා ඇතුළුව අප සියළු දෙනා
ජාති භේදයක් - කුලමල භේදයක් නැතිව එදා එකට වැඩ කළා."
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට පාලනය කරන සමයේ, එවකට අමාත්‍යවරයෙකුව සිටි රිෂාද් බදියුදීන් සමග තමන් එක්ව වැඩ කළ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ කාලයේ දී කිසිදු ජාතිභේදයක් හෝ ආගම් භේදයක් නැතිව හැමෝම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීමට අමාත්‍යවරයා ඇතුළු පිරිස කැප වූ බවද ඔහු පවසයි.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සභභාගී වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කර සිටියා.

“වන්නිය දිස්ත්‍රික්කය හෝ වව්නියාව කියන්නේ මට නුපුරුදු තැනක් නොවෙයි.
(මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී,) අවතැන්වූවන් පිළිබද නිසි බළධාරියා ලෙස මාව පත් කර තිබුනා. ඒ කාලයේ, නැවත පදිංචි කිරීම පිළිබද අමාත්‍යවරයා හැටියට හිටියේ, වර්තාමන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් අමතා්‍යවරයා. අපි සියළු දෙනාම, කිසිදු ජාතිබේදයක් - ආගම් බේදයක් හෝ කුලමල භේදයක් නැතිව හැමෝම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරමින්, සෑහෙන ප්‍රගතියක් මේ දිස්ත්‍රික්කය තුළ ඇති කළා.”
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :