ads
News
Loading...

ආන්දොලනාත්මක සාරි විලාසිතාව ගැන හෂා කිව්ව ඇත්ත කතාව මෙන්න





පහුගිය දවසක සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වෙච්ච මනාලියක් ව හොයාගෙන යන්න ගොසිප්ලන්තය හිතුවා.ඇය මොඩිලින් ක්ෂේත්‍රයේ ඉදිරියට ඇදෙන චරිතයක්.හෂා රික්ෂිිිනී මෙවර ආට්වන් විශේෂාංගය හා එකතුවුනේ මෙහෙමයි.

දක්ෂතාවය අනුව ලොකු තරගකාරිත්වයක් තියෙනව...

ඒ ෂූට් එකට පැසසුම් වගේම විවෙිචනත් ලැබුනා...

හෂා මොඩ්ල් වලදි වැඩිපුර දකින්න ලැබුන්නෙ මනාලියක් විදියට නේද?

ඔව්.මම මීට කලින් casual shoot කලා. ඒත් මම දැන් වැඩිපුර මානාලියක් විදිහට තමයි shoot වලට පෙනී සිටින්න කැමති.මම ගොඩක්ම කරනනේ moden කැන්ඩියන්.


අද වෙත්දි මෙි ක්ෂේත්‍රයේ ඉහලට යන්න ලොකු තරගකාරී බවක් තියෙනව ඒ ගැන අදහස?

ඔව් අද මේ ක්ෂේත්‍රයේ ලොකු තරගකාරීත්වයක් තියනවා.මොකද අදවෙනකොට ගොඩක් girlsla මේ fild එකත් එක්ක සම්බන්ධ වෙලා තියනවා. ඉතින් ඒ ඒ අයගේ දක්ශතා අනුව ලොකු තරගකාරීත්වයක් මේ fild එකේ දකින්න තියනවා.

ඇතැම් නිර්මාණ හරහා මොඩ්ල් ක්ෂේත්‍රයේ අය රගපෑමට එන්න ලැබෙනව.වඩා වටින්නෙ එහෙම රංගනයට එන්න ලැබීමද?

ඒක ඉතින් එක එක අයගේ කැමැත්ත අනුව තමයි. මම හිතන්නේ රංගනයට එනවානම් ඒ ගැන හොදට හදාරලා එන එක තමයි හොදම

ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට යන කෙනෙකුට මෙය වැදගත් වෙන්නෙ කෝමද

ඔව් යමක් ඉගෙනගෙන ආවොත් තමයි දිගටම රැදී ඉන්න පුලුවන්.

මුල් කාලෙ කරපු නිර්මාණයක් නැවත කරන්න ලැබෙනවනමි එයට එකග වෙනවද

ඔව් අනිවාර්යයෙන්ම. මම මේ වෙනකන් කරපු නිර්මාණ ගොඩක් සාර්ථක වුනු නිර්මාණ.ඉතින් මම කැමති ඒවාගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න

පහුගිය දවසක කල සාරි විලාසිතාවක් ආන්දොලනයට ලක්වුන නේද

ඔව්.ඇත්තටම ඒක ගොඩක් සාර්ථක වුනා. මම නොසිතූ විදිහට එක දවසක් ඇතුලත ගොඩක් ප්‍රෙක්ෂකයින් අතරට ඒ නිර්මාණය ප්‍රචාරය වුනා. ඒකට ගොඩක් දෙනාගෙන් පැසසුම් හා විවේචනය එල්ල වුනා.මොකද ගොඩක් අය කියුවේ සම්ප්‍රදායික මනාලියක් විදිහට එහෙම ඒ සාරිය සුදුසු නෑ කියලා.ඒත් හොදට බැලුවොත් පේනවා ඒක සම්ප්‍රදායික සාරිය නොව වෙනස්ම ආකාරයක සාරි එකක් කියලා.විශේෂයෙන් මතක් කරන්න ඕනි මට හැඩ ගැන්නුවේ salon woleena එකේ තිලිනි අක්කා. රූපගත කලේ ලක්ෂාන් මදුසංක.

කරපු නිර්මාණයකට තව කෙනෙකු බැන්නොත් ඒ ගැන ඔයාගෙ ප්‍රතිචාර කොයිවගේ එකක්ද?

ඕනම කෙනෙකුට නිර්මාණයක් ගැන තම මතය ඉදිරිපත් කිරීමට අයිතිය තියනවා. ඉතින් පැසසුම් ගැරහුම් වලට සූදානමින් තමයි මේ ක්ෂේත්‍රයේ අපි රැදී ඉන්න ඕනි.

රංගනයට සිනමාවට අනාගතයේ යොමුවනවද

මම පොඩිකාලයේ ඉදන් හදාරපු විශයක් තමයි නාට්‍ය හා රංග කලාව.6 වසරේ ඉදන් මම ගොඩක්ම ස්ටේජ් ඩ්‍රාමා වලට සාභාගී වුනා. ඒවායින් ගොඩක් ජයග්‍රහණය ලබාගෙන තියන්වා.ඉතින් මම ගොඩක් ආසයි රංගනයට සිනමාවට පිවිසෙන්න හොද නිර්මාණ වලින්

උදව්කරපු අය ගැනත් අවසාන වශයෙන්ම මතක්කරමු.

ඇත්තටම මගෙ husband මට ලොකු help එකක් දෙනවා. මම රංගනය හදාරපු මගේ ගුරුවරුන්. ඊට අමතරව මගෙ පව්ලේ අය යාළුවෝ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා.
























Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :