ads
News
Loading...

අන්ධ පුද්ගලයාට උපකාර කල අපේ කාලේ රාජ්‍ය සේවකයෙකුගේ ආදර්ශමත් වැඩක්



ධීවර දෙපාර්තමේන්තුවේ හලාවත අධ්‍යක්ෂක ධූරය දරන අනුර ජයසේකර මහතා රාජ්‍ය සේවකයෙකු ලෙස මෙි දිිනවලකතාබහට ලක්වන්නේ සුවිශේෂී සිදුවීමක් හරහා.අපි ඒ ගැන උපුටා ගත්තේ ඔහුගෙන්

මෙම ඡායාරූපයේ වාඩිවී සිටින තැනැත්තා යාපනයේ කරෙයිනගර් පදිංචි එම ප්‍රදේශයේ අන්ධ විද්‍යාලයක ගුරුවරයෙකු වන අන්ධ පුද්ගලයෙක්. ඔහු හලාවත ප්‍රදේශයේ කෙනෙකුගෙන් බෝට්ටුවක් මිළදී ගෙන තිබුනද එය නීත්‍යානුකූලව පවරාගෙන නැහැ. එය නීත්‍යානුකූලව පවරා ගැනීම සඳහා හලාවත බස් නැවතුමේ සිට මෙම ඡායාරූපයේ සිට ගෙන සිටින අයගේ ත්‍රී රෝද රථයෙන් හලාවත ධීවර කාර්යාලයට ගොස් තිබෙනවා. අද හලාවත කාර්යාලයේ සියලුම නිලධාරීන් රැස්වීමක් සඳහා මහවැව දිස්ත්‍රික්ක කාර්යාලයට මා කැඳවා තිබුණා. හලාවත කාර්යාලයේ නිලධාරීන් නොසිටි නිසා ත්‍රී රෝද රථ රියදුරා මෙම අන්ධ තැනැත්තාව මහවැව දිස්ත්‍රික් කාර්යාලයට රැගෙන විත් තිබුනා.
මෙම යාත්‍රාව නීත්‍යානුකූලව පැවරීමට නම් යාත්‍රාව විකුණන ලද තැනැත්තාගේ අත්සන අදාල ෆෝර්ම වල ලබාගත යුතු වුවද මෙම අන්ධ පුද්ගලයා ඔහු පිළිබඳ විස්තර දන්නේ නෑ. කොට්ඨාසය භාර ධීවර පරීක්ෂක ඔහුව සොයා ගෙන ඔහුගේ අත්සන ලබා ගැනීමේ වගකීම ඉතා සතුටින් භාර ගත්තා. (රාජකාරිට පරිබාහිර කටයුත්තකි)

මෙම යාත්‍රාව මේ වන විට කරෙයිනගර් ප්‍රදේශයට රැගෙන ගොස් ඇති නිසා යාත්‍රාව කරෙයිනගර් තොටුපලේ ඇති බවට සහ කිසිදු නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ නොමැති බවට සහතිකයක් යාපනය දිස්ත්‍රික් කාර්යාලයෙන් රැගෙන ආ යුතු වුවද මොහු එය රැගෙනවිත් නෑ. මා යාපනය සහකාර අධ්‍යක්ෂට දුරකතනයෙන් කතා කොට එම සහතිකය අද දින ෆැක්ස් පණිවුඩයක් මගින් මහවැව දිස්ත්‍රික් කාර්යාලයට එවන ලෙස දැන්වූවා.

විනාඩි 10කින් පමණ මොහුගේ රාජකාරිය අවසන් කොට පිටත් කල අතර යාත්‍රාව පැවරීමෙන් පසු ලියාපදිංචි සහතිකය යාපනය දිස්ත්‍රික්ක කාර්යාලයට එවන බව දැන්වූවා. විශාල ආත්ම තෘප්තියක් ලැබෙන රාජකාරියක් මමත් මගේ නිලධාරීනුත් අද දින සිදු කලා.

ඒ වගේම මොහු සමග පැමිණි මෙම ඡායාරූපයේ සිට ගෙන සිටින හලාවත ත්‍රී රෝද රථ රියදුරා ගැනද සඳහන් කරන්නම ඕනැ. හලාවත මහාධිකරණය අසල ත්‍රී රෝද රථ ගාලේ තම ත්‍රී රෝද රථය නවත්වාගෙන කුලී සේවාවන් සිදු කරන මොහුට හොඳින් දෙමල භාෂාව හසුරුවන්න පුළුවන්. මොහුගේ නම ප්‍රියංකර. මෙම අන්ධ තැනැත්තා ව නිසි තැනට යොමු කරමින් හා භාෂා පරිවර්තන කටයුතු කරමින් ත්‍රී රෝද රථ රියැදුරෙකුට එහා ගිය සේවයක් සිදු කලා. ඔහු ගැනත් ලොකු ආඩම්බරයක් දැනෙනවා.

උපුටනය අවසන්

රාජ්‍ය සේවය විවිධ ලෙස වි⁣වෙිචනය කරන යුගයක අනුර මහත්මා වැනි අය රටට තවත් අවශ්‍ය බව ගොසිප්ලන්තය අපගේ හැඟීමයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :